පසුගිය කාර්තුවල ආර්ථික වර්ධන වේගයන් ඍණ අගයක් ගෙන තිබෙන බැවින් ඒවා ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව වැළකී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කර සිටියේය.
පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදය අතරතුර විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.
නමුත් ඉන්දියාව ඇතුලු වෙනත් රටවල් තමන්ගේ ආර්ථික වර්ධන වේගය ඍණ වුවත් එම තත්ත්වය රටට අනාවරණය කිරීමට කටයුතු කළ පෙන්වා දුන්නේය.
ඒ අනුව ආණ්ඩුව කළ යුත්තේ කළ ගෙඩි ගගට විස කරනවා වෙනුවට මොළ ගෙඩිවලින් සිතා කටයුතු කළ යුතු බවයි.










