පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පමණක් අද (20) දින පෙරවරු 10ට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ඊයේ දිනයේදී පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙම දැනුම් දීම සිදු කොට ඇති බව වාර්තා වේ.
මෙහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග අගමැතිවරයා සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.










