තවත් කොවිඩ් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් 51 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වන බවත්, ඉන් 15 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ සමීපතමයන් බවත් යුදහමුදාපතිවරයා කීය.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1397කී.










