චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අස්සන් කෙරුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600 (රුපියල් බිලියන 16.5) ප්‍රදානයක් ලබා දුන්නේය.
චීනයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ සභාපති වැන්ග් ෂියෝටා සහ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් විසින් ඔක්තෝම්බර් 9 වන දින මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.
මෙම අත්‍යවශ්‍ය හදිසි විදේශාධාර ප්‍රදානය ලබා දීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය අවංක ප්‍රණාමය ප්‍රකාශ කළහ.
දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය එකඟතාවය මත, චීන රජය සහ එරට ජනතාව විසින් කාලෝචිත ලෙස ලබා දෙන මෙම ප්‍රදානය ශ්‍රී ලංකාව තුල ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය සහ ජල සැපයුම වැඩිදියුණු කෙරෙනු ඇත.
මීට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වුණි.
මෙම රැස්වීමේදී චීනය විසින් ලබා දී ඇති වෙනත් මුල්‍ය ප්‍රදාන මත ක්‍රියාත්මක කෙරෙන පොලොන්නරුවේ ජාතික වකුගඩු රෝහල සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය වැනි ව්‍යාපෘති ගැනද සාකච්චා කෙරිණි..
COVID-19 වසංගතය මුහුණදෙන අවස්ථාවක වුවද මෙම ව්‍යපෘති යහපත් ප්‍රගතියක් පෙන්වීම පිළිබඳව ඔවුහු සතුට පළ කළහ.










