20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්ද 156ක් හිමිවූ අතර විරුද්ධව ජන්ද 65ක් හිමිවිය.
මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.
මේ වනවිට කාරක සභා අවස්ථාව පැවැත්වේ.










