• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා රැල්ල ගැන චම්පිකගේ හෙළිදරව්ව

October 11, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා රැල්ල ගැන චම්පිකගේ හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල ගුවන් තොටුපල හරහා පැමිණි මගීන් (සැප්.22) විමසීමේදී පෙනී ගියේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් බ්‍රැන්ඩික්ස් සමාගමේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ විශාකාපට්නම් සිට පිරිසක් පැමිණ ඇති බවය.

ඊළඟට සිය පදය වෙනස් කළ අදාල සමාගම කීවේ, පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමුකළ බවත්ය. එය ඇත්තක් නම් එකී පිරිස අඩු තරමින් දින 14 ක් (එනම් ඔක්තෝබර් 06) දක්වා නිරෝධායන මධ්‍යස්ථානයකත්, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයේත් (ඔක්.20 දක්වා) සිටිය යුතු බවය. නමුත් මත්තල ගුවන් තොටුපල භාර සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටින්නේ එවැනි නිරෝධායනයක් සිදු නොවුනු බවය. පැමිණි පිරිස නිරෝධායනය වූ තැනක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙසටත් ඔවුන් අදාල සමාගමත් කොවිඩ් මර්ධන කාර්ය සාධන කමිටුවත් අභියෝගයට ලක් කර ඇත. මේ අතර අදාල සමාගම තමන් විසින් 344 ක පිරිසක් විටින් විට පසුගිය කාලයේ විදේශ වල සිට මෙරටට ගෙන ආ බව පිළිගෙන ඇති නමුත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ අයගේ නම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇත.කොවිඩ් මර්ධන රෙගුලාසිවලට අනුව, සාමාන්‍ය රැස්වීම්වලට පවා පැමිණෙන අයගේ අනන්‍යතාවය පොලීසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනට ලබාදිය යුතුව තිබුණද මෙතරම් ව්‍යවසනකාරී මොහොතකදී පවා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකී නිරෝධායන නීති රීති බල නොපාන්නේ ඇයිද යන්න පිළිබඳව පොලීසියත් කොවිඩ් මර්දන බලකායත් රටට පිළිතුරු දිය යුතු වෙයි. අදාල තොරතුරු කියාපාන්නේ එලෙස රැගෙන ආ පිරිස ආරක්ෂක අංශ විසින් රැගෙනගිය බවය.

එමෙන්ම, වෛද්‍ය විශේෂඥයින්ගේ මතය වන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයින් අතර රෝග ලක්ෂණ සැප්තැම්බර් 24 දා සිට පැවති බවය. ඒ සඳහා සුළු ප්‍රතිකාර කර ඇති බවය. අහම්බෙන් පළමු රෝගියා හමුවූයේ ඔක්තෝබර් 04 දාය. මේ කරුණු සියල්ල අදාල සමාගමේ සේවකයින් මේ වනවිටත් තහවුරු කර හමාරය. බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භක සත්‍ය තොරතුරු යටගැසීම නිසා මේ වනවිට රට පුරා කොවිඩ් ආසාදිතයින් දහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, දස දහසකට අධික සමීප සබඳතා පැවැත්වූයේ යැයිද වාර්තා වී ඇත. සිදුව ඇතිදේ ඉතා පැහැදිලිය. කවර හෝ හේතුවක් මත ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට ඇඟළුම් සේවකයින් මිනුවන්ගොඩ කම්හලට පැමිණ ඇති අතර, සේවකයින් පුහුණු කිරීම කොවිඩ් ආසාදිත පිරිසක් විසින් කොවිඩ් වැලැක්වීමේ මාර්ග උපදේශනවලට පටහැනිව කම්හල තුළ සිදුකර ඇත. සැප්තැම්බර් 24 දා වනවිටත් සේවකයින් අතර කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව ඒ අනුව පැහැදිලිය. කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් මෙයට මැදිහත් වීමක්ද සිදුකර නැත. දැන් රට ඇත්තේ දෙවෙනි කොවිඩ් රැල්ල අභිමුවය. මෙයට වගකිවයුත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය පමණක්ම නොවේ. මත්තල ගුවන් තොටුපල භාර නිලධාරීන්, රජයේ නිරෝධායන ක්‍රියාවලිය බාර නිලධාරීන් හා විධිමත් ලෙස කොවිඩ් මුලදී හඳුනා නොගත් සියළුම වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ද වේ.

විශේෂයෙන්ම මෙහිදී කොවිඩ් කාර්ය සාධන බලකාය සහ ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියා කර ඇති ආකාරය අතිශයින්ම සැකකටයුතුය. ඇඳිරි නීතිය හෝ වෙනත් වැරදි තොරතුරක් පිළිබඳව ෆෙස්බුක් පෝස්ට් ෂෙයා වූ පමණින් පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා රටක, දහස් ගණනක් කොවිඩ් ආසාදිතයන් පැතිරීම වෙනුවෙන් වගකිව යුතු අය ගැන ජනතාව තේරුම් ගත යුත්තේ කෙසේද?මේ පිළිබඳව ජනාධිපතිවරයා හා රජය විධිමත් පරීක්ෂණයක් කර පොලීසිය ලවා නීතිය ක්‍රියාත්මක කරයිදැයි සැක සහිතය. එයට හේතුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ රැකියා අවස්ථා හා විදේශ විනිමය ඉපැයීම අතින් රටට කරන සේවය හෝ එහි අධිකාරී මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ කිට්ටුම උපදේශකයින් හා ආධාරකරුවන් වීමම නොවේ. අද ලංකාවේ කොවිඩ් වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය ඇතැම් පිරිසක් විසින් කෑදර, ධනය ඉපැයීමේ ක්‍රියාවලියක් බවට පත්කරගෙන ඇති බැවිනි.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙද්දී වෛරස් නාශකයන් (Sanitizer) ගෙන්වීම හා ඒවා නිපදවීමට කියමින් එතනෝල් ගෙන්වන රජයට ඉතා සමීප ව්‍යාපාරිකයන්ටද චෝදනා එල්ලවී ඇත. නිරෝධායන ක්‍රියාවලිය හමුදාව විසින් සිදුකරන බව කීවද හෝටල් පහසුකම් සැපයීම, රෝගීන් ප්‍රවාහනය ආදිය ආණ්ඩුවේ කුප්‍රකට ව්‍යාපාරිකයන් අතට පත්වී එය ජාවාරමක් වී ඇති බවටද චෝදනා ඇත. ඒ අතර ඇඳිරි නීතිය පනවන වාරයක් පාසා ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදා හැරීමද එවැනිම ජාවාරමක් බවට පත්වී ඇති ආකාරය කණගාටුදායකය.ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වීම නිසාත්, රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ ශක්තිය නිසාත්, ආණ්ඩුව හා ජනාධිපති ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කළ නිසාත් කොවිඩ් පළමු රැල්ල පාලනය කළ හැකි විය. නමුත් ක්‍රමයෙන් වසංගත පාලනය ජාවාරමක් වීම හා වසංගතය අතරතුර ධනය ඉපැයිය හැකිය යන කූඨ අදහස සමාජගත වීම නිසා කොවිඩ් වසංගතය මැඩලීමද කෑදර ව්‍යාපාරයක් වී ඇත්දැයි සැකයක් මතුවී ඇත.මා දන්නා විශේෂඥ වෛද්‍ය වරයෙක් පසුගිය 07 වැනිදා මා හට කීවේ බ්‍රැන්ඩික්ස් පොකුර කෑදර ධන තණ්හාවේ ප්‍රතිඵලයක් බවය. එය පොදුවේ කොවිඩ් මර්ධනයට මුවා වී අයථා ලෙස ධනය උපයන සියල්ලන්ට පොදු කරුණකි. මෙය කොවිඩ් මර්ධනයට කැපවීම් කරන සියල්ලන්ටත්, එයින් බැටකන සියල්ලන්ටත් සිදුකරන ලද සමාජ අපරාධයකි. කොවිඩ් මර්දන රෙගුලාසි කඩ කළ ශ්‍රී ලන්කන් සමාගම, මත්තල ගුවන් තොටුපල බල අධිකාරිය, සෞඛ්‍ය බලධාරීන් බ්‍රැන්ඩික්ස් ආයතනය, නිරෝධායන ක්‍රියාවලියට පිරිස යොමු කරවන වගකිව යුත්තන් ආදියදටද නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ අපරාධයේ වගකීම රජයට එල්ලවීම වැලැක්විය නොහැකිය.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

අද 61ක්: දැන් බ්‍රැන්ඩික්ස් පොකුර 1247යි

Next Post

ලංකාවටම ඇවිත් චීනය බිලියන දහසයාමාරක් දීලා යයි

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.