වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
මීට අමතරව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට ලබන සඳුදා දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටී.










