• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බ්‍රැන්ඩික්ස් එකෙන් මාළුකඩේට මාරුවුණු කොරෝනා මාරයා

November 2, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
බ්‍රැන්ඩික්ස් එකෙන් මාළුකඩේට මාරුවුණු කොරෝනා මාරයා
Share on WhatsAppShare on Facebook

පහුගිය සති අන්ත කීපයක් පුරාම ලිව්වේ දිවුලපිටිය ගැනය. ඒ වෙන කොට දිවුලපිටිය තිබුණෙ බරපතළ ප්‍රශ්නය ඒකය මේ වෙන කොටත් දිවුලපිටිය සීයට සීයක්ම නිරවුල් වෙලා නැත. අපි කලින් ලිපිවල කිව්වා වගේම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙමින් යනකොට මුළු රටටම මේ ප්‍රශ්නයට ගොදුරු වෙමින් යයි. ප්‍රශ්නයේ බරපතළකම ප්‍රමාණ වශයෙන් ලියන්නට නොහැක. ඒකට හේතුව මේ ලියන දවසේ ඉඳලා ඔබ කියවන දවස වෙනකොට බොහෝ දේ වෙනස් වෙලා තිබීමට ඉඩකඩ ඇති නිසාය. අගයන් විශාල වෙනු ඇත. එය නතර කරන්නට නොහැක. මුළු ලෝකෙම ආයෙමත් වතාවක් කොරෝනා අර්බුදයට ගොදුරු වෙමින් යන කොට අපි වගේ පුංචි දුප්පත් රටකට ඒකෙන් බේරෙන්න තියා හිතන්නටවත් බෑ කියනා එක සාමාන්‍ය සරල කාරණාවකි.
මේ ලෙඬේ රට පුරාම පැතිරෙන එක නතර කරන්න බරිවුණේ අපේ දුප්පත්කම නිසාම නොවේ. ඒකට හේතුව වෙන්නෙ වෙනමම දෙයකි. නමුත් මේ වෙන කොට පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙලා රජයට බැන්නට වැඩක් නැත. වගකීම වෙන වෙනම තිබ්බෙ අපිටය. අපි ඒක හරියට බාර නොගෙන, තවත් කෙනෙක්ට චෝදනා කරලත් වැඩක් නැත. ඒ නිසා මෙතැන් සිටවත් කාගෙවත් කතා අහන්නෙ නැතිව, අපි වෙනුවෙන් අපිම හිතමු. මේ ලියනා මොහොත වන විට රෝගීන් නිවෙස්වලය. ඔවුන් රැගෙන යන්නට නොහැක්කේ රෝහල්වල ඉඩ මදි නිසා බව පැහැදිලිව දන්වා තිබේ.
ඒ බොහෝ අයට දන්වා ඇත්තේ, ඇඳක් හිස් වූ වහාම රැගෙන යන බවය. මේ සෙල්ලම වැඩි කලක් කරගත නොහැකි බව ඉතාම පැහැදිලිය. ඒ නිසා ආරක්ෂාව වෙනුවෙන් සියලු කැපකිරීම් කිරීම ඔබේත් අපේත් සමාජ වගකීමක් වී තිබේ. දැන් තත්ත්වය හොඳටෝම නරකය. මේ ලිපිය ලියන්නේ ඒ වෙනුවෙන්ය.
මෙතෙක් අපි කතා කළේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ගැනය. නමුත් මේ කතා කරන්නට යන්නේ ඒ දෙකම ගැන නොව පෑලියගොඩ මාළු කඬේ ගැනය. අද “පෑලියගොඩ මාළු කඬේ” ගැන ලියන්න එන්නේ කොරෝනා නිසාය. නමුත් මේ මාළු කඬේ යනු ලංකාවේ අතිශය සුවිශේෂ තැනක්ය. මතකයන් ගොන්නක්ය. අතීතයේ සැමරුමක්ය. ඒ නිසා ඒ ගැන නොලියා මේ ගැන ලිවීම කියවනා ඔබට කරනා අසාධාරණයකි. හැබෑවටම මාළු කඬේ ඉස්සර පෑලියගොඩ තිබ්බේ නැත. මාළු කඬේ පෑලියගොඩට ආවේ බොහෝම මෑතකය. ඊට කලින් මාළු කඬේ තිබුණේ කොටුවේය. කොටුවේ ශාන්ත ජෝන් වීදියේය. සමහර ඔබ මේ ප්‍රසිද්ධ නූර්ති ගීය අසා ඇතැයි සිතමි. නැත්නම් මේ වචන දිගේ හොයාගෙන ගොස් අසා දැනගන්නා එකත් මේ වගේ නරක කාලයක යම් අස්වැසිල්ලක් වෙනු ඇත.
සාන්ත ජෝන්ගෙ වීදියේ කඬේ
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඬේ

මාළු කඬේ වටේ ගෑනු
පාලු නැතුව ඉඳිති පේනු
මාළු කඬේ වටේ ගෑනු
පාලු නැතුව ඉඳිති පේනු
සවස දෙකේ සිටලා රෑ
නවය දහය පසුවෙන තුරු
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ

සාන්ත ජෝන්ගෙ වීදියේ කඬේ..

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි
තූපහින්ද අරාබි එති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
රට ලබු වම්බටු කරපිංචද
සේරද විකුණන්නෙය

මේ ගීයෙන් සම්පූර්ණයෙන්ම ශාන්ත ජෝන් වීදියේ වූ මාළු කඬේ ගැන ඔබට අදහසක් ගත හැක. මේ ගීයේ අග සාමාන්‍යයෙන් ලංකාවේ ගීත සාහිත්‍යයේ හමුනොවන තාලේ වෙනසක්ද තිබේ. ඒ මේ පද දෙක නිසාය.
‘සිරිලක තුළ පින්වත් අපෙ සිංහල නාමෙට ගෞරව
මේ පද බැන්දේ සතොසින් ඒ ජෝශප් ඇන්ඩෲය මම’
කෙසේ වෙතත් මේ සින්දු ගැන කතා කරනා වෙලාවක් නොවන නිසා ඕවායේ ගුණ අගුණ වැඩක් නැත. එදාත් මාළු කඬේ හොඳටෝම ජනාකීර්ණව තිබුණ බව විශ්වාසය. සෑම ජාතියකම උදවිය ආ ගිය ස්ථානයකි. ඒ වගේම එදා මාළු වෙළඳාමට අතිරේකව වට පිට එළවළු වෙළඳාමක්ද සිදු වුණාය කියා හිතන්නට පුලුවන්කමක් තිබේ.
ඒකෙන්ම තේරෙන්නෙ කොළඹ නගරයේ වෙළඳාම කේන්ද්‍රගතව තිබුණ ප්‍රධාන ස්ථානයක් ලෙස මාළු කඬේ හඳුනාගත හැකිය. ඒ වගේම මාළු කඬේට අයිති වෙනමම සංස්කෘතියක් තිබුණේය. කොළඹ ඒ කාලෙ හිටි කොයි කොයි වැඩකාරයෝත් මාළු කඬේ පැත්තේ ගැවසුණේය. වරක් එකමත් එක කතාබහක මාළු කඬේ ගැන කියවුණ තැනක අපූරු චරිත දෙකක් හමුවුණේය. ඒ කතාව කිව්වේ දැනට මාළිගාවත්ත ෆ්ලැට්වල පදිංචිව ඉන්නා බොංගො පද්මේය. ඔහු කලක් මාළු කඬේ පැත්තේ එහෙම හොඳට කරක් ගැහූ හාදයෙක්ය. ඔහු කිව්වේ මෙහෙමය.
“ඉස්සර මාළු කඬේට හවසට ජෝතියි මිල්ටන් පෙරේරයි දෙන්නම මාළු කඬේට යනවා. ගිහිල්ලා ඉන්නෙ ජෝකින් අයියගෙ ලෑල්ල දෙපැත්තෙ. ජෝතිල ඉන්න නිසාම හුඟාක් මිනිස්සු එන්නෙ ජෝකින් අයියගෙ ලෑල්ලට”
මාළු කඬේට ඕනෑ තරම් රස කතා තිබේ. ලංකාවට එන බොහෝ වසංගත හමුවේ මාළු කඬේ නොසැලී තිබුණේය. කොළඹට ඕනෑ තරම් ප්‍රශ්න ආවේය. නමුත් දැන් සියල්ල කනපිට හැරවී තිබේ. මරණ සංඛ්‍යාත්මකව වැඩි වෙයි. මේ ලියනා මොහොතේ තියෙනා තත්ත්වයත් ඔබට කියවනා මොහොතේ ඇති තත්ත්වයත් එකිනෙකෙට සීයට සීයක්ම වෙනස් වී තිබිය හැක. අපේ නම් ප්‍රාර්ථනාව සියල්ල යහපත් වේවායි කියාය. නමුත් අපි ප්‍රාර්ථනා කරනා දේට වඩා හාත්පසින්ම වෙනස් දේ වේ නම් යළි හිත රිදෙන්නේත් අපේය. ඒනිසා මේ කනගාටුදායක කාලය තුළ ප්‍රාර්ථනා නොකර ඉන්නවා නම් හොඳය.
මාළු කඬේ කොරෝනා ප්‍රශ්නය එළියට එන්නේත් හදිස්සියෙමය. ගම්පහ දිස්ත්‍රික්කයේ බරපතළ ලෙස කොරෝනා පැතිරෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයටම අයිති පෑලියගොඩ මාළු කඩය වගේ වගක නැතිව ඇර තිබ්බේ ඇයිදැයි අපිට අහන්නට කෙනෙක් නැත. මීගමුවද මේ විදියටම විවෘතව තිබුණ අතර ලෙල්ලමේ රිසි සේ වෙළඳාම් වූ අයුරු අපි දෑසින් දුටුවෙමු. මෙවන් වාතාවරණයක් යටතේ සාමාන්‍ය සරල නීතිරීති කීපයක් පමණක් පනවමින් එවන් ජනාකීර්ණ වෙළෙඳපොළක් පවත්වාගෙන යාම කොයිතරම් බරපතළ දැයි බලධාරීන්ට නොතේරුණේය. නමුත් පෑලියගොඩ මාළු කඩය සහ යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශලාව අතර ඇති දුර කිලෝමීටර තිස් තුනයි දශම පහකි. සාමාන්‍යයෙන් මේ දුර ගෙවා යන්නට විනාඩි හතළිහක් ඇතුළත හැකියාව තිබේ. ඇඳිරිනීති සීමාවලින් පැනයාම හොඳටෝම සරල දෙයකි. මේ බව බලධාරීන් දැන නොසිටි එක අරුමයකි.
දැන් මාළු කඬේ තත්ත්වය අර ගීතයේ තියෙනවාට වඩා වෙනස්ය. සාමාන්‍යයෙන් පාන්දර එක විතර වෙන විට මෙහි රාජකාරි ආරම්භ කෙරේ. මාළු ලොරි රට වටෙන්ම ගේන්න පටන් ගනී. මේ වෙන කොට මාළු වෙළෙන්දෝත්. මාළු වෙළඳාමට සම්බන්ධ වෙනත් සේවකයෝත් මෙහි පැමිණෙන්නට පටන් ගනී. වෙළෙඳ පොළේ සුලු සුලු රස්සාවල් ඕනෑ තරම් තිබේ. ඒවා සඳහා එන අය ගාමන්ට් එකක මෙන් ලියා පදිංචි වී නම් සතිපතා එනවා යැයිද අපි නොහිතමු. මාළු පෙට්ටියක් දෙකකු උස්සා දෙන දවස් කුලීකාරයෙක් සමහර විට යළි කිසිම දිනක නොපැමිණෙන්නටද ඉඩ තිබේ.
ඒ නිසා සේවකයන් ගණන් හිලව් සහිතව හඳුනා ගැනීම පහසු නැත. ඒ හඳුනා ගත්තද ඔවුන් සොයා යාමට විශාල වෙහෙසක් දරන්නට සිදුවේ. සමහර විට මේ අයගේ උප්පැන්න සහතිකවල සඳහන් නමත් භාවිතා නමත් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඒ වගේම ඔවුන් ජීවත් වෙන්නේ වතු හෝ නිවාස සංකීර්ණ ආශ්‍රිතවය. මේවායේ නිවෙස් එකිනෙකට යාබදව පිහිටා ඇති අතර ජීවිත ගෙවී යන්නේ සියල්ලන්ම එක්වය. බොහෝ විට වැසිකිළි කැසිකිළි පවා එක්ව භාවිතා කරන අතර ඔවුන් නිතර එකිනෙක ගැටෙනා අයය. ඒ නිසා රෝගය පැතිර යාමේ ඉඩකඩ තවමත් පවතී.
ඒ වගේම සාමාන්‍යයෙන් මාළු කඬේ ජීවිතේද අමුතුය. ඔවුන් බොහෝ විට එකිනෙකාට ළංව කටයුතු කරයි. එකට කයි බොයි. එක ප්ලේන්ටිය එක සිගරට් එක බෙදා ගනී. මේවා සාමාන්‍ය ලක්ෂණයන්ය. පාන්දරින් අවදිවෙන මාළු කඬේ මාළු තට්ටු සමහරක් උදේ හය හත වෙද්දී සිය රාජකාරි අහවර කරයි. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.
මෙහෙම මාළු තට්ටුව ඉවර කරගත් ව්‍යාපාරිකයෝ සාමාන්‍යයෙන් අඩියක් ගහනා එක සිදුවෙයි. ඒ සඳහා විශේෂ තැනක් නැති අතර මේ අය ගත කරන්නේම එකිනෙකාට අතිශය කිට්ටු දිවි පෙවෙතකි. එක සිගරට් එකක් පත්තු කළ විට මුළු ලෑල්ලටම එය වටයක් යයි. ඒ නිසා මේ තත්ත්වය යටතේ කොරෝනා පෑලියගොඩ මාළු කඬේ වට කරනා එක ගැන පුදුම විය යුතුද නැත. මේ අතරම පෑලියගොඩ මාළු කඬේට පැමිණ පොලී මුදල් එකතු කිරීමක් ගැනද දැනගන්නට ලැබේ. මේ නිසා ඔහු මාළු ලෑල්ලෙන් ලෑල්ලට ගොස් මුදල් එකතු කිරීමක්ද සිදු වී තිබේ. එසේම මේ හඬ නගමින් කෑ ගසමින් කරන ව්‍යාපාරයකදී කෙළ බිඳිති විසිවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඒ නිසා වරදක් නැතත් මෙවැනි රෝග තත්ත්වයක් යටතේ එය බරපතල අවදානමකි. කෙසේ නමුත් පෑලියගොඩ මාළු කඬේ ආශ්‍රිතව පැනඩෝල් සහ උණ රෝගීන්ට අදාළ බෙහෙත් වර්ග වැඩියෙන් අළෙවි වෙන බවට කිසිවෙක් විසින් කරන ලද දැනුම් දීම නොවුණි නම් අදත් පෑලියගොඩ මාළු කඬේ ඇරලාය. එහි යන එන අය යති එති. සාමාන්‍ය පරිදි වෙළදාම් සිදුවෙයි. සාමාන්‍යයෙන් පෑලියගොඩ මාළු වෙළඳසැළ වෙත යන එන අය සීමාවක් මායිමක් නැත. යාපනේ සිට සෑම මුහුදු තීරයකින්ම වෙළෙන්දන්ද හෝටල් පාසල් විශ්ව විද්‍යාල කර්මාන්ත ශාලා ඇතුළු සෑම ස්ථානකින්ම පාරිභෝගිකයෙක්ද මෙහි එති යති. ඒ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මාළු හිඟයක් ඇති වෙතැයි සිතූ බොහෝ දෙනෙක්, වෙනදා නොයන අයද මාළු කඬේට ගියා යැයි අනුමාන කළ හැක. ඒ නිසාම තත්ත්වය දැනටද සාමාන්‍ය යයි සිතන්නට කලබල නොවිය යුතුය.
මාළු කඬේ ආශ්‍රිතයන් තවම හොයාගෙන අවසන් නැති බව ඉතාම පැහැදිලිය. මාළු කඬේ ඍජු සබඳතා ඇති අය පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබී දින කීපයක් යනතෙක්ම උන්නේ ගෙවල්වලය. ඔවුන් ගේ නිවැසියන් කියනා පරිදි,
“ඇඳන් නෑ දාන්න, ඇඳක් හිස් වුණාම අරගෙන යනවා”
යැයි වගකීමක් සහිත අය විසින් කියා තිබේ. ඒ කතාවේ වරදක් ඇතැයි අපි හිතන්නේ නැත. මේ වෙලාවේ ඔවුන් මුහුණදී ඇති තත්ත්වය එය විය හැක. නමුත් මෙය බරපතළ අර්බුදයක් පිළිබඳ ඉඟියකි. කවුරු කොහොම කිව්වද මේ ලියනා මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ රෝගීන් ප්‍රමාණය ඇඳන් ප්‍රමාණය ඉක්මවා යමින් තිබේ. දැන් දැන් නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රමය අවසන් කරන්නට පටන් ගෙන තිබේ. ඒ වෙනුවට නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් ආදේශක බවට පරිවර්තනය කොට පවත්වාගෙන යාමට සූදානම්ය. මේ වන විට රට පුරාම මාළු වෙළඳ පලේ ආශ්‍රිතයන් මතුවෙමින් එයි. ඒ අනුව තවදුරටත් තත්ත්වය ගැන පූර්ව නිගමන වලට එළඹිය නොහැක. මාළු වෙළෙඳපොළ වසා දැමීමත් සමග විශාල මාළු තොගයක්ද නාස්ති වී ගොස් තිබේ. ධීවර සංස්ථාව සතුව ප්‍රමාණවත් තරමට ශීතාගාර නැත. ධීවර වරාය සියල්ලේම අස්වැන්න දැමිය හැකි මට්ටමකවත් ශීතාගාර පහසුකම් නැති බව දැනගන්න ලැබේ. සාමාන්‍යයෙන් ලංකාවේ ධීවර සංස්ථාව සතු ශීතාගාර ප්‍රමාණය මාළු අස්වැන්නෙන් සීයට විස්සක පමණ එකකි. ඒ වගේම තවත් බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ බහුදින යාත්‍රාවල සිටිනා අයයි. ඒ අය සමහර විට දැනට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන අය සමග ඇසුරු කළ අය විය හැක. එසේ සබඳතා පැවැත්වීමෙන් පසු පිටත්ව ගිය අය යළි එන්නේ සමහර විට මාසයකින් දෙකකින් නැත්නම් ඊටත් වැඩි කාලයකිනි. ඔවුන් යම් හෙයකින් රෝගී වුවහොත් තත්ත්වය නරක අතට හැරෙනු ඇත. ඒ නිසා මේ ගෙවී යන්නේ සෑම අතකින්ම සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කළ යුතු කාලයකි. බලධාරීන් මෙයට බොහෝ වැඩියෙන් කල්පනාකාරී විය යුතුය. ලංකාවේ රෝහල් පහසුකම් ගැන අපිට අලුතෙන් කියා දෙන්නට අවශ්‍ය නැත. ඊළඟට වෙන්නේ රෝගීන් රෝහල් තුළට නොගෙනම නිවෙස්වල තබන්නටය. ඒ තත්ත්වයට එන්නට ඇත්තේ තව සුළු දුරක් බව සිහි තබාගෙන වැඩ කරමු.
මාළු ව්‍යාපාරිකයන් ගෙන් ඇහුණ සමහර කතා තිබේ.
වරක් එක් අයෙක් බදුල්ලට බස් රථයකින් ගොස් තිබුණේය. නමුත් ඔහු කියන්නේ ඒ ගැන මෙහෙම කතාවකි.
“මම දවස් දෙකක් හිටියා. මම ඉන්නෙ බෝඩිමක. කෑම කෑවෙ කඩෙන්. මට දවස් දෙකක්ම කන්න බොන්න තිබ්බෙ නෑ. ඒ නිසා ගෙදර යන්නෙ වුණේ”
ඔහු හරි ද වැරදි ද කියනා එක තීරණය කිරීම ඔබ සතුය.
“අපි පැය ගාණක් මුලංකාවිල් ආවා. ඊට කලින් උදේ ඉඳලා හවස් වෙනකල් මාළු කඬේ ඇතුළෙ හිටියෙ”
ඔවුන් වරක් කීවේය.
“මාළු කඬේ ඉන්නවා කියන්නෙ මාළු දාන තැන්වල ඉන්නවා කියන එක. හුඟාක් ලෑලිවල මුදලාලිගෙ කාමර තියෙනවා. ඒවා ඒසී එහෙම කරලයි තියෙන්නෙ. ඒ නිසා ලොකු අවුලක් නෑ”
තවත් අයෙක් කීවේය.
“මාළු කඬේ අයට නිතරම වගේ උණ හෙම්බිරිස්සාව තියෙනවා. සමහරු පීනස්කාරයො. පීනසේ හැදෙන්න ඕන කරන හැම දේම වගේ මෙතන තියෙනවා. එකක් වතුර. අනික අයිස් වගේම උදේම නැගිටිනවා. සමහරු එන්නෙ පාන්දර දෙකට තුනට විතර.
හැබැයි පහුගිය කාලෙ මෙහෙ අයට උණ ගැනුනා. ඒ වෙලාවට අපි කෑ ගැහුවා බේත් ගන්න කියලා. ඒත් හුඟාක් අය ඒ ගැන ලොකුවට හිතුවෙ නෑ. මොකද අර පරණ පීනස් සීන් එක කියලා හිතුවෙ”
ඔවුන් අප සමග කීවේය. ඒ අනුව රෝහල් ගතව සිටිනා අය අප සමග කී කතාව ඔබට කියා මේ ලිපිය අවසන් කරමු.
“අපෙන් මාළු ගන්න ආව කවුරු හරි කෙනෙක් ඉන්නවා නං, ඉක්මනට පී.සී.ආර්. කරගන්න. අපේ හැමෝටම වගේ මේ ලෙඬේ වැළඳිලා ඉවරයි.
ඒ නිසා අපෙන් සල්ලි ගත්ත අයට, අපිත් එක්ක කතා කරපු අයට ලොකු අවදානමක් තියෙනවා. අපි දන්නවා පහුගිය දවස් ටිකේ අපි නොදන්න අය හුඟාක් ආවා. ඒ අයටයි මේ කතාව කියන්නෙ. අපේ ආරක්ෂාවට නෙමේ. ඔයාලගෙ ආරක්ෂාවට. වහාම ගිහිල්ලා බලවගන්න”

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

විල්ලු අලි රජ කරන වස්ගොමුව

Next Post

ලංකාවේ කොරෝනා 11,000 පන්නයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.