නෙළුවේ සිට ලංකාගම දක්වා අලුතින් සිංහරාජය හරහා ඉදිකරනු ලැබූ කාපට් මාර්ගය ඉකුත් දින කිහිපය තුළ වට වර්ෂාවෙන් සේදී කැඩී ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළවූ ජායාරූපවලින් පසු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ප්‍රදේශයෙහි සංචාරයක නිරත විය.
අදාළ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ එවැනි කිසිවක් සිදුවී නැති බවත්, ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක පමණක් පස් සේදී පාරට වැටී ඇති බවත්ය.
කෙසේවෙතත් මෙහිදී ජනතාව අදාළ පාර සකස් කරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, යුද හමුදාවටත් ස්තූති තරනු දැකගත හැකිවිය.










