ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) දින මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට පියවර ගෙන ඇත.
මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්ද, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක පිළිසදරක නිරත වීමටද ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.
මීට අමතරව මැණික්හින්න හූරිකඩුව විද්‍යාසාර පිරිවෙන් විහාරස්ථානයට ගොස් ඇති ජනාධිපතිවරයා රාමඥ්ඥ මහනිකායේ මහානායක නාපාන පෙමසිරි හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පියවර ගෙන ඇත.










