• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අස්සේ නාමල් වව්නියාවේ

November 11, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා අස්සේ නාමල් වව්නියාවේ
Share on WhatsAppShare on Facebook

තරුණ අරමුදලක් පිහිටුවීම (Youth trust fund) මගින් කුඩා ව්‍යාපාරවලට ණය සහන ලබා දීමටත්, අසාදු ලේඛනගතව ව්‍යාපාරික කටයුතු කරගැනීමට නොහැකිව සිටින ප්‍රජාවට ණය ලබාදී ඔවුනගේ ව්‍යාපාර සහ ජීවන තත්වය උසස් කිරීමටත් කඩිනම් විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු සභාපති, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දිස්ත්‍රික් 25 පුරාම ක්‍රියාත්මක “ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ” තවත් එක් වැඩසටහනක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු සභාපති, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර තරුණ ප්‍රජාව තුල ඇති ගැටලු නියමාකාරයෙන් හඳුනාගෙන විසඳුම් ලබාදීම මෙන්ම ඔවුන්ට රැකියා සහ ව්‍යාපාර අවස්ථාවන් ලබාදීම සම්බන්ධයෙන් එහිදී අවධානයක් යොමු කෙරිණි.

තරුණ ප්‍රජාව අතර ගොවිතැන ප්‍රවර්ධනය කිරීම, සංගීතය, කලාව ප්‍රවර්ධනය කිරීම සහ තරුණ තරුණියන්ගේ දක්ෂතා හදුනාගෙන ඔවුන්ව නිසි මාර්ගයන්ට යොමුකිරීම,ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ අඩුම පොලියට (5.5%) ණය ලබාදී ඔවුනගේ ජීවන තත්වය උසස් කිරීමට සහය වීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය මට්ටමින් වෘත්තීමය ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම දුෂ්කර පලාත්වල සිටින දක්ෂතා ඇති ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බවට පත්කිරීම සඳහා ඔවුන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.

දුෂ්කර දිස්ත්‍රික්ක වල පාසල් ගුරු හිඟය ඉතාමත් දැඩි ලෙස පවතින බව නිළධාරීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව එම ගැටළුව සදහා කඩිනමින් විසදුම් ලබා දීමටද තීරණය කෙරිණි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 12,000 ක් පමණ මෙම දිස්ත්‍රික් වල ජීවත් වන බවත්, ඔවුන් සඳහා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මධ්‍යස්ථාන නොමැති බව පෙන්වා දෙන ලදි. ඒ සදහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදී බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙරට බැංකු පද්ධතිය කුඩා ව්‍යාපාරිකයන් නොසලකාහැර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අනවශ්‍ය තරමටම උදවු කරන බව මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ඉදිරියේදී එම බැංකු සංස්කෘතිය වෙනස් කරගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එච්.එම්. චාල්ස් මැතිණිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, සමාජිය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ රාජ්‍ය අමාත්‍යවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

නිහඬතාව බිඳ දමා ෆොන්සේකා සටන අරඹයි

Next Post

42 වන මරණය පානදුරේ

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.