අද (26) සවස් වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව වර්තමාන ආර්ථික තත්ත්වය මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද කබ්රාල් මහතා විශේෂ දේශනයක් කැබිනට් මන්ත්‍රීවරුන් හමුවේ සිදු කොට ඇති බව වාර්තා වේ.
මෙම දේශනය පැයක කාලයක් පුරා ඒ මහතා විසින් සිදුකොට ඇති බවද දැනගන්නට තිබේ.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධ වගකීම් රැසක් කබ්රාල් මහතාට පැවරීමේ අරමුණින් යුතුව කැබ්නට් රැස්වීමට පැමිණෙන ලෙසට ඒ මහතාට ආරාධනා කොට ඇති බවකි.










