• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ අවුරුද්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 14, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ අවුරුද්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“ගෝඨා ජනාධිපති වෙලා අවුරුද්දයි. කෝ මේ අවුරුද්දට ගෝඨා කරපු කිසි දෙයක් නෑනෙ”
“ඉස්සර හිටපු ජනාධිපතිවරුන්ගෙ පළවෙනි අව්රුද්දත් එක්ක බැලුවාම ගෝඨා ෆේල්…”
“මේ අවුරුද්දෙ වෙච්ච එකම දේ කොරෝනා ආපු එක විතරයි. දැන් ඒක ගෝඨාටත් පාලනය කරගන්න බැරිවෙලා”
මේ දිනවල සමාජ මාධ්‍යවල දිගට හරහට පළවෙන්නේ ආණ්ඩුවට එරෙහි මේ වගේ පෝස්ට්ය. සමහරු ගෝඨාගෙත් පලු ඇරලා විවිධ පෝස්ට් සමාජ මාධ්‍යවල පළ කර ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
“අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ගෝඨාට මෙහෙම ගහන එක හරිද-වැරදිද?”
ඒකෙ හරි වැරැද්ද හොයල බලන්න ගෝඨාට ඉස්සෙල්ලා මේ රට පාලනය කරපු ජනාධිපතිවරුන්ගේත්, ආණ්ඩුවලත් පළමුවැනි අවුරුද්ද දිහා හැරිලා බලන්න ඕනෑය.
1947න් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා හැරිල බලනකොට මහ ඡන්දයකින් හෝ ජනාධිපතිවරණයකින් බලය ගත්ත කිසිදු නායකයෙක්ටවත්, ආණ්ඩුවකටවත් ගෝඨාට එල්ලවූ තරම් අභියෝගවලට මුහුණදීමට සිදුව නැත. 47න් පස්සේ ලංකාවේ බලය ගත්ත ඕනෑම රාජ්‍ය නායකයෙක්ට හරි ආණ්ඩුවකට හරි මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අභියෝග තුන වූයේ එක්කෝ උතුරේ යුද්ධයය. එහෙම නැත්නම් දකුණේ කැරැලිය. එහෙමත් නැත්නම් ලෝක ආර්ථික අර්බුදයන්ය. ඒවාත් ආවේ පළමු අවුරුදුවල නොවේ.
හැබැයි තමන්ගේ පළමු අවුරුද්දේ ගෝඨාට මුහුණදෙන්න සිදුවූයේ ඇහැට පේන්න තිබුණු උතුරේ යුද්ධය වගේ, දකුණේ කැරැලි වගේ, ආර්ථික අර්බුද වගේ සාමාන්‍ය තත්ත්වයන්ට නොවේ. මුළු ලෝකෙටම අසාමාන්‍ය විදිහට බලපෑ ඇහැට නොපෙනෙන කොරෝනා අර්බුදයට මුහුණදෙන්න ගෝඨාට තමන්ගේ පළමු අවුරුද්දේම සිදුවිය. මොකද මේ වගේ රෝග බියකට 1947න් පසු ලංකාවේ පමණක් නොව ලෝකයේවත් කිසිම රාජ්‍ය නායකයකු මුහුණදී තිබුණේ නැත.
1948 ඩී.එස්. පළමු වතාවට අගමැති ධුරයට පත්වී ආණ්ඩු පිහිටුවෙව්වාට පසු තමන්ගේ පළමු අවුරුද්ද කිසිම කරදරයක් නැතිව ගෙවා දැම්මේය.
ඩී.එස්.ට පසු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකත් තමන්ගේ පළමු අවුරුද්දේ කිසිදු ගැටලුවකට මුහුණ දුන්නේ නැත.
බණ්ඩාරනායකගෙන් පසු බලය ගත් මැතිනියටවත් පළමු අවුරුද්දේ ගැටලුවක් ඇතිවූයේ නැත. මැතිනියට මුහුණදෙන්න තිබුණු ලොකුම ගැටලුව පැනනැඟුණේ ජවිපෙන්ය. ඒ 1971 කැරැල්ලය. එතකොට මැතිනි සිටියේ තමන්ගේ ධුර කාලයේ අවසන් අදියරේය.
ඩඞ්ලිගේ පළමු අවුරුද්දේ කිසිම ගැටලුවකට මුහුණ දෙන්නට ඩඞ්ලිට සිදුවූයේ නැත. ජේ.ආර්.ගේත් එසේමය.
හැබැයි අර්බුදයකට මුහුණ දුන්නා නම් මුහුණ දුන්නේ ප්‍රේමදාසය. මොකද ප්‍රේමදාස බලයට පැමිණි පසු 88-89 කාලයේ ජවිපෙ භීෂණයත්, උතුරේ එල්.ටී.ටී.ඊ.යත්, ඉන්දීය සාම සාධක හමුදාවේ ප්‍රශ්නයටත් මුහුණදීමට ප්‍රේමදාසට සිදුවිය. හැබැයි ඒ සියල්ල ඇහැට පේන්න තිබුණු, කනට ඇහෙන්න තිබුණු ප්‍රශ්නය.
චන්ද්‍රිකාගේ කාලයේදීත් පළමු අවුරුද්ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ගෙවා දැමීමට ඇයට හැකි විය.
එමෙන්ම ගෝඨාගේ සහෝදරයා වූ මහින්දගේ කාලයේත් එසේමය.
ඒ නිසා ඒ හිටපු නායකයන්ගේ පළමු අවුරුද්දත් එක්ක ගෝඨා ජනාධිපති වෙච්ච පළමු අවුරුද්ද සංසන්දනය කරනවා නම් ඒක ගෝඨාට කරන ලොකු අසාධාරණයකි. මොකද ගෝඨා ජනාධිපති වීමෙන් පසු කොරෝනා වසංගතය ලංකාවට එද්දී හරියටම මාස හතරක් ගතවුණා පමණි. පළමු කොරෝනා රැල්ල ලංකාවට ආවේ පසුගිය මාර්තු මාසයේය.
ඒ එක්කම ගෝඨා ජනාධිපති ධුරයට පත්වෙද්දීම ගෝඨාට ලැබුණේ හරියට කෙළින් හිටගෙන වැඩ කරන්න පුළුවන් රටක් නොවේ. 2009 යුද්ධය නිමා කිරීමෙන් පසු පළමු වතාවට මේ රටේ බෝම්බයක් පත්තුවුණේ 2019 අප්‍රේල් 21 වැනි දිනය. ඒ, ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියාය. ඒ ප්‍රහාරයෙන් ජීවිත තුන්සිය ගණනකට වඩා විනාශ වූවා පමණක් නොව රටේ ආර්ථිකයද සම්පූර්ණයෙන්ම ඒ බෝම්බයෙන් විනාශ වී ගියේය. සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණේය. බුද්ධි අංශ අකර්මණ්‍ය වී තිබිණ. රටේ ආරක්ෂාව භාරව සිටි ඉහළ තැන්වල තිබුණු හිල් හේතුකොටගෙන මුළු ආරක්ෂාවම බල්ලට ගොස් තිබිණ.
ඒ නිසා ජනාධිපති ධුරයේ දිවුරුම් දුම් සැණින් ගෝඨා මුලින්ම අත තිබ්බේ රටේ ආරක්ෂාවටය.
ඊළඟට ගෝඨා රට භාරගනිද්දී ආර්ථිකය තිබුණේ හොම්බෙන් ගිහින්ය. 2006 ඉඳන් 2014 දක්වා මහින්ද ආණ්ඩු කරපු කාලයේ රටේ ආර්ථික වර්ධනය 6.4%ක වේගයකින් පවත්වාගෙන ගියේය. 2019 යහපාලන ආණ්ඩුව ගෝඨාට රට භාරදෙද්දී රටේ ආර්ථිකය 2.3% දක්වා පල්ලම් බැස තිබිණ.
2006-2014 මහින්දගේ කාලයේ රුපියලේ අගය පහළ බැසීමේ ප්‍රතිශතය ලෙස වාර්තා වී තිබුණේ 2.8%කි. යහපාලන ආණ්ඩු කාලයේ රුපියල බාල්දු වීමේ ප්‍රතිශතය 6.7%ක් බවට ඉහළ නැඟ තිබිණි.
ගෝඨා ආණ්ඩුව භාරගනිද්දී ඩොලර් බිලියන 3ක ණයක් ගෙවන්නට සිදුව තිබිණ. රටේ භාණ්ඩාගාරය බින්දුවටම හිස්ව තිබුණත්, කොරෝනාවෙන් රටේ ආදායම බින්දුවටම වැටී තිබුණත් ණය ගෙවා ගැනීමට නොහැකි බංකොළොත් රටක් බවට වැදෙන්නට තිබූ හංවඩුව කොහොම හරි ගලවාගෙන පසුගිය ඔක්තෝබරයේ ගෝඨාගේ ආණ්ඩුව ඒ ණය බරින් ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමීමට සමත් විය. ගෝඨා භාරගත්තේ මේ විදිහට ආර්ථිකය අතින් ගන්නම දෙයක් නැතිව තිබූ රටක්ය.
මේ විදිහට බින්දුවටම වැටුණු රටේ ආරක්ෂාව හරියට හදන්න ගෝඨාට ලැබුණේ මාස තුනක් වගේ සුළු කාලයක්ය. බුද්ධි අංශ කෙළින් කටින් හිටවල පණගහල ගන්න ගෝඨාට ගියේ මාස තුනක් වගේ කෙටි කාලයක්ය. ඒ සියල්ල අවසන් කොට ගෝඨා ආර්ථික සටනට අත තියනවාත් එක්කම කොරෝනා වසංගතය ලංකාවට කඩා පාත්විය. ලංකාව පමණක් නොව කොරෝනාව මුළු ලෝකයේම කොන්ද කඩාබිඳ දැමීමට සමත් විය. මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් කොරෝනාව නිසා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නේය.
ගෝඨා පළමු කොරෝනා රැල්ල ආපිට හැරවූයේ මේ සියලු අමාරුකම් මැද්දේය. විපක්ෂය හතර වටේම මඩ ගැහුවත් රටේ ජනතාව මේ බව දනී. මොකද ජනතාව මෝඩ නැත. ජනතාව මෝඩයාට අන්දන්නට කිසිවකුටත් නොහැකිය. පහුගිය මහ මැතිවරණයේදී ජනතාව තුනෙන් දෙකේ බහුතරයක් ආණ්ඩුවට ලබාදුන්නේ ඒ ඇත්ත දන්නා නිසාය.
හැබැයි මේ දෙවැනි රැල්ල රට ඇතුළේ පැතිර යෑම ගැන ගෝඨාට මොනවත් කියන්නට බැරිය. මොකද කොරෝනා පළමු රැල්ල පරාද කළ නවසීලන්තයටත් දෙවැනි රැල්ලට මුහුණදීමට සිදුවිය. ඒ දෙවැනි රැල්ලේදී නවසීලන්තයේ පළාත් කිහිපයක්ම වසා දැමීමට එහි අගමැතිවරිය වූ ජෙසින්ඩා ආර්ඞ්න් හට සිදුවිය. එංගලන්තය අදටත් තියෙන්නේ මාසයක් තිස්සේ අගුළුදමාය.
ඒ අනුව ගෝඨාට රට ඉස්සරහට අරන් යන්නට තියෙන්නේ මේ දෙවැනි කොරෝනා රැල්ලත් එක්කය. පසුගිය ආණ්ඩුව ගත් බිලියන ගණන් ණය ගෙවන්නට තියෙන්නේ මේ දෙවැනි කොරෝනා රැල්ල මැද්දේය. ඒවා කරන්න තියෙන්නේත් කොරෝනා නිසා රජයේ අපේක්ෂිත ආදායම වූ බිලියන 800ක ආදායම බිලියන 400 දක්වා පහත වැටී ඇති පසුබිමකය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා මේ බව අනාවරණය කළේය.
අනෙක් පැත්තෙන් සංචාරක කර්මාන්තය යළි මුල සිටම පටන්ගත යුතුව තිබේ. පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ ගණනක් අහිමිව ගොසින්ය. සෑම ආයතනයකම වැටුප් කපා දමා තිබේ. ඒ නිසා ගෝඨාට පළමුවැනි අවුරුද්දේ මුහුණ දීමට සිදුව ඇත්තේ ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට පමණක් නොව ලෝකයේ හිටපු කිසිදු රාජ්‍ය නායකයකුටවත් මුහුණ දීමට සිදු නොවුණු බරපතළ ප්‍රශ්න වැළකටය.
ඒ නිසා විපක්ෂය හරි නම් කළ යුත්තේ ලෝක වසංගතයක් රටම ගිලගෙන ඇති මේ අවස්ථාවේ ඒකෙන් දේශපාලන වාසි ගන්න කතා කරනවාට වඩා මේ වසංගතයෙන් ගොඩගන්න ගෝඨාට ධෛර්ය ශක්තිය ලබාදෙන එකය. එහෙම නැතිව ගෝඨා ෆේල්, ගෝඨා ෆේල් කියමින් හන්දියක් හන්දියක් ගානේ කියවා කියවා ගියාට විපක්ෂය පාස් වෙන්නේ නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

දෛවය වෙනස් කරන සීසර් සැත්කම්

Next Post

මම ලේසියෙන් අතහරින්නෙ නැහැ

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.