රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි කංකසන්තුරේ දක්වා ස්ථාන මාරුවීම් ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා යළි අද දිනයේ කොළඹ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ.
ජාලිය සේනාරත්න මහතා මාරුකොට යවා තිබුණේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙසටය.
නමුත් එම තනතුරේ වැඩ භාරගැනීමටත් ප්‍රථම ඒ මහතා අද දිනයේ නැවැත වතාවක් කොරෝනා මර්දනය කිරීම සදහා පොලිස් මූලස්ථානය තුළ පිහිටුවා ඇති ඒකකයට මාරුකොට යවා තිබේ.
මේ අතර උතුරු කොළඹට මාරුකොට තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙඩිසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල භාර පොලිස් ප්‍රධානියා වශයෙන් පත්කොට යවා තිබේ.










