• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම හදන පළමු රැස්වීමේදීම බැසිල් දැඩි තීන්දුවක් ගනී

October 20, 2020
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
ගම හදන පළමු රැස්වීමේදීම බැසිල් දැඩි තීන්දුවක් ගනී
Share on WhatsAppShare on Facebook

මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වීමේ අදහසක් රජයට නැතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා පළාත් සභාවල දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු පළාත් සභාවල සියලුම ලේකම්වරුන් සමඟ අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල යටතේ, සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව වශයෙන් කමිටු පත්කොට ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටු ඉදිරි අයවැයට පෙර දිස්ත්‍රික්ක මට්ටමින් පලාත් සභා ආයතන නිලධාරීන් හමුවී ජනගැටලු අධ්‍යනය කිරීමට නියමිත අතර එම කමිටු ක්‍රියාත්මක වීමේදී පලාත් සභාවල දායකත්වය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෘහ ආර්ථිකය නගාසිටුවීම යටතේ ගෙවතු වගාව මෙන්ම සත්ව පාලනය, ජලජීවි වගාව, ගෘහස්ථ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය  ආදිය කෙරෙහිත් අවදානය යොමු කිරීම වැදගත් වන අතර මෙහිදී ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙයි.

කොරෝනා උවදුරට මුලු ලොවම මුහුණ දී සිටින අවස්ථාවක දේශීය ගොවිතැන හා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම මගින් දේශීය ගොවියාට මෙන්ම නිෂ්පාදකයාටත් සාධාරණ මිලක් ලබා දෙන අතරේ පාරිභෝගිකයින්ටද සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ අවකාශය සැලසීමේ හැකියාව පවතියි.

ඒ සඳහා දේශීය ගොවියා සහ නිෂ්පාදකයා දිරිගැන්විය යුතුව ඇත. දේශීය ගොවියා සහ නිෂ්පාදකයින් දිරි ගැන්වීම සඳහා මෙරට අපනයන ව්‍යාපාරිකයින් සහ පුද්ගලික අංශයේ දායකත්වය ලබා දීමට එකඟ වී ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේය.

මෙම අරමුණු සාක්ෂාත් කර ගනිමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී වැව් ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රදේශය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය බෙදා හැරීම, පොහොර සහනාධාරය බෙදා හැරීම ආදී සියලු කටයුතුවලට පළාත්සභාවල සහාය රජය අපේක්ෂා කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.  

මහජන නියෝජිතයින්ගෙන් තොරව වසර ගණනාවක් තිස්සේ පළාත් සභා ක්‍රියාත්මක වන මෙවැනි අවස්ථාවක මහජන අවශ්‍යතා හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබා දීමේ වගකීම ඇත්තේ පළාත් ආණඩුකාරවරුන්ට, ලේකම්වරුන්ට සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට  බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ‍

කොරෝනා උවදුර පවතින අවස්ථාවේ සෞඛ්‍ය අංශ මෙන්ම කැපවී කටයුතු කරමින් ජනතාවට සහන ලබාදීම සඳහා වෙහෙසෙන පළාත් සභා නිලධාරීන්ද මෙහිදී අගය කළ බැසිල් රාජපක්ෂ මහතා  සෑම නිවසක් ඉදිරිපිටම මැටි භාජනයක කහ පැළයක් සිටුවීමට ජනතාව උනන්දු කරවන ලෙසද විශේෂ ඉල්ලීමක් කලේය.

විෂබීජ නාශකයක් ලෙස යොදා ගන්නා කහ ශාකය නිවෙස් ඉදිරිපිට රෝපනය කිරීම මගින් නිවෙසට ආරක්ෂාවක් හිමිවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පෙන්වා දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීම සුදුසු වන බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කෙරෙන අතර ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන් සඳහා රජයේ නිලධාරීන් කාර්යක්ෂම සහභාගි කරවා ගැනීමට මෙමඟින් අපේක්ෂා කෙරෙයි.

SendShareShare
Previous Post

ලෝක වෙළෙද මධ්‍යස්ථානයටත් කොරෝනා බෝවෙයි

Next Post

අද රෝගීන් 180ක්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.