වහාම ක්‍රියාක්මක වන පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව විශාල ලෙස පහත දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් ඒ මහතාගේ ආරක්ෂාවට ලබා දී තිබූ විශේෂ කාර්ය බළකා සෙබළුන් 100ක කණ්ඩායම 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව සිරිසේන මහතාට ලබා දී තිබූ පොලිස් නිලධාරීන් 100 දෙනා 54 දක්වා අඩු කිරීමටද සැලසුම් කර ඇති බව පැවසේ.
එමෙන්ම මෙතෙක් මෙම පිරිස රැදී උන් සිරිසේන මහතා රැදී සිටින නිල නිවෙසට යාබදව පිහිටා ඇති නිල නිවාසයද රජයට යළි පවරා ගැනීම සදහා මේ වනවිටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව දැනටමත් පියවර ගෙන ඇත.










