• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු බෝම්බය පුපුරන්න කලින් 15000ක් දැනගෙන ඉඳලා: හිටපු බුද්ධි අධ්‍යක්ෂ

October 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු බෝම්බය පුපුරන්න කලින් 15000ක් දැනගෙන ඉඳලා: හිටපු බුද්ධි අධ්‍යක්ෂ
Share on WhatsAppShare on Facebook

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් ලබාදුන් තොරතුර පිළිබඳව ප්‍රහාරය එල්ලවීමට පෙර සිටම මෙරට ආරක්ෂක අංශ ඇතුළු 15,000ක පමණ පිරිසක් දැනුවත්ව සිටියේ යැයි තමා විශ්වාසකරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (19) ජනාධිපති කොමිසමට අනාවරණය කළේය. 

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරන ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙත කොමිසමේදී හරස් ප්‍රශ්න කිහිපයක් අද  යොමුකළේය.

ජනාධිපති නීතිඥවරයා අසා සිටියේ, “ඔබ ප්‍රහාරයට පෙර අප්‍රේල් 18 සහ 19 යන දෙදින තුළ එවක පොලිස්පතිවරයාට යොමු කළ බුද්ධි ලේඛනවල අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද පුර්ව දැනුවත් කිරීම ගැන සඳහන් නොකළේ මන්ද?, යනුවෙනි.

“අපි 2017 ඉඳලම කිව්වේ සහරාන්ව නීශ්ක්‍රීය කරන්න කියලා.සහරාන්ව අල්ලගෙන සමාජයෙන් අයින් කරන්න කියලා. අනික ඔය අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් කරන ලද පෙර දැනුවත්කිරීම ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන ඉන්න ඇති,” යැයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයත් සමග කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ක්ෂණිකව විමසා සිටියේ, “ජයවර්ධන මහත්මයා ඔබ කිව්වා අප්‍රේල් 04 පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 11 වෙද්දි 10,000 ක විතර පිරිසක් දැනගෙන සිටියා කියලා. ඔබ ඒ කළේ හරිම බැරෑරුම් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඔබ වගකීමෙන්ද කළේ,” යනුවෙනි.

“ස්වාමිනි, මම වගකීමෙන් ඒ ප්‍රකාශය කළේ. හිටපු පොලිස්පති ජයසුන්දර මහතා පසුගියදා කොමිසම හමුවේ කිව්වා මේ අප්‍රේල් 04 මට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු පුර්ව දැනුවත් කිරීමේ තොරතුර අප්‍රේල් 09 මම එතුමාට යවපුවාම එතුමා ඒක පොලිස් විශේෂ කාර්යය බළකායට යැව්වා කියලා. මම දන්න විදිහට දිවයින පුරා පොලිස් විශේෂ කාර්යය බලකායේ සිටින භට ප්‍රමාණය 5000 ක් විතර. ඊළඟට ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට හිටපු පොලිස්පතිවරයා මේ තොරතුර දුන්නා කියනවා. පාර්ලිමේන්තුවේ ඉන්න එක මන්ත්‍රී කෙනෙක්ට පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනෙක් ගානේ ගත්තොත් පෞද්ගලික ආරක්ෂකයින් 450 ක් විතර මේ තොරතුර ගැන දැනගන්න ඕනේ. සමහර ඇමතිවරුන්ට පෞද්ගලික ආරක්ෂකයින් 7 -10 ඉන්නවා. එහෙම බැලුවොත් පෞද්ගලික ආරක්ෂකයින් 800 ක් වත් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. හැබැයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම දන්නේ නැහැ කියනවා. ස්වාමිනි මගේ පෞද්ගලික ආරක්ෂකයෙකුට මේ වගේ තොරතුරක් ආපුවම මමනම් දැනුවත් නොවී ඉන්නේ නැහැ. ඊළගට හිටපු පොලිස්පතිවරයා කියනවා මේ අප්‍රේල් 04 පෙර දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැව්වා කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ ඉන්න 8000 ක් විතර පොලින් නිලධාරින් මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. ඊළගට 20 උදේ තානාපති කාර්යාල මගෙන් අහනවා. ඔය කළින් එවපු තොරතුරමද කියලා. ඒ කියන්නේ තනාපති කාර්යාලත් දැනුවත්ව ඉදලා. මෙහෙම බලද්දි විදෙස් බුද්ධි අංශයකින් රහසිගතව එවපු තොරතුරක් වුණාට මේ තොරතුර ගැන සහරානුත් දැනන් ඉන්න ඇති. ඔක්කෝම එකතු කරපුවාම 10,000 ක් නෙමේ 15,000 ක් විතර මේ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන දැනගෙන ඉදලා තියෙන්න ඕනේ,” යැයි නිලන්ත ජයවර්ධන මහතා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

SendShareShare
Previous Post

සඟරුවනේ විරෝධය පලදරයි: විස්සේ වගන්ති 3ක් වෙනස් කරයි

Next Post

‘කොලිවුඩ් මුරලි’ සේදුපති 800න් අයින් වෙයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.