අද උදෑසන 06ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.
මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටිය දී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ආසාදිත පුද්ගලයා නිරෝධායන රෙගුලාසි කඩ කරමින් කටයුතු කර ඇති නිසා ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරීමෙන් අනතුරුව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










