සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය හට පාර්ලිමේන්තවේ කොරෝනා සම්බන්ධ විවාදයේදී අදහස් දැක්වීම සදහා ආණ්ඩු පක්ෂයෙන් විනාඩි 10ක කාලයක් ලබා දී තිබිණ.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණියද එම පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරමින් ඩයනා ගමගේ මහත්මිය 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය භාවිත කිරීමට ඊයේ පියවර ගෙන තිබිණ.
ඒ අනුව අද දිනයේදී ඇයට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සදහා ආණ්ඩු පක්ෂයෙන් කාලය ලබා දීමට පියවර ගෙන ඇත.










