• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පස්සේ ගිහින් රනිල් මහින්ද ගැන කියපු කතාව (රාජ්‍ය රහස්)

November 10, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 5 mins read
A A
සජිත් පස්සේ ගිහින් රනිල් මහින්ද ගැන කියපු කතාව (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

විසිවන සංශෝධනය සම්මත වීමත් සමඟ ආණ්ඩුව ඇතුළේ සිට ඊට විරෝධය පළ කළ විමල්, වාසු, උදය තම විරෝධය අකුලා ගැනීමට කටයුතු කළත් විස්සට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත ගෙනගිය සටනට නායකත්වය දුන් අභයාරාම පන්සලත්, එහි නායක හිමි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත් සිය විරෝධය ඒ ආකාරයට හකුලා ගැනීමට සූදානම් වූයේ නැත. අභයාරාමයෙන් මතුවූ විරෝධය විවිධ මාතෘකා ඔස්සේ පසුගිය සති කිහිපය පුරාම විවිධ වේශයන්ගෙන් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව අවස්ථා ගණනාවකදීම යම් යම් පුද්ගලයන්, ස්වාමීන් වහන්සේලා පන්සලට ආ ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ අතර ආණ්ඩුවට එරෙහිව යම් යම් අදහස් පළකළ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියනුත්, මාගල්ගන්දේ සුදත්ත හිමියනුත් සිටි බව පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් පළමුවරට අපි අනාවරණය කර සිටියෙමු. එමෙන්ම අවස්ථා කිහිපයකදීම මුරුත්තෙට්ටුවේ හිමියන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

කුමාරසිරි හෙට්ටිගේත් එයි…

අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඉකුත් 30 වැනිදා නාරාහේන්පිට අභයාරාමයට ගියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැකීමටය.
ඒ වන විට වෘත්තීය සමිති නියෝජිතයන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්ද ආනන්ද හිමියන් සමඟ රටේ වත්මන් තත්වය ගැන කතා බහක යෙදී සිටියහ.
“නායක හාමුදුරුවනේ අපි මෙතන හිටියට කමක් නැද්ද? සුමිත් විජේසිංහ අසද්දී “මහත්තයෝ මගේ ළඟ රහස් නෑ. මම රටේ පැත්තෙ, මිනිස්සුන්ගෙ පැත්තෙ ඉඳන් කතා කරන්නෙ. මේ අයත් එක්කත් කතා කළේ ඒ ගැන තමයි. ජනාධිපතිතුමා අගමැතිතුමා රටට වැඩ කරන්න මහන්සි ගන්නවා. ඒත් සමහර අය නිසා ඒ ගමන යන්න බෑ. කොරෝනා වසංගතය නිසා රට තවත් අමාරුවෙ වැටිලා…’

මහින්ද අභයාරාමයේ…

මේ කතාබහ වෙද්දී කිසිවෙක් නොසිතු පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතාද විහාරස්ථානයට පැමිණියේය.
“අපේ නායක හාමුදුරුවනේ මම වෙන රාජකාරී ගමනක් ගිහින් එන ගමන් ඔබ වහන්සෙත් බැහැ දැකල යන්න ආව…” අගමැතිවරයා ආනන්ද හිමියන්ට කිවේය.
‘ඔබතුමා කවදාවත් වෙනස් වුණ නායකයෙක් නෙවෙයිනේ. ඒක නිසානේ අදත් අපි සලකන්නෙ….” ආනන්ද හිමියන් කියා සිටියේ බොහෝ ලෙන්ගතුවය.
“සර් නායක හාමුදුරුවො මේ දවස්වල ආණ්ඩුව ගැනත් මතක් කරල ටිකක් සැරට කතා කරනව. ඒක නිසා විපක්ෂයේ සමහර අයත් එන්න පටන් අරන්.” කුමාරසිරි හෙට්ටිගේ කීවේ කාගෙත් සිනාහඬ මැදය.
“ආනන්ද හාමුදුරුවන්ගෙ හැටි එහෙමනේ. අඩුපාඩු වැරදි දැක්කම කතා කරනව. අපි ඒව එච්චර ගණන් ගන්න ඕන නෑ. නායක හාමුදුරුවන්ට ඕන ඉක්මනින් වැඩ කෙරෙන්න. නේද අපේ හාමුදුරුවනේ…” අගමැතිවරයා කියද්දී “අගමැතිතුමනි ඔබතුමා ටිකක් වටපිටාව ගැන සෙවිල්ලෙන් ඉන්න. සමහර ඇමැතිවරුන් නිලධාරීන් වැඩ කරන විදිය එච්චර හොඳ නෑ. ඒක ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමට ලොකු හේතුවක්. මං මේව කියන්නෙ අපි පත් කර ගත්තු ආණ්ඩුව නිසා..” යනුවෙන් කියමින් ආනන්ද හිමියෝ දිගු අදහස් දැක්වීමක් කළහ. ඉන් පසු අගමැතිවරයාගේ අතීත දේශපාලනයේ රස මුසු සිදුවිම්ද මෙහිදී කතාබහට ලක්විය.
“අපි ඔබතුමා හින්ද තමයි එළියට බැහැල මේ සටන දිනවන්න කටයුතු කළේ. ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් සියලුම දේවල් කළා. ඔබතුමා දිනවලා ඔබතුමාට බලය අරගෙන දුන්නා. හැබැයි දැන් අපිට පේනවා ඔබතුමාගෙ බලය ටිකෙන් ටික දියවෙලා යනව කියල. ඇයි මේ ඔබතුමා ඔබතුමාගෙ බලය දියවෙලා යනකන් බලන් ඉන්නෙ. ඔබතුමා මෙතැන හිටියෙ නැත්නම් අපි කීයටවත් මේ සටනට සහයෝගය දෙන්නෙ නෑ….” යනුවෙන් කියමින් මුරුත්තෙට්ටුවේ හිමියන් මහින්ද දෙස බලා සිටියත් මහින්ද ඒ කිසිවකටත් උත්තර දෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට මහින්ද කළේ තමන්ට සුපුරුදු සිනහව පා ඒ ප්‍රශ්නය මඟහැර යෑමය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය

අනතුරුව මුරුත්තෙට්ටුවේ හිමියන් මතු කළේ නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගේ පත්වීම සම්බන්ධ ප්‍රශ්නයය. උන්වහන්සේ කියා සිටියේ ඊට එරෙහිව තමන් වහන්සේ දිගින් දිගටම විරෝධය පළකරන බවය.
“අපි මේ පත්වීමට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකට විරුද්ධව අපි ලොකු සටනක් ආණ්ඩුවට එරෙහිව දියත් කරනවා. ඒක නම් නවත්වන්නෙ නෑ. අනෙක මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හෙදියන්ට බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට කවුරුත් උත්තර දෙන්නෙ නෑ. ඔබතුමාලා දොස්තරලට ඕන ඕන දේ විතරක්ම කරන්න ලෑස්ති වෙන්න එපා. මේ හෙදියන් ගැනත් බලන්න. මොකද දොස්තරලා එළියට බැස්ස වගේ නෙමෙයි හෙදියො එළියට බැස්සොත්. එහෙම වුණොත් කොරෝනාවලින් රටත් ඉවරයි, ආණ්ඩුවත් ඉවරයි. ඒ නිසා මම ඔබතුමාට තියෙන හිතවත්කමටයි කියන්නෙ. ඉක්මනටම මේ හෙදියන්ගෙ ප්‍රශ්න ටික විසඳල දෙන්න…” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමි කියද්දී මහින්ද කීවේ තමන් වහාම පවිත්‍රා සමඟ සාකච්ඡා කොට හෙද ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳාලීමට පියවර ගන්නා බවත්, එම නිසා කලබල නොවන ලෙසත්ය.

පවිත්‍රාත් පන්සලට ඇවිත් පැන් කළ කතාව ගැන කියයි

මහින්ද කී ආකාරයටම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම නිමාවූ වහාම පවිත්‍රා අභයාරාමයට පැමිණියේ මුරුත්තෙට්ටුවේ හිමියන් මුණගැසීමටය. ඒ වන විටත් පවිත්‍රාගේ කළගෙඩි සෙල්ලම සමාජ මාධ්‍ය ජාලාවල විශාල පෙරළියක් කර තිබූ නිසා මුරුත්තෙට්ටුවේ හිමියන්ද පවිත්‍රා දුටු සැණින් මුලින්ම විමසා සිටියේ ඒ සම්බන්ධයෙන්ය.
“මොකක්ද ඇමැතිතුමිය මේ කරගත්තෙ. කොහෙවත් යන කළ ගෙඩියක් ඔබතුමිය ඔළුවෙ හලාගෙනනෙ…” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමි සිනාසෙමින් විමසා සිටිද්දී පවිත්‍රාද සිනාසෙමින් කියා සිටියේ “මොනව කරන්නද අපේ හාමුදුරුවනේ. ඒවා විශ්වාස කරන අයත් ඉන්නවානෙ. ඒක අල්ලගෙන මේ අය දැන් මට හොඳටම ගහනවා. දැන් ටිකකට ඉස්සෙල්ල මම ඒකට පාර්ලිමේන්තුවෙදි උත්තර දීල තමයි ආවෙ…” යැයි කියාය.
ඉන් අනතුරුව මුරුත්තෙට්ටුවේ හිමියෝ සිය ප්‍රශ්නය පවිත්‍රාට දැනුම් දී සිටියහ.
“මම නම් දන්නෙ නෑ ඔය කළගෙඩි සෙල්ලම් ගැන. හැබැයි ඔබතුමී මේ හෙදියන්ගෙ ප්‍රශ්නවලදී නම් ඒ විදිහට වැඩ කරන්න බෑ. මේ තියෙන ප්‍රශ්න ටික විසඳල දෙන්න ඕනෙ. මම දන්නව ඔබතුමියට වැඩ කරන්න ඔතන ඉන්න අය ඉඩදෙන්නෙ නෑ කියල. හැබැයි මේ ටික මම අගමැතිතුමාටත් කිව්ව. හෙදියන්ගෙ ප්‍රශ්න ටික විසඳුවෙ නැත්නම් අපිටත් දැඩි තීන්දුවක් ගන්න වෙනවා…” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමි කියද්දී පවිත්‍රා සහතිකයක් දෙමින් කියා සිටියේ තමන් එම ගැටලු විසඳීමට පියවර ගන්නවා යැයි කියාය.
“නෑ… නෑ… අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ කලබල වෙන්න ඕනෙ නෑ. මට අගමැතිතුමා ඒ ඔක්කොම දේ ගැන කිව්වා. අගමැතිතුමා තමයි කිව්වෙ මට ගිහිල්ලා ඔබවහන්සේ හමුවෙන්න කියලා. අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා විසඳමු…” යනුවෙන් පවිත්‍රා කළ සඳහනෙන් පසු මුරුත්තෙට්ටුවේ හිමියෝ දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති අනෙකුත් ප්‍රශ්න සියල්ලද පවිත්‍රාට දැනුම් දී සිටීමට පියවර ගත්හ.

සජිත් අනුරපුරේ සිට කතාකරයි

මේ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය සතියේ හදිසියේම අභයාරාමයට පැමිණියේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සුවදුක් විමසීමටත්, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටත්, තමන් විසින් සිදුකරගෙන යන ආගමික කටයුතුවල තොරතුරු උන්වහන්සේට දැනුම්දීමටත්ය. මෙහිදී දැනට රටේ පවතින කොරෝනා වසංගතය පිළිබඳවත්, හෙද සේවයේ ප්‍රශ්න පිළිබඳවත් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් අනතුරුව පසුගිය දින කිහිපයේ සජිත් අනුරාධපුරයේ පන්සල් කිහිපයකටම ගිය අතරවාරයේදී නැවැත වතාවක් දුරකතන ඇමැතුමක් ලබාදී මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සුවදුක් විමසා සිටීමටද පියවර ගෙන තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ.

රනිල්-වජිරත් වෙලාවක් දාගෙන…

මේ ආකාරයට අගමැතිවරයාත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුනුත්, විපක්ෂ නායකවරයාත්, ආණ්ඩු විරෝධී විවිධ පාර්ශ්වයනුත් අභයාරාමයට පැමිණෙද්දී ඉකුත් බදාදා (04) සවස කිසිවකුත් නොසිතූ පුද්ගලයන් දෙදෙනෙක්ද අභයාරාම පන්සලට ඇතුළු වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, වජිර අබේවර්ධන මහතාත්ය. පසුගිය මහ මැතිවරණයෙන් මේ දෙදෙනාම ලැබූ දැවැන්ත පරාජයත් සමඟ රනිල්ගේ සහ වජිරගේ මුහුණු මාධ්‍යවලින් හෝ රටේ ජනතාවට දැකගැනීමට ලැබී තිබුණේ නැත. කොටින්ම කියනවා නම් ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව රනිල් ඇතුළු එජාප කණ්ඩායමම සිටියේ එළියටත් නොබැස මාධ්‍යයෙන් වහන් වෙලාය. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් නැවැත වතාවක් රට වටේම ඇති පන්සල්වලට යමින් සිය ආගමික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගැනීමත් සමඟ වජිරද පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට කතාකොට උන්වහන්සේව මුණගැසීම සඳහා රනිල්ට අවශ්‍ය වී ඇති බවත්, ඒ සඳහා වේලාවක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළේය. ඒ අනුව මුරුත්තෙට්ටුවේ හිමියන් බදාදා සවස පහට එම වේලාව ලබාදීමට පියවර ගත්තේය. බදාදා දහවල් වරුවේත් මුරුත්තෙට්ටුවේ හිමියන් කොළඹින් පිටතට වැඩම කර සිටියද 4.30 පමණ වන විට නැවැත අභයාරාමයට වැඩම කළේ යොදාගත් පරිද රනිල්ව හමුවීම සඳහාය.
ඒ අනුව හරියටම සවස පහට රනිල් සහ වජිර අභයාරාමයට පැමිණෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ ඔවුන් දෙදෙනාම ඉතා සුහදශීලී අයුරින් පිළිගැනීමට කටයුතු කළහ. එමෙන්ම පසුගිය මාස කිහිපය පුරාම රනිල්ගේ මුහුණ දැකගන්නට නැතිවීම සම්බන්ධයෙන් උන්වහන්සේ ඒ පිළිබඳව විමසීමටද කටයුතු කළහ.

රනිල් පාර්ලිමේන්තු එනවද

“මොකද ඔබතුමාට පහුගිය කාලෙ වෙලා තිබුණෙ. මූණවත් කොහෙදිවත් දැකගන්න ලැබුණෙ නෑ. දැන් මොනවද ඔබතුමාල කරන්නෙ….” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමියන් විමසද්දී රනිල් කියා සිටියේ පහුගිය දිනවල තමන් නිහඬව කල් ගත කළ බවකි. එමෙන්ම සිය බිරිය අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඈ පිළිබඳව සොයා බලන්නට සිදු වූ බවද රනිල් කියා සිටියේය.
“දැන් ඉතින් ඔය නිහඬව හිටිය මදෑ. දැන් ආයිමත් ඔබතුමාල දේශපාලනයට ඇවිල්ල වැඩ පටන්ගන්න ඕනෙ. දැන් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රිකමකුත් ඉතිරි වෙලා තියෙනවනෙ. ඔබතුමාට බැරියැ ඒක අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ල වැඩ ටික කරන්න….” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමියන් කියද්දී රනිල් කියා සිටියේ තමන්ට යළි පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව වැඩි කැමැත්තක් නැති බවය.
“අපොයි නෑ…. මම ඒකෙන් පාර්ලිමෙන්තු එන්නෙ නෑ. ඒ ගැන මගෙනුත් හැමෝම අහනවා. අනික එක ආසනයක් තියාගෙන ලොකු දෙයක් කරන්නත් බෑ. ඒ වගේම මම දැන් වැඩිය දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්නෙත් නෑ. මම මේ ඔබවහන්සේව දකින්න ආවෙත් මගේ කල්පනාවක් තියෙනවා පන්සල්වලට ගිහින් හාමුදුරුවරු එක්ක කතා කරලා ඒ පන්සල්වල දියුණුව වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙළක් සකස් කරන්න. ඔබ වහන්සේව බැහැදකින්න ආවෙත් මම ඒකයි. හැබැයි මම මේවට ප්‍රචාරයක් දෙන්න නම් යන්නෙ නෑ. දැනට ඉතින් වෙන වැඩක් මම කරන්නෙ නැහැ….” යනුවෙන් රනිල් කියද්දී නැවැතත් මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ දැනට හිස්ව ඇති එජාප ජාතික ලැයිස්තු ආසනය පිළිබඳවය. රනිල් නැවැතත් ඊට දුන් උත්තරය වූයේ “අපි ඉස්සරහට බලමුකො හාමුදුරුවනේ…” යැයි කියාය.

මහින්ද ගැන රනිල් දුන් සහතිකය

ඉන් අනතුරුව මුරුත්තෙට්ටුවේ හිමියන් දැනට රටේ පවතින කොරෝනා වසංගතය සහ ආණ්ඩුව මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව රනිල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගත්තේය. එහිදී පළමු වතාවට මහින්ද සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් රනිල් සිය මතය එළියට දැමීම විශේෂ සිදුවීමකි.
“මට හිතෙන විදිහට මහින්ද කියන්නේ ඉතාම දක්ෂ දේශපාලනඥයෙක්. ප්‍රශ්න ආපුවහම ඒවා විසඳන්න හොඳ දේශපාලන පලපුරුද්දක් එතුමට තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නය තියෙන්නෙ මේ තියෙන තත්ත්වයත් එක්ක එතුමට ඒවා කරන්න පුළුවන්ද කියලයි. මොකද දැන් එතුමට ආණ්ඩුව ඇතුළෙ බලයක් නෑ. විසිවැනි සංශෝධනයෙන් අගමැති බලතල ගොඩක් ඉවත් කරලයි තියෙන්නෙ. ඉතින් මට පේන්නෙ දැන් මේ ප්‍රශ්න විසඳන්න එතුමට අවස්ථාවක් නැතිවෙලා කියලයි….” යනුවෙන් රනිල් පළමු වතාවට මහින්ද පිළිබඳව අදහස් දක්වද්දී මුරුත්තෙට්ටුවේ හිමියන්ද කියා සිටියේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පසුගිය මහ මැතිවරණයේ පෙරට ආවේද මහින්දට බලය ලබාදීමට යැයි කියාය. නමුත් මේ වන විට මහින්දගේ බලය බොහෝ සෙයින් හීනවී ඇති බව උන්වහන්සේද එහිදී රනිල්ට කියා සිටියහ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ගෝඨාභයටත් බැන‌ගෙන ඥානසාර හිමි එළියට එයි (VIDEO)

Next Post

පාර්ලිමේන්තුවේ මාධ්‍ය තහනමක්

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.