කොරෝනා ප‍්‍රශ්නය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසදිය හැකිව තිබූ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
එමගින් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බවයි.
රටේ ජනතාව මීට වසරකට පෙර ජනාධිපතිවරයෙකු පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යය කරන්නට නොවන බව පෙන්වා දී ඇති ෆොන්සේක මහතා මෙවන් ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවට අවමානයක් වන බව බවද පෙන්වා දී තිබේ.
ෆොන්සේකා මහතා විසින් පළ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.











