සියලු ප්‍රාන්තවල ප්‍රතිපල නිකුත් කොට නොමැති වුවද මීට සුලු මොහොතකට පෙර ධවල මන්දිරයේ සජීවීව පෙනී සිටිමින් ප්‍රකාශයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිපල සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට යන බවත්, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.
දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිපල අනුව බයිඩන් මහතා ට්‍රම්ප් මහතාට වඩා ප්‍රාන්ත 28ක් දිනා ඉදිරියෙන් සිටී.
කෙසේවෙතත් ට්‍රම්ප් අධිකරණය හමුවට ගොස් ජන්ද ගණනය කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියහොත් බොහෝදුරට අවසන් ප්‍රතිපල නිකුත් කිරීම පමා වනු ඇති බව දැනගන්නට ඇත.










