• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ බැසිල් භීතිකාව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 7, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂයේ බැසිල් භීතිකාව (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“බැසිල් පාර්ලිමේන්තු එනවා….”
“දැනටමත් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය බැසිල්ට දෙන්න ගෝඨා ප්ලෑන් කරලයි තියෙන්නෙ…”
“මේ හදන්නෙ ආපහු 2015ට කලින් තිබ්බ විදහටම රට කරන්න…”
පසුගිය සතියේ විපක්ෂයේත්, විපක්ෂ සමාජ මාධ්‍ය ජාලාවලත් ලොකුම මාතෘකාව වූයේ බැසිල් පාර්ලිමේන්තු එනවා කියන එකය. විපක්ෂය මෙහෙම බැසිල් පාර්ලිමේන්තු එනවා කියලා සෝෂල් මීඩියාවල යකා නැටුවේ අඩුම තරමින් ආණ්ඩුව බැසිල් ගැන වචනයක්වත් කියා නොතිබූ මොහොතකය. ඒ තියා බැසිල්වත් කොහේදීවත් තමන් පාර්ලිමේන්තු එනවා කියා කට හොල්ලා තිබුණේ නැත. අඩුම තරමින් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හරි මන්ත්‍රිවරයෙක් හරි බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන වචනයක් හෝ කියා තිබුණේ නැත.
“ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ එකපාරටම විපක්ෂය කඩි ගුලක් වගේ ඇවිස්සිලා බැසිල් ගැන කතා කරන්න ගත්තෙ….”
පසුගිය සතියේ කොළඹ දේශපාලන අංශවල ප්‍රධාන මාතෘකාව වුණේ ඒකය. විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් වන හර්ෂද සිල්වා, හරීන් ප්‍රනාන්දු ආදීන් තමන්ගේ ෆේස්බුක් ගිණුම්වලත්, ට්විටර් පණිවුඩවලත් විවිධ සටහන් තබමින් බැසිල් ගහන්න යන අලුත්ම ගේම ගැන විවිධ දේ ලියා තිබිණ.
මේකෙන් එකක් පැහැදිලිය. ඒ බැසිල් පාර්ලිමේන්තු එනවාට විපක්ෂය දැන්ම තියා බය වී ඇති බවය. විපක්ෂයට බැසිල් භීතිකාවක් වැළඳී ඇති බවය.
‘හරි… බැසිල් පාර්ලිමේන්තු එනවා කියමුකො. ඇයි මේ කොරෝනා අස්සෙම බැසිල් පාර්ලිමේන්තු එන්නෙ ඇයි…?’
ප්‍රශ්නෙ තියෙන්නෙ එතැනය.
බැසිල් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ එනවා නම් ඒකට බලපාන හේතු දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ මේ රටේ ආර්ථිකයය.
මේ වෙද්දි ආණ්ඩුවේ ආර්ථික ප්‍රගති වාර්තාව ඇත්තේ එතරම් සතුටුදායක තත්ත්වයක නොවේ. ආණ්ඩුවට මේ වන තෙක්ම බඩු මිල අඩු කිරීමට හැකියාවක් ලැබී නැත. කොරෝනාවෙන් බැටකන රටේම ජනතාවට සහන දෙන්න හැකියාවක් ලැබී නැත. කොරෝනාව මුල්කරගෙන රටේ ආර්ථිකයද දිනෙන් දිනම පල්ලම් බහින තැනට පත්ව තිබේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ම ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ දැන් තියෙන තත්ත්වය උඩ තමන්ට ගමටවත් යන්නට බැරි වී ඇතැයි කියාය. ගිහිල්ලා ගමේ මිනිස්සු අහන ප්‍රශ්නවලදී දෙන්න උත්තරයක් නැතැයි කියාය.
රාජපක්ෂ පවුලේ මේ ආර්ථික සෙල්ලම හොඳටම දන්නේ වෙන කවුරුවත් නොව බැසිල්ය. ඒකට හොඳම උදාහරණය ආණ්ඩුව පළමු කොරෝනා රැල්ලේදී මුළු රටම ලොක්ඩවුන් කළාම රටේම ඉන්න දුප්පත් මිනිස්සුන්ට රුපියල් 5000ක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවට යෝජනාව ගෙනාවේ වෙන කවුරුවත් නොව බැසිල්ය. කොරෝනාව නිසා ජන්දෙ කරන්න ගමට බහින්න බැරිව හිටපු මැති ඇමැතිවරුන් ඡන්ද කාලේ බය නැතිව ගිහින් පාක්ෂිකයන්වත්, ජනතාවත් හමුවෙලා කැම්පේන් එක කළේ බැසිල් ගමේ මිනිස්සුන්ට මේ දුන්නු රුපියල් 5000ට පින් සිද්ධවෙන්නය. මන්ත්‍රිවරුන් ගමේ මිනිස්සු පොහොට්ටුවට ඡන්ද දෙන්න පෙළගැස්සුවේ බැසිල් දුන්න මේ 5000 හයිය අරගෙනය.
අද වගේම එදා 2010 – 2015 ආණ්ඩු කාලයේත් මේ වගේම ආර්ථික අහේනියකට මුහුණදෙන්න මහින්දගේ ආණ්ඩුවට සිදුවිය. 2010 යුද්ධය දිනලා ආණ්ඩුව පිහිටෙව්වත් යුද්ධයට භාණ්ඩාගාරයේ තිබ්බ සල්ලි විශාල ප්‍රමාණයක් යට කළ නිසාත්, ඒ වෙද්දි ලෝක ආර්ථිකය විශාල වශයෙන් අර්බුදකාරී ලෙස කඩාවැටීමට පටන් ගැනීම නිසාත් ලංකාවේ ආර්ථිකය එන්න එන්නම කඩාවැටුණු තත්ත්වයකට පත්වෙමින් තිබිණ. ඒ වෙලාවේ ආණ්ඩුවට විතරක් නෙමෙයි මහින්දටත් තිබ්බ ලොකුම ප්‍රශ්නය වුණේ රටේ ආර්ථිකය මේ විදිහට වැටිල තියෙද්දි 2015 ජනාධිපතිවරණයට මුහුණදෙන්නේ කොහොමද කියන එකය. මේ නිසා රටේ ආර්ථික අර්බුදය වගේම මහින්දගේ හිතේ තිබුණු අර්බුදයත් එන්න එන්නම ඉහළ යන ආකාරයක් දැකගන්නට තිබිණ.
බැසිල් 2014 ජුනි මාසයේ හදිසියේම චීන සංචාරයක නිරත වූයේ මේ සියල්ල අතරවාරයේය. ඒ ගිය බැසිල් චීන උප ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිවරණයට කලින් රටේ ජනතාවට සහන දිය හැකි ලෙස ලොකු ණය මුදලක් අනුමත කර ගැනීමට බැසිල් චීන උප ජනාධිපතිවරයා එකඟ කරවා ගත්තේය. 2015 ජනාධිපතිවරණය කටමුල තියා මහින්දගේ ආණ්ඩුව නත්තල් පප්පාට ඇඳ රටේ ජනතාවට සහන දුන්නේ බැසිල් හොයාගෙන ආ මේ චීන සල්ලිවලින්ය. බඩු මිල විතරක් නොව ආණ්ඩුව තෙල් මිලද ඒ කාලයේ පහත දමා ජනතාවට විශාල සහනයක් ලබාදුන්නේ ඒ සල්ලිවලින්ය.

හැබැයි අද තියෙන්නේ ඊටත් වඩා නරන තත්ත්වයකි. මොකද කොරෝනාව ලංකාව පමණක් නොව මේ වන විට ලෝකයත් ගිලගෙන හමාරය. බැසිල් මේ සැරේ පාර්ලිමේන්තු එන්න යන්නේ කොරෝනාවලින් මේ විදිහට රටම විතරක් නෙමෙයි ලෝකයම වෙලාගෙන තියෙද්දීය. විපක්ෂය දැනටමත් බයවී බැසිල්ට ගහන්න පටන් අරන් තියෙන්නේ බැසිල් ගිය සැරේ පාර්ලිමේන්තු ඇවිත් මහින්දව ගොඩ දැම්මා වගේ මේ පාර ඇවිත් ගෝඨාව ගොඩ දාලා දෙයි කියාය. රටේ ආර්ථිකය ගොඩදාලා ජනතාවට සහන දෙයි කියාය. විදෙස් රටවල් සමඟ සාකච්ඡා කොට රටට ණය ආධාර අරන් එයි කියාය. බැසිල් එන්නත් කලින්ම විපක්ෂය මේ විදිහට බැසිල්ට ගහන්න පටන් අරන් තියෙන එකේ රහස ඒකය.
බැසිල් පාර්ලිමේන්තු ඒමේ දෙවැනි කාරණය විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුව උස්සන්න පටන් අරන් තිබීමය. ආණ්ඩුවට මේ වන විට තුනෙන් දෙක අති විශේෂ බලයක් තිබුණත් විපක්ෂය මේ දිනවල විවිධ මාතෘකා අල්ලගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවට තඩිබාන ආකාරයක් දැකගන්නට තිබේ. ආණ්ඩුව පැත්තේ විශාල මන්ත්‍රිවරුන් ප්‍රමාණයක් හිටියත් විපක්ෂයේ දේශපාලන තර්කවලට හරියට උත්තර දී ඒවා නිෂ්ක්‍රීය කරන්න ආණ්ඩු පක්ෂයට පාර පෙන්විය හැකි හරිහමන් නායකයෙක් දැනට ආණ්ඩුව ඇතුළේ නැත. විපක්ෂයේ මේ බලය කඩන්න රාජපක්ෂ පවුලෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා නියම සුදුස්සා වෙන කවුරුවත් නොව බැසිල්ය.
අනෙක් අතට එදා හැමෝම හිතුවේ විස්සට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළෙනුත්, පාර්ලිමේන්තුවෙන් පිටතත්, ආණ්ඩුව ඇතුළෙනුත්, ආණ්ඩුවට පිටිනුත් ආපු බලපෑම නිසා විස්ස හකුලගන්න වෙයි කියාය. ආණ්ඩුව ඇතුළේම බොහෝ දෙනා විස්සට එරෙහිව ප්‍රසිද්ධියේම මත ප්‍රකාශ කරන්නට පටන්ගත් නිසා විපක්ෂයත් හිටියේ විස්ස පරද්දන්න පුළුවන් කියන ලොකු විශ්වාසයකින්ය.
හැබැයි බැසිල් පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳන්ම විස්සට ගහපු ගේම නිසා අන්තිම මොහොතේ විපක්ෂය විතරක් නොව ආණ්ඩුව ඇතුළේ විස්සට එරෙහිව සිටි අයටත් යන්නට වුණේ කකුල් දෙකෙන් නොව හොම්බෙන්ය. ඒ නිසා බැසිල් පාර්ලිමේන්තුවට ආවොත් මුස්ලිම් මන්ත්‍රිවරු ආණ්ඩුවට කඩාගෙන ගියා වගේ නොව, ඩයනා ආණ්ඩුවට කඩාගෙන ගියා වගේ නොව තවත් හොඳ හොඳ කෙළි ටිකක් බලාගන්න හැකිවනු ඇති බව විපක්ෂය හොඳහැටි දනී. විපක්ෂය දැන්ම තියා බය බිරාන්ත වී බැසිල්ට ගහන්නට පටන්ගෙන ඇත්තේ ඒ නිසාය. මොකද බැසිල් කියන්නේම විපක්ෂය සුණුවිසුණු කර දැමිය හැකි පරමාණු බෝම්බයකි.
හැබැයි බැසිල් තවම තමන්ගේ පාර්ලිමේන්තු ගමන ගැන එළිපිට වචනයක් නොකීවත් මහින්දත්, ගෝඨාත්, නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ සියල්ලන්ම බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන කවදා කොහොම සිදුවනවාද යන්න දැනටමත් දැන සිටිනවා විය යුතුය. ඒ නිසා රාපක්ෂ පවුලේ මේ අයත් බලා සිටින්නේ විස්ස සම්මත කරද්දී බැසිල් පාර්ලිමේන්තුව එළියේ සිට පත්තු කරපු ගිනිකෙළි සංදර්ශන පාර්ලිමේන්තුව ඇතුළට ඇවිත් පත්තු කරන තෙක්ය. එදාට විපක්ෂයට පමණක් නොව ආණ්ඩුව ඇතුළේ ඉඳන් කන කන අයටත් දුවන්න අලුත් පාරවල් හොයාගන්න වෙනවා නිසැකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇයි බයිඩන්ට බය… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අපේ සමහරු සුද්දගෙ නැට්ට අතේ තියන් ඉන්නෙ

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.