විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මුල සිටම අදහස් දැක්වූ ආණ්ඩුවේ අමාත්‍යවරුන් සත්‍ය ලෙසම ඊට විරුද්ධ වූවාදැයි ඉදිරියේදී බලා ගත හැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
එසේ සත්‍ය ලෙස විරුද්ධ වූයේ නම් ඒ විරෝධතා කාරක සභා අවස්ථාවේ ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.
එසේ නොමැතිව ඇමැති කටු සූප්පු කරමින් සිටියහොත් ජනතාව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවත්, රටම ඔවුන්ගේ තීන්දුව දෙස බලා සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.










