අධිකරණ වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග ලබාදී ඇත.
2019 ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කරවීම සදහා අවතැන් වූ පුද්ගලයන්ට රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස් රථ ලබාදීම මෙම උපදෙස් ලබාදීමට හේතුවී තිබේ.
ඒ අනුව වහාම රිෂාඩ් බදුර්දීන් මහතා වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නා ලෙසද නීතිපතිවරයා නියෝග කොට ඇත.










