කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම ආරම්භ වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අංශ නියම කර තිබූ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් කර්මාන්ත ශාලාව සිය නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකළේද යන්න සොයා බැලීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතය.











