අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් මහතාට සහ උපජනාධිපතිනිය ලෙස කටයුතු කිරීමට නියමිත කමලා හැරිස් මහත්මිය හට උණුසුම් සුබපැතුම් එක්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙරට අතර සබධතා ශක්තිමත් කර ගැනීමට සූදානමින් සිටින බවකි.
ඊටත් වඩා ශක්තිමත්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන හවුල්කාරිත්වයක් සඳහා එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කොට ඇත.












