මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමාජය තුළ සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බවය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට පසුගිය 04 වන දින කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර ඉන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී එම ආයතනයේ තවත් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තේය.










