කොළඹ වරායේ SAGT ආයතනයේ කොන්ත්‍රාත් පදනම මත පිරිසිදු කිරීමේ රාජකාරි කටයුතු කළ පුද්ගලයකුට Covid-19 වයිරසය ආසාදිත වී ඇති බව වාර්තා වේ.
අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව පැවසේ.
ආසාදිතයකු හමුවූවත් ආයතනයේ අනෙකුත් සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව වාර්තා වේ.
එක් සේවාමුරයකට 150ක පමණ සේවක පිරිසක් රාජකාරී කටයුතුවල නිරත වන අතර, ආයතනය කළමනාකාරිත්වය විසින් මාවනැල්ල පොලිස් වසමේ පදිංචි සේවකයින්ද සේවයට කැඳවා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ආසාදිත පුද්ගලයා උදෑසන සේවයට වාර්තා කර ඇත්තේ තවත් සේවකයින් 30ක් පමණ ගන්නා එකම බස් රථයක වන අතර වරායේ සෞඛ්‍ය නිලධාරීතුමන්ගේ උපදෙස් මත ආයතනය පවත්වාගෙන යන බව SAGT කළමනාකාරිත්වය සඳහන් කර ඇත.










