යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුල්වීම සදහා පනවා ඇති තහනම පිළිබද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
මෙහිදී මාධ්‍යවේදියකු ඒ පිළිබද විමසීමක් කළ අතර එහිදී පොම්පියෝ මහතා සදහන් කර සිටියේ එම තහනම සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමාලෝචන කටයුතු සිදු කරන බවත්, එම තහනම අමෙරිකානු නීති ක්‍රියාදාමයේ කොටසක් බවත්ය.










