ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංස්ථාවේ සේවයේ නියුතු 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර ඇත.
මෙලෙස ආසාදනය වූ රියැදුරන් අතර ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ රියැදුරුද සිටින බවත් වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
කොවිඩ් ආසාදනය වූ රියැදුරන් සිව් දෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව කුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.
මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද චන්ද්‍රපාල ලියනගේ සඳහන් කර සිටියි.










