රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි අගලුම් කම්හලක සේවය කරන තරුණයකුටද කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇතැයි කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පවසයි.
එම ආයතනයේ සේවකයන් 27 දෙනකු සේවය කරමින් සිට ඇති අතර ඒ සියලු දෙනාටම පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය හේතුවෙන් කෝට්ටේ මහනගර සභාවේ කටයුතු කල්තැබීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.










