පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ එකොළොස් දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමු වී ඇති අතර ඒ සමග කැලණිය කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු හුදකලා කර තිබේ.
කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් මාර්ගයෙන් මෙම වයිරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.
මේ අතර මිරිහාන, සීදුව සහ නාරාහේන්පිට පොලිස් ස්ථානවල සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ පොලිසියේ නිලධාරීන් 345 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවයි.
ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග බවද ඔහු සඳහන් කළේය.










