එදිනෙදා ආදායම් ලබන ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වන බස්නාහිර පළාතේ ජනතාවට බැංකු ණය සහ ලීසිං සහනය ලබා දීමට වහාම පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
රුපියල් 5000ක් පමණක් ලබා දීමෙන් මතුව ඇති අර්බූදය සමනය කර ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අද බස්නාහිර පළාත විවෘත කර තිබුණද ව්‍යාපාර සහ ආදායම් මාර්ග බිද වැටී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










