හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ චරිතය අළලා නිර්මාණය කෙරුණු ‘සීරම් පුලි’ හෙවත් ‘රේජින් ටයිගර්’ චිත්රපටය ළගදීම ඉන්දීය සිනමාහල් තුළ ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී ප්රභාකරන්ගේ චරිතයට පණ පොවන්නේ ප්රවීණ ඉන්දීය නළුවකු වන බොබී සිම්හා විසිනි.
චිත්රපටයේ අධ්යක්ෂවරයා වන්නේ ‘උනක්කුල් නාන්’, ‘ලයිට්මන්’ සහ ‘නීලම්’ වැනි ආන්දෝලනාත්මක චිත්රපට නිර්මාණය කළ වෙන්කටේෂ් කුමාර් විසිනි.
මෙහිදී කොටස් 2කට චිත්රපටය නිර්මාණය වන අතර එහි පළමු කොටසින් ප්රභාකරන්ගේ පාසල් කාලයත්, ගරිල්ලා නායකයකු බවට පත්වන ආකාරයත් නිරූපණය කෙරේ.
දෙවන කොටසින් යුද සමය නිරූපිත බව වාර්තා වේ.











