• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දැන් තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්: සියල්ල තීන්දු වන්නේ ජනතා හැසිරීම මත

November 10, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
බ්‍රැන්ඩික්ස් පොකුර හැදුණේ පිටරට සිට ආපු පිරිසකගෙන්: හමුදාපතිගෙන් අනාවරණයක්
Share on WhatsAppShare on Facebook

මේ ගෙවෙන්නේ මිනුවන්ගොඩින් ඇරඹි කොරෝනා දෙවෙනි රැල්ලෙන් ඇතිවූ පශ්චාත් කොරෝනා සමයයි. මේ සමය අභියෝගාත්මකය. අභියෝගය ආරම්භය වූහාන් දක්වා ඇදීයයි. වූහාන් නගරයේ සිට මෙරටට රැගෙන ආ සිසුන් පිරිස නිරෝධායනට කරමින් කොරෝනා වෛරසය සමඟ සටන් කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකාව මේවන විට ගත කරන්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකය. මේ මොහොතේ ඔබ අප හැසිරෙන ආකාරය අනුව කොරෝනා වෛරසය සමඟ අපට කොතරම් කාලයක් සටන් කළ යුතු ද යන්න තීරණය විය යුතුය. ඒ අපේ ආරක්ෂාව වෙනුවෙනි. නමුත් මේ වෙනුවෙන් තවමත් නිශ්චිත ඹෟෂධයක් පවා සොයාගෙන නොමැති තත්ත්වයක් තුළ අනාගතය තවමත් අවිනිශ්චිතය. නමුත් ඒ වෙනුවෙන් ඇති බලාපොරොත්තු කඩකරගත යුතු නැත. විශේෂයෙන්ම මෙවර ඇතිවූ මිනුවන්ගොඩ රැල්ලත් සමඟ රටම සම්පූර්ණයෙන් වසාදැමීම වෙනුවට තවත් සුවිශේෂී ක්‍රමවේද භාවිත කරමින් කොවිඞ් සමඟ සටන් කිරීම මෙවර සිදුවෙමින් පවතී. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේය.
නමුත් මේ සම්බන්ධයෙන් ජනතාව තවමත් නිශ්චිත අදහසක නැත. ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම වෙනුවෙන් සකස් කළ ලිපියකි මේ.

රටම ලොක්ඩවුන් නොකරන්නේ ඇයි?
මේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. නමුත් මෙම වෛරසය පාලනය කිරිමට ඇති එකම ක්‍රමවේදය ලොක්ඩවුන් කිරීමම නොවේ. ඇතැම් පිරිස් රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවට පැවසුවද ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ද සලකා බලා මෙරටටම ආවේණික වු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියා කිරීමට කටයුතු කිරීම නිසා රට සම්පුර්ණයෙන්ම වසාදැමීම මෙවර සිදුනොවුණි. එලෙස මෙවර සිදු නොකළේ රටේ ජනතාව ඒ හරහා මුහුණ දිය හැකි තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි.
වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පුද්ගල දුරස්ථභාවය, සංචරණ සීමා, තෝරාගත් ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීම, නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිත නිරෝධායනය සහ නිවාස නිරෝධායනය මේ ක්‍රමවේදයි. මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක වද්දී ලොක්ඩවුන් කිරීම ප්‍රායෝගික නොවේ. මෙහිදී ජාතික ආරක්ෂාව ඉතා තීරණාත්මක සාධකයක් සේ සැලකිය යුතු වේ. එසේම රටේ ආර්ථික ස්ථාවරභාවය පවත්වා ගැනීම වෙනුවෙන් ආනයන අපනයන ක්‍රියාවලිය බිඳ නොවැටී පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණක් බව සිහි තබා ගත යුතුය. පූර්ණ වශයෙන් රට වසාදැමීමකට ලක් කළහොත් ඒ සියල්ල ඇද වැටී ආර්ථිකය බිඳවැටීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිවනු ඇත.

මොකද්ද මේ හුදෙකලා කිරීම?
ආසාදිතයින් සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයන්ට අනුව ප්‍රදේශ හුදෙකලා කිරීමටත්, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටත් කටයුතු කරයි. කොඩිඞ් 19 ආසාදිතයෙකු සොයාගත් පසු ඒ රෝගියා රෝහල් ගත කළ පසු එම රෝගියාගේ ළඟම ආශ්‍රිතයින් වහාම ඔවුන්ගේ නිවාස තුළම නිරෝධායනය කිරීම සිදු කෙරේ. ඒ මඟින් බලාපොරොත්තු වන්නේ ආසාදනයට ලක්වූ පුද්ගලයාගෙන් වැඩිම බලපෑමක් ඇති පුද්ගලයින් හඳුනාගෙන නිවාස තුළම නිරෝධායනයට ලක් කිරීම සිදු වෙයි. ඒ අයුරින් එකම ප්‍රදේශයක විශාල පිරිසක් එලෙස නිරෝධායනයට ලක් වන්නේ නම් ඔවුන් ඒ ප්‍රදේශය තුළට සීමා කර ඔවුන් බාහිර පාර්ශවයන් සමඟ සබඳතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම සීමා කිරීම හුදෙකලා කිරීමක් ලෙස හැඳින්වේ.
එලෙස හුදෙකලා කිරීමේදී යම් කිසි විසිරීමක් සහිතව පවතින විට පරිපාලනයේ පහසුව තකා ඒ ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතියට යටත් කිරීම සිදු කිරීම සිදුවේ. මෙහිදී හුදෙකලා කිරීමේදී අදාළ හුදෙකලා කළ ප්‍රදේශය තුළ සංචරණයන් පැවතිය හැකි වුවත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ පසු සියලු සංචරණයන් සම්පූර්ණයෙන්ම සීමා කෙරේ. මේ තුළින් අදාළ ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිර යාම වැළැක්වීම බලාපොරොත්තු වේ.

පාලනය ගිලිහිලාද?
මේ තත්ත්වය පාලනය කර ගැනිමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාවට නංවා තිබෙන නිසා මේ තත්ත්වය පාලනය කර තිබෙන බවට පැවසීම වරදක් නොවේ. විශේෂත්වය වන්නේ පෙර තිබූ තත්ත්වයට වඩා මෙරවර වෛරසය වේගයෙන් පැතිර යාමයි. පෙර තත්ත්වයට වඩා මේ වන විට වෛරසය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී. මේ නිසා තත්ත්වය යම් තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබේ. නිසි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මේ වෛරසය පාලයනය කිරීමේ හැකියාව තිබේ. මුව ආවරණ චින් මාස්ක් ලෙස හෝ නෙක් මාස්ක් ලෙස පාවිච්චි කළහොත්, එසේත් නැත්නම් සමාජ දුරස්ථභාවය පවත්වා නොගතහොත් හෝ සංචරණය සීමා කරනොගතහොත් මේ වෛරසය පාලනය පහසු වන්නේ නැත.

විසඳුම මොකක්ද?
මෙය ගෝලීය වසංගත තත්ත්වයක් නිසා මුල් අවස්ථාවේදි වෛරසය පිළිබදව හෝ වෛරසයේ ප්‍රබලතාව හෝ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැත. එසේම වෛරසය මර්දනය කිරීමට මෙතෙක් කිසිම ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. එකම විසඳුම වන්නේ මෙම වෛරසය ආසාදනය වූවෙකුගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කර වෛරසය පාලනය කිරීමයි. ඒ නිසා හොඳම විසඳුම වන්නේ වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. මේ වෛරසයට ප්‍රතිචාර දක්වන ඖෂධ හෝ එන්නත් පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරු නොමැතිවීමද තවත් ගැටලුවකි.

සෙල්ලමක් නෙවෙයි
මෙවර වෛරසය භයානක අයුරින් ප්‍රබල වී තිබේ. ඒ පසුගිය වතාවේ වාර්තා වූ වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින් වෙනස් ප්‍රභේදයක් නිසා තත්ත්වය වෙනස් වී ඇත. නමුත් ඊට හේතුවන්නේ අප අනුගත වන ක්‍රමවේදය නිසා පළමු රැල්ලේ තරම් පහසුවෙන් එය කළ නොහැකි වනු ඇත. නමුත් මේ අලුත් රැල්ලට මුහුණ දීමට වගකිවයුතු බලධාරීන් සූදාදාමින් සිටි නිසා තත්ත්වය කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලැබිණි. ඒ කොවිඞ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට රෝහල් පවා සූදානම් කර තිබුණේ ඒ පෙරසූදානම නිසාය. එක් නිරෝධායන මධ්‍යස්ථානයකින් ආරම්භ කළ මේ මෙහෙයුම නිරෝධායන මධ්‍යස්ථාන 96ක් දක්වා වර්ධනය කිරීමටත්, මාසයක් ඇතුළත රෝහල් 52ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවූයේත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහිකිරීමට හැකිවූයේත් ඒ පෙර සූදානම නිසාය. මෙලෙස සන්නද්ධ වී තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ක්‍රමවේදයන් කොතරම් සකසා තිබුණද ජනතාව සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීමේදී ඇතිවූ යම් යම් අඩුපාඩු නිසාය.

පීසීආර් යන්ත්‍රයට මොකද වුණේ?
ආරම්භයේදී පිසීආර් පරීක්ෂණ පැවැත්විය හැකි පරීක්ෂණාගාර මෙරට පැවතියේ එකක් පමණි. පසුව ඒය ක්‍රමයෙන් දියුණු කරගනිමින් කටයුතු කළ පසු මිනුවන්ගොඩ රැල්ල ආරම්භයේ දි පීසීආර් පරීක්ෂණ හාරදහසක් පමණ සිදුකිරීමේ හැකියාව ලැබුණි. එම ප්‍රමාණය මේ වන විට එකොළොස් දහසක් දක්වා දියුණු කර ගැනීමේ හකියාව ලැබී තිබේ. ඒ උපරිම ධාරිතාවෙන් යුතුව කටයුතු කිරීමෙනි. එහෙත් පසුගිය දිනවල මෙරට දී උපරිම ධාරිතාවෙන් පරීක්ෂණ සිදුකළ මුල්ලේරියාව රෝහලේ පීසීආර් යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ යම් ගැටලු කීපයක් පැණනැඟුණි. නමුත් මේ යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමත් සමඟ ඒ තත්ත්වය සමනය වීමෙන් පසු යළිත් පෙර පරිදි උපරිම ධාරිතාවෙන් පීසීආර් පරික්ෂණ පැවැත්වීමේ හැකියාව තිබේ. දැනට ශ්‍රී ලංකාවේ තිබෙන පිසීආර් යන්ත්‍ර මඟින් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් පැය හයකට ආසන්න කාලයක් ගතවේ. ඊට අඩු කාලයකින් ප්‍රථිපල ලබා ගත හැකි යන්ත්‍ර තිබෙන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ, මුල්ලේරියාව රෝහලේත් සවිකර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ දසදහසක් කිරීම සදහා රුපියල් මිලියන හැටකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ පරීක්ෂණ සඳහා වැයවන මුදල පමණි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් සේවිකාවක කොවිඞ් ආසාදිත බවට තහවුරුවන්නේ ඔක්තොම්බර් මස 03 වැනිදායි. ඒ වන විටත් එම ආතයනයේ සේවකයින් කොවිඞ් ආසාදිතයින් වී සිටි බවට මේවන විට තොරතුරු වාර්තා වී තිබේ. ඒ අයුරින් පළමු රෝගියා වාර්තා වූ දිනයේ සිට ඔක්තෝම්බර් මස 09 දක්වා වූ පළමු සතිය තුළ පමණක් ආසාදිතයින් 1083 දෙනෙකු වාර්තා විය. දෙවැනි සතියේ එනම් ඔක්තොම්බර් 16 දක්වා රෝගීන් 816ක් වාර්තා විය. තුන්වන සතිය වන විට මේ ප්‍රමාණය 207ක් දක්වාත් සිව්වන සතියේදී 125ක් දක්වාත් අඩුවී තිබේ. මේ සියලු කාරණා සලකා බැලීමේදී මිනුවන්ගොඩ පොකුර මේවන විට පාලනයකට ලක්කර තිබීම සැනසිලි දායක තත්ත්වයකි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත පොකුරේ පළමු ආසාදිතයා වාර්තා වන්නේ ඔක්තොම්බර් 20 වැනිදායි. මේවන විට ඒ පොකුරේ ආසාදිතයින් 2529ක් වාර්තා වී ඇති අතර මේ පොකුර ඇසුරෙන් අභියෝග කිහිපයක් ඇති වී තිබේ. විශේෂයෙන්ම මෙම ස්ථානයට විශාල ජන සංඛ්‍යාවක් ඒකරාශීවීම, පිටපළාත්වලින් පැමිණෙන විශාල පිරිසක් සිටින නිසාවෙන් ආසාදිතයින් පිටපළාත්වලට පැතිරී යාහැකි වීම, මෙම ස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කරගැනීමට ඇති අපහසුතාව ආදී අභියෝග පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් මතුවී තිබේ. ඒ නිසාම මේ පොකුරෙහි ප්‍රමාණය යම් තරමකට විශාල වීමේ අවදානමක් තිබේ.

ඇඳිරි නීතිය බලපවත්වෙන ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ පොලිස් බලප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරිනීතිය ලබන 09 වැනි සඳුදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 112ටත්, කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 05ටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයටත් එලෙස නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත. ඊට අමතරව කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශයේත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. ඊට අමතරව බස්නාහිර පළාත තුළ බෙදාහැරීම් සේවා යම්කිසි ක්‍රමවේදයකට සහ නිර්ණායකයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇත. ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. මේ නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව තුළ සංචරණය සීමා කළ යුතුය.

ස්වයං නිරෝධායනය සහ පසු විපරම
ස්වයං නිරෝධායනයට යොමු කරන්නේ වෛරසය ආසාදනය විය හැකි යැයි අනුමාන කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් පමණි. මේ ක්‍රමවේදය මෙරටින් පළමු ආසාදිතයා හමුවූ දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණි. එලෙස ස්වයං නිරෝධානය කළ යුතු ස්ථාන හඳුනාගත් පසු සෞඛ්‍ය බලධාරීන් විසින් එම ස්ථානය දැන්විමක් අලවා ඔවුන් නිරෝධායනයට ලක්කරන අතර ඉන් පසුව එම ස්ථානය නිරෝධායන නීතියට යටත් කරනු ලැබේ. එවිට එම ස්ථානයේ කිසිවෙකුට පිටතට යා නොහැකි අතර එම ස්ථානය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ප්‍රජා පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් නිරන්තර අධීක්ෂණයට ලක් කරයි. මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරනු ලබන කටයුත්තකි.

පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට
කොරෝනා ආසාදිතයකු වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් එම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ අධික්ෂණයක් අනුව මෙම තීරණය කර කර ඇත. මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ අදියර තුනක් යටතේ අධීක්ෂණය කරමින්ය. ඒ පෙරවරු 06 සිට 11 දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෙරවරු 11 සිට පස්වරු 04 දක්වා අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරින් , පස්වරු 04 සිට පසුදා පෙරවරු 06 දක්වා අදාළ ප්‍රදේශයේ හමුදා කඳවුරක නිලධාරීන් අධීක්ෂණ කටයුතු සඳහා යොදවමින්ය.
නිරෝධායනයේදී බලාපොරොත්තු වන දේ සියලුම දෙනා අවබෝධකර ගත යුතුයි. ඒ ලෙස නිවෙස් නිරෝධායනයට ලක් කර පුද්ගලයින් හඳුනා ගැනීම සිදුකරන්නේත් වගකීමකින් අවදානම තක්සේරු කිරීමෙන් අනතුරුවයි. මේ සියලුම දේ සිදුකරන්නේ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙනි.
එසේම හඳුනාගත් කිසිදු රෝගියෙකු සමාජයට නිරාවරණය නොකර ඔවුන් සියලු දෙනා රෝහල්ගත කිරීම පෙර සිටම ක්‍රියාවට නැංවුණි. නමුත් අතැම් දියුණු රටවල් පවා සිදුකළේ රෝගියෙකු හඳුනාගත්තත් ඔවුන් රෝහල් ගත කරනු ලැබුවේ ශ්වසන සංකූලතා ඇතිවුවහොත් පමණි.

ඩුබායිවල සිරවී සිටි පිරිසක් යළි දිවයිනට
කොවිඞ් – 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ආරක්ෂිත නිවාසවල රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. ත්‍රිවිධ හමුදාවන් මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් 72ක් තුළ නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව යාමට නියමිතව ඇති බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ගෙන්වන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා එම මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

අනාගතය ගැන යුද්ධ හමුදාධිපති කියයි

සියලුම තීරණය වෙන්නේ ජනතාවගේ හැසිරීම අනුවයි. ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි හැමෝම දැන් කතාවෙන රටම වහනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නෙත්. ඒ නිසා අපිට ශ්‍රී ලංකාව තනි රටක් විදිහට සලකලා කටයුතු කරන්න බැහැ. කොවිඞ් ඉදිරියේදී ලෝකය ජයග්‍රහණය කරලා තියෙනවාද කියන එක තාම ප්‍රශ්නයක්. එසේම මේ වෛරසය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තවම පුරෝකථන ලබා දෙන්නත් බැහැ. ඒ අනුව තියෙන්නේ උභතෝකෝටික තත්ත්වයක්. එබැවින් ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට යෑම තමයි වැදගත් වෙන්නේ. දැනට තිබෙන අභියෝගය වන්නේ මෙවන් තත්ත්වයක් උද්ගතව තිබියදීත් මහජනතාව තමන්ගේ වගකීම් ඉටුකරනවාද කියන කාරණය. මොකද අපිට අපේ රටේ හැම මනුස්සයෙකුගෙම ජීවිතය වැදගත් සහ හැම ජිවිතයකම වටිනවා. ඒ නිසා වැදගත් වන්නේ මේ තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.
මොකද සමහර පිරිස් ඉන්නවා විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනියනවා සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ අසත්‍ය ප්‍රචාර හරහා සිදුවෙන්න පුළුවන් විනාශය ඉතා විශාලයි. සමහරු විවිධ න්‍යාය පත්‍රයන් ඔස්සේ වගේම වෙනත් පාර්ශවයන්ගේ මුදල් රැගෙන මේ වැඩපිළිවෙළ විනාශ කරන්න වැඩ කරන පිරිසුත් ඉන්නවා. මේවායෙන් අපි සැලෙන්නේ නැහැ. මේ ඔක්කොමත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. අප කෙසේ හෝ මේ තත්ත්වය ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් අපි හැමෝම අපේ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ෆයිසර්-බයෝඑන්ටෙක් සමාගමේ එන්නත 90%ක් සාර්ථකයි

Next Post

එන්න එන්න භයානක ‘පොලිස් පොකුර’ මැද්දේ එන අලුත් පොලිස්පති

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.