• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලි යන එන මගක් උඩ – රැයක් ගෙවන්න නියම තැන

November 9, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
අලි යන එන මගක් උඩ – රැයක් ගෙවන්න නියම තැන
Share on WhatsAppShare on Facebook

ගිය සතියේ නතර කරපු තැනින් එහාට වස්ගොමුව ගැන තවත් රසවත් තොරතුරු කතා කරන්න තමයි අද කැලෑ කොලම හරහා අපි සූදානම් වෙන්නේ. අලි ඇතුන්ට අමතරව තවත් සත්ව විශේෂ ගණනාවක් වස්ගොමුවේ ජීවත් වෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ වලසුන්. නමේ විදියට ගත්තත් වස්ගොමුව කියන්නේ වලසුන්ගේ පාරාදීසයක්. ඊට අමතරව කුළු මීමුන්, ගෝන්නු, මුවන් ඇතුළු ක්ෂීරපායී විශේෂ 25ක් පමණ වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්.
ඉතාම මෑතකදී වස්ගොමුව ජාතික වනෝද්‍යානයේදී කොටියකු දැක ගැනීමේ අවස්ථාව ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකුට උදා වෙලා තිබුණා. ඒක වස්ගොමුවට යන සංචාරකයකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. නමුත් වස්ගොමුවේ කොටි කිහිප දෙනෙක්ම සැරිසරන බව වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදීම තහවුරු කරලා තියෙනවා.
මීට අමතරව වස්ගොමුව ජාතික වනෝද්‍යානයෙන් කුරුලු විශේෂ 143ක් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වර්ග 8ක් ඒක දේශික පක්ෂීන් විදියටයි සැලකෙන්නේ. ඒක දේශීක පක්ෂියෙකු වන වත රතු මල් කොහා මෙන්ම ඉතාම දුර්ලභ විශේෂයක් වෙන වත නිල් මල් කොහාත් වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. වස්ගොමුව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි දම්බරාව වැව අසලට උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී යන සංචාරකයෙකුට ඉතාම මනරම් දර්ශනයක් දැක ගන්න පුළුවන්. දම්බරාව වැව සැලකෙන්නේ කුරුලු පාරාදීසයක් විදියටයි. කුරුලු වර්ග සෑහෙන ප්‍රමාණයක් උදෑසනට සහ සවස් කාලයට ඒ අවට සැරිසරනවා. මේ වෙද්දී දම්බරාව වැව අසල කුරුලු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් (ඩසැඅ චදසබඑ) ඉදි කරන්න වනජීවී දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා තියෙනවා. මේ වන විට එවැනි ආකාරයේ තැනක් දැක ගන්න ලැබෙන්නේ කුමන ජාතික වනෝද්‍යානයේදී පමණයි.
වස්ගොමුවෙන් වාර්තා වී ඇති උරග විශේෂ ගණන 17ක්. ඒ අතරින් විශේෂ 5ක් ඒක දේශික සත්වයින් වීමත් විශේෂත්වයක්. අඩි 16, 17ක් පමණ දිග දැවැන්ත පිඹුරන් රැසක් වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. සත්ව ප්‍රජාවට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ රාශියකටත් වස්ගොමුව නිවහන වෙලා තියෙනවා.
අපි පසුගිය සතියේ කතා කළ විදියට වස්ගොමුව ජාතික වනෝද්‍යානය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීම නෙවෙයි. වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වූ සතුන්ට අභය භූමියක් විදියට තමයි වස්ගොමුව ආරම්භ වුණේ. නමුත් වර්තමානය වෙද්දී වස්ගොමුවේ සංචාරකයන් සඳහා පහසුකම් රැසක් ඇති කරලා තියෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ගෙන යන කදුරුපිටිය, වවුල් ඇබේ සහ මහවැලි යන සංචාරක බංගලා තුන සහ කඳවුරු භූමි හතරකුත් ඊට අයත්. මේ කඳවුරු භූමි ඉදිවෙලා ඇත්තෙත් ඉතාම සුවිශේෂී ආකාරයකට. නවීන තාක්ෂණය යොදා ගනිමින් පොළොව මට්ටමේ සිට අඩි 10ක් පමණ ඉහළට වන්නට කොන්ක්‍රීට් කණු මත තමයි මේ කඳවුරු භූමි ඉදිවෙලා තියෙන්නේ. ඒ ප්‍රදේශ හරහා රාත්‍රියට අලි ඇතුන් ගමන් කිරීම තමයි ඊට හේතුව. ඒ හින්දා අලි ඇතුන් ගමන් කරන මාර්ගයකට ඉහළින් රාත්‍රියක් ගත කිරීමේ දුර්ලභ අවස්ථාව වස්ගොමුවේදී උදා කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි වස්ගොමුවේ බොහෝ තැන්වලට සාමාන්‍ය වාහනයකින් ගමන් කළ හැකි තරමට සංවර්ධනය වූ මාර්ග පද්ධතියක් දක්නට ලැබීමත් විශේෂත්වයක්.
වස්ගොමුවට හිමිවන පුරා විද්‍යාත්මක වැදගත්කම ගැනත් අපි පසුගිය සතියේදී කතා කළා. මහානාග රජු විසින් කරවූ බවට සැලකෙන චූලාංගනී මහා සෑයත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති බවට පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. දුම්බර මිටියාවතට මායිම්ව පිහිටා තියෙන හින්දා වස්ගොමුව වනෝද්‍යානයේදී දැක ගන්න ලැබෙන භූමි දර්ශනත් ඉතාම චමත්කාරජනකයි. අහස හොඳින් පැහැදිලි දවසක දුම්බර මිටියාවතේ නැඟෙනහිර කඳු පංතියට අයත් ලකේගල, මානිගල, වෙලන්ගොල්ල පතන සහ කෙහෙල්පත්දෝරුව කියන කඳු පංති හතරම වස්ගොමුවට දර්ශනය වෙනවා. මේ කඳු පංති හතර එකම තැනන සිට දැක ගැනීමේ අවස්ථාව ලැබෙන්නෙත් වස්ගොමුවේදී විතරයි. ඒ හින්දා වනජීවී ඡායාරූපකරණයට පමණක් නෙවෙයි භූමි රූප ඡායාරූපකරණයට කැමැති ඡායාරූප ශිල්පීනුත් නිතර වස්ගොමුවේ සංචාරය කරනවා.
ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තිබුණත්, වස්ගොමුවට එල්ල වන මිනිස් බලපෑමත් සුළුපටු නැහැ. ඒ අතරින් ප්‍රධානම තර්ජනය තමයි අනවසර මැණික් පතල් කැණීම. මේක වස්ගොමුවට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඒ වගේම සතුන් දඩයම් කිරීමත් වස්ගොමුවේ සත්ව ප්‍රජාවට එල්ල වෙලා තියෙන තවත් තර්ජනයක්. වස්ගොමුවට අනෙක් තර්ජනය එල්ල වෙලා තියෙන්නේ ගව පාලකයන්ගෙන්. ඔවුන් තම ගම්මාන ආශ්‍රිතව ඇති අලි වැට කපා ඉවත් කරමින් ගවයන් වස්ගොමුවට මුදාහරිනවා. කපා ඉවත් කළ අලි වැට හරහා ගම් වදින වල් අලි හේතුවෙන් එය අලි මිනිස් ගැටුම් දක්වා දුර දිග යනවා. මෙවැන් තර්ජන ගණනාවකට අදටත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය මුහුණ දීලා තියෙනවා.
වස්ගොමුව ජාතික වනෝද්‍යානයේ සේවය කරන නිලධාරීන් මෙවැනි නීති විරෝධී කටයුතු නවත්වන්න විශාල පරිශ්‍රමයක් දැරුවත්, සේවක හිඟය සහ පහසුකම් නොමැති වීම ඔවුන්ට දැඩි බාධාවක් වෙලා තියෙනවා. ලැබී ඇති අවම පහසුකම් යටතේ හෝ ඔවුන් ඉටු කරන සේවය අපේ පැසසුමට ලක් විය යුතුමයි. ඉදිරි පරපුර සඳහාත් මේ සුන්දර වලස්ගොමුව රැක බලා ගැනීම අපේ ජාතික වගකීමක් බව අපි හැම දෙනාම සිතට ගත යුතුයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පනිනවා කියන පස්දෙනා

Next Post

කමලා හැරිස් නටපු නැටිලි වීඩියෝවකින් එළියට (VIDEO)

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.