පාතාල කල්ලි අතර සිදුවූවේ යැයි කියන ගැටුමක් අතරතුරදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මධූෂ් විසින් කර ඇති හෙළිදරව් රටට අනාවරණය කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
වසරකට අධික කාලයක් මාකදුරේ මධූෂ් රහස් පොලිස් භාරයේ සිටි බව කී නලින් බණ්ඩාර මහතා එහිදී කුඩු මාෆියාවට සම්බන්ධ දේශපාලඥයන් රැසකගේ නම් හෙලි කර ඇති බවත්, අද ඔවුන් සතුටු වන බවත් නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.










