මෙරට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වූයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තිබූ නොසැලකිල්ල සහ නරුමකම නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එම ආයතනය පාලන අධිකාරිය සහ වෛද්‍යවරුන් මෙය රෝගය සම්බන්ධයෙන් දැක්වූ නොසලකිල්ල හේතුවෙන් මෙම කොරොනා දෙවැනි රැල්ල සැලකිය යුතු ව්‍යාප්තියක් වන තුරු හඳුනා ගැනීමට නොහැකි වූ බව ද ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ හිමිකරු වන්නේ ඔමාර් අශ්රොෆ්ය.










