ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ අද (26) දින සිට කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු විභාග කල්දැමීමට තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගලගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සිට මෙම සතිය පුරා කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල්දැමූ බවයි.
මෙලෙස කල්දමනු ලබන සියලු නඩු විභාගයන් සඳහා ඉදිරි කාලයේ දී නව දිනයන් අදාළ පාර්ශවකරුවන් වෙත දැනුම්දෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහය.
මේ අතර අභියාචනාධිකරණය හමුවේ අද සිට කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ලම පවතින නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කල්දැමීමට පියවර ගෙන ඇතැයි අභියාචනාධිකරණය නිවේදනය කළේය.










