කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙක් කොවිඩ් -19 ආසාදිතයෙක් බවට තහවුරු කරමින් එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කොට ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කරමින් නිකුත් කළ එම නිවේදනය මෙසේය.
2020 ඔක්තෝබර් මස 12 වෙනිදා
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකු හට අද පෙරවරුවේ COVID-19 පරීක්‍ෂණයක් සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය ධනාත්මක වූ බවට පළවන මාධ්‍ය වාර්තා සනාථ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළඳී ඇති බව විශ්වාස කෙරේ.
වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ රාජකාරී කළ සේවකයින් 50 දෙනෙකු මේ වන විට PCR පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි.
ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සිය ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට ගුවන් සමාගම සෑම පියවරක්ම ගෙන ඇති අතර සෞඛ්‍ය හා අනෙකුත් රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරයි.
ආයතනික සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම










