• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නරි හදිසියේම ගම්වදින්නේ කොරෝනා මරණ ගැන ඉව වැටිලාද?

November 14, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
නරි හදිසියේම ගම්වදින්නේ කොරෝනා මරණ ගැන ඉව වැටිලාද?
Share on WhatsAppShare on Facebook

විෂ්ණු ශර්මන් පඬිවරයා ලියූ සංස්කෘත පංච තන්ත්‍රය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ “මිතුරන් කෙටවීම” වශයෙන් සිංහලට පරිවර්ථනය කළහ. එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවෝ “කරටක” සහ “දමනක” යන සිඟාලයෝය (නරි).
“හීන් සැරය” ලීවෝ හෙළයේ මහා ශාබ්දිකයාණෝ කුමරතුඟු මුනිදස්හු මැය. එහි ප්‍රධාන චරිත අතරත් නරියා (කැණහිලා) ප්‍රධාන වේ.
කපුටා සහ කේජු කෑල්ලේ කතාව අපේ සිරුරේ ලේ මස් ඇට, ඇට මිදුළුවලට අනුගතව පරම්පරාවෙන් පරාවට අත්වැල් බැඳන් ආවකි. එහෙත් එය අපේ රටෙන් බැහැර ඊසොප් විසින් කියන ලද්දක් බව දන්නෝ ඉතා විරළයහ.
සිංහල සාහිත්‍යයේ පමණක් නොව විදේශීය ලේඛන කතාවල පවා නරියා කපටි රජෙකු බවට හැඳින්වෙන බවට අමුතුවෙන් අටුවා, ටීකා, ටිප්පණි අවශ්‍ය නැති තරම්ය.
මන්ත්‍ර ශාස්ත්‍රය යනු දේශීය පාරම්පරික ඥානයකි. ඒවා එක් එක් පරම්පරාවට ආවේණික ගුරුමුෂ්ටිගත ඥාන සම්භාරයක් මිස කැලේට කොලේට (දුටු දුටු කෙනාට ආවට ගියාට) දුන් ශාස්ත්‍ර ධර්මයක්ද නොවේ.
(පාරම්පරික ඥානය ලැබුණේ පියාගෙන් පුතාටය. නැතහොත් දියණිය භින්න කසාදයට (බිරියගේ නිවසේම පදංචි කරවා ගත්) පෙළවහට දුන් බෑණාටය. ඒ බෑණාටද අවුරුදු දහ පහළොවක් ඒ නිවසේ බැල මෙහෙවර කිරීමටද නියමිතය. කාලගෝල කතාවේ සත් වසරක් කඹුට ලද බිරිය යැයි කියන්නේ ඒ කතාවය. දැන් දැන් ගහක් ගලක් පාසා බඩගෝස්තරවාදී ගුප්ත ශාස්ත්‍රඥයෝ ජ්‍යෝතිෂඥයෝ (දළ කේන්ද්‍රයක් පවා සකසා ගත නොහැකි)බුරුතු පිටින් සිටිති. එහෙත් පැරන්නෝ ශාස්ත්‍රයේ වටිනාකම ආරක්‍ෂා කිරීම සඳහා නොගත් උත්සාහයක් නැත. ඒවා වෙනමම කිව යුතු කරුණු කාරණාය. ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානයේ මේ පිළිබඳව සුළු ඉඟියක් පමණක් තිබේ.)
සතුන් අතරින් කැණහිලා භූතාවේශී (භූතයන්, අමනුෂ්‍යයන් වැහෙන) සිව්පාවකු බව ගුප්ත ශාස්ත්‍රය (විශේෂයෙන් මන්ත්‍ර) පිළිබඳ අවබෝධයක් ඇති පැරණි ගම්මු (ගම් වාසීහු) දනිති. භූත විදා්‍යාවේ ඉගැන්වෙන අන්දමට නරියකුට ආවේශ වෙන යක්‍ෂ ආත්මය කාවේරි යක්‍ෂයාය. වරාහ, සූකර හෙවත් ඌරාට මහ සොහානාය. ගවයාට ගොපල්ලාය. වල් ඌරකුට වෙඩි තැබීමටද පහසු නැත. මහ කැලේ මැද අත ළඟම පෙනි පෙනී සිටින වල් ඌරකුට පැය ගණනක් වෙඩි තැබූවත් සතා එලා ගත නොහෙන සිද්ධීන් බොහෝය. ඒවා පසුපසින් ඇති ගුප්ත කතා අවඥාවෙන් බැහැර කරන්නන් ගැන අනුකම්පා කළ යුතුය.
හිවලා (නරියා) සේම සුනඛයාද (බල්ලා) භූතාවේශීයෙකි. මේ සතුන්ගේ ශ්‍රව්‍ය දෘශ්ටි ඉන්ද්‍රියයන් ඉතා තියුණුය. කිසියම් කෙනකු මරණාසන්න වනවිට ඒ නිවෙස් ආසන්නයේ දින ගණනාවක සිට (පියවි ඇසට නොපෙනෙන) රාත්‍රී කාලයේ (යාමයේ-ජාමයේ) භූතාත්ම ගැවසෙන බව ඉගැන්වීම මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉතාම සරල සිද්ධාන්තයකි.
මේ භූතාත්ම (අමනුෂ්‍ය බලවේග) සැරිසරන විට ඒ බව ඉවෙන් මෙන් දැන ගන්නා සුනඛයෝ (බල්ලන්) කැණහිල්ලු (නරින්) ඒ යාම වෙලාවලට (ගැමි වචනය “ජාම” වෙලාව ලෙසිනි) උඩු බුරුලන්නට පටන් ගනිති. (භූතාත්ම හා සම්බන්ධ පක්‍ෂීහුද සිටිති. යෝගා මනොතෝච සකුණච්ච ශබ්දං)
නරි රැලක් හෝ බලු රැලක් හෝ හූ කීමේ (උඩුබුරුලෑමේ) සිද්ධිය සාමාන්‍ය දෙයකි. එහි යංදුංනිමිත්තං (යම් අවාසනාවක, විපතක) ඉඟියක් නැත. විපතක විනාශයක මරණයක පණිවිඩය ගෙනෙන්නේ තනි නරියකු හෝ සුනඛයකු යාම (ජාම) වෙලාවකට හූ කීමේදීය.
ඒ හූ කීමේන් නැගෙන තරංග සංඛ්‍යාතය අස්වාභාවිකය. බිහිසුණුය. තනි නරියා යනු හදිසියේ රැලෙන් තාවකාලිකව මග හැරුණු එකකුද නොවේ. ඌ යළි රැලට එක්වේ.
එහෙත් තනි නරියා යනු තනිවම හැසිරෙන්නෙකි.
මේ කතාව විස්තර කෙරෙන්නේ කොරෝනා මාරයාගේ මරණයේ සෙවනැල්ල ලෝකය පුරා හොල්මං කෙරෙන මොහොතක මිනිසුන් බියෙන් ත්‍රස්ත කිරීමට නොවේ. සිදුවෙන්නා වූ සංසිද්ධීන් පිළිබඳව දැනුවත් කිරීම උදෙසා පමණි.)
ඈත අතීතයේ දී මියගිය අයගේ මළ සිරුරු පිළිබඳ අවසන් කටයුත්ත හඳුන්වනු ලැබුවේ කැලේ ගහනවා හෝ වල දානවා ලෙසිනි. “ව” සහ දන්තජ “ල‘” කාරයෙන් හැදෙන පදය (වල) කැලේට යෙදෙන සමාන පදයකි. මිනියක් කැලේ ගහනවා (අදත් ගම්වල භාවිතා කෙරේ) යනු අද කියන වළ දැමීම (භූම දාන) හෝ ආදාහනය හෝ කළද, අතීතයේදී කළේ කැලේ ගොස් දමා ඒමය.
පැරණි අවමංගල සිරිත් ශේෂවී ඇති වර්තමාන ගම්වලත් මළ මිනිය ඔසවා ගෙන යන කණ්ඩායමේ මුලින්ම පොරවක් හෝ කැත්තක් හෝ කරේ තබා ගත් අයෙකි. දෙවැන්නා ගිනි හුළක් (ගිනි පන්දමක්) ගත්තෙකි. තෙවැන්නා වෙඩි (බීරංගය) පත්තු කරන්නාය. අනතුරුව මෘතදේහය (මළ සිරුර) ඔසවා ගත්තවුන්ය.
පළමු යන තිදෙනා ගේ පුරෝගමනයෙන් කියැවෙන එහෙත් බොහෝ දෙනා නොදන්නා කතාව මෙසේය.
මළසිරුරු වනාන්තරයට ගෙනයාමේදී පළමුවෙන් යන මග කටු පඳුරු කපා ශුද්ධ කරමින් යායුතු විය. කැත්ත හෝ පොරෝකරු ඒ සඳහාය. දිගු කලක් තිස්සේ වරින් වර ගෙනවුත් දැමෙන මළ සිරුරු කෑමෙන් මිනී මසට හුරුව වෙසෙන ඌරන්, නරින් ගෙන් එල්ලවන ප්‍රහාරවලින් ගැලවීම උදෙසා ආරක්‍ෂකයා ගිනි හුළය. ඒ සතුන් බිය වැද්දීමට වෙඩි පත්තු කරන්නා බීරංග කරුය.
වර්තමානයේත් මළ මිනියක් වළ දැමීමෙන් හෝ ආදාහනය කිරීමෙන් හෝ පසුව දින ගණනක් යන තුරුත් සිදුවෙන ඇතැම් සිද්ධීන් ගැන අසන්නට නොලැබෙනවාද නොවේ.
මරණයේ fදාරගුලු විවරවීම පිළිබඳව පෙර නිමිති හඳුනා ගන්නා සත්ව සා පක්‍ෂින් (උලමා, උලලේනා, බකමූණා) කොට්ඨාස දක්වන ප්‍රතිචාර සහ චර්යා ධර්මද එකාකාර නොවේ.
කොරා්නා වෛරසය මතුවීමට ඔන්න මෙන්න කියා තිබියදී කුපිත වූ වියරු වූ කැනහිළුන් හැසිනෙ ආකාරයද සුළුකොට නො තැකිය යුත්තකි. අප නොදන්නා එ මෙන් තේරුම් ගත නොහැකි බොහෝ දේ සිදුවේ.
රඹුක්කන හල්පිටියේ ශ්‍රී ශෛලාරාමාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ (අවසරයි) හපුගොඩ ධම්මපාල නායක හාමුදුරුවන් වහන්සේ කැණහිළුන්ට (නරන්ට) සුනඛයන්ට (බලලන්ට) පිස්සු වැටීම පිළිබඳව (මේ ලියුම් කරු සමග) බොහෝ විස්තර පවසා ඇත්තාහ.
දේශීය වෛදා ක්‍ෂේත්‍රයේ මහා දැවැන්තයෙක් වූහ. උන් වහන්සේ පිස්සු බලු හෙවත් ජලභීතිකාවට :්‍යහාරදචයදඉස්* දෙවියෙකි. උන් වහන්සේ රෝගීන් ලියාපදිංචි කරගන්නා ලේඛනය වරක් මට පෙන්වූ අවස්ථාවේදී එහි සංඛ්‍යාව හාර දහස (4000) ඉක්මවා තිබූ බැව් මට මතකය.
උන් වහන්සේ පිස්සුබලු රෝගය වැළඳුණු රෝගියෙකුට බොන්නට, ගාන්නට කිසිදු බෙහෙතක් දුන්නේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ හමුවට රෝගියකු ගෙනෙන ලද විටෙක කළේ ඒ මොහොතේම සාත්තු කළ (මැතිරූ) නූල් පොටක් බැඳීමය.
මේ අවස්ථාවේදී උන් වහන්සේ සිහිපත් කළ යුතු වූවේ මේ දිනවල පිස්සු නරින් විසින් මිනිසුන් සපා කනු ලබන බැවිනි.
උන් වහන්සේ පැවසූ ඇතැම් කරුණු මෙසේය.
පිස්සු බලු රෝගය සුනඛයකුට (බල්ලෙකුට) බෝවෙන්නෙ කැණහිලෙකු (නරියකු) ගෙන්. කැණහිලෙකුට බෝවෙන්නෙ කාවේරී කියන යක්‍ෂයාගෙන්. ඒ යක්‍ෂයාගේ දිෂ්ටිය (බැල්ම) වැටුණු කැණහිලාට පිස්සු වැටෙනවා. ඒ පිස්සු කැණහිලා ගෘහවාසී සුනඛයකු සපා කෑ විටෙක ඒ සුනඛයාටත් පිස්සු හැදෙනවා. ඒ සතාගෙන් තමයි රෝගය පැතිරෙන්නෙ. කාවේරී කියන යක්‍ෂයා බන්ධනය කරලා නූලක් බැන්ඳාම රෝගය සනීපය.
පිස්සු බල්ලකු සපා කෑ රෝගියකු ජලයට බියයි. ජලභීතිකාව කියන්නේ ඒ නිසයි.
ජලභීතිකාව සුවපත් වීමෙන් කෙතරම් කාලයකට පසුව හෝ ඌරු මස් හෝ අළු පුහුල් හෝ ආහාරයට ගත් පසු රෝගය යළි මතුවන බව ඇතැම් දේශීය වෛදාවරුන්ගේ මතයකි. ඒ අපත්‍ය ආහාර භුක්ති විඳීමෙන් ජීවිතක්‍ෂයට පත් වූවෝද බොහෝය. හල්පිටියෙ නායක හාමුදුරුවන්ගෙන් නේවාසිකව ප්‍රතිකාර ලද (එවකට උන්වහන්සේ දුර බැහැර රෝගීනට නේවාසික පහසුකම්ද නොමිලේ සපයා තිබිණි) රෝගියකු දින තුනකට (රෝගියකු සුවපත් කිරීමට ගතවන සම්පූර්ණ කාලය) පසුව මුදා හරිනු ලැබුවේ පුහුල් වෑංජනයක් සමග ආහාර සප්පායම් කර පන්සලේ ළිඳෙන් නෑවීමෙන්ද පසුවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝඨා විනාඩි තුනේ ‘වීඩියෝ’ ඉල්ලයි

Next Post

ජනපති දිවුරුම් දුන් රුවන්වැලිසෑයට යළි යයි (PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.