ද්විත්ව පුරවැසිභාවය වගන්තියට පක්ෂව ජන්දය භාවිත කළ මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පියවර ගත්තේය.
ඒ, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා කළ යෝජනාවකට අනුවය.
එහිදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මුෂාරෆ් මන්ත්‍රීවරයා කණ්ඩායම් රැස්වීමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මුෂාරෆ් මහතා අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය යටතේ දිගාමඩුල්ලට තරග කළ මන්ත්‍රීවරයෙකි.