• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20ට මහින්ද කැඳවූ රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)

October 4, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
20ට මහින්ද කැඳවූ රහස් සාකච්ජාව (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

20 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 39 මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර, මේ සති අන්තය වන විට එහි තීන්දුව කතානායකවරයා වෙත ලැබීමට නියමිතව ඇත. පෙත්සම් ආරම්භයේදීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේ එහි පවතින වගන්ති 32ක් සහ පේළි 51ක් සංශෝධනය කිරීමට සැලැසුම් කර ඇති බවකි. එම සංශෝධන කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේය. ඒ අනුව 20 වන සංශෝධනයේ සංශෝධන වීමට නියමිත තැන් 83ක් පවතින බව නීතිපතිවරයාගේ ප්‍රකාශයෙන් ප්‍රකට වන කරුණකි.
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ 20 සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ ඇති ගැටලු විසඳා ගැනීම ඉලක්ක කරගෙනය. මෙම රැස්වීමට ආණ්ඩුවට සම්බන්ධ සියලුම පක්ෂ නායකයන් මෙන්ම තවත් විශේෂ අමාත්‍යවරයෙක්ද එක්ව සිටිනු දැකගන්නට ලැබිණ. ඒ අන් කවුරුවත් නොව අධිකරණ අමාත්‍ය අලි සබි්‍රය. මහින්ද අලි සබි්‍රව කැඳවා තිබුණේ පක්ෂ නායකයන් විසින් මතුකරනු ලබන විරෝධතා සහ යෝජනා සඳහා ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබාදෙනු පිණිසය.
මෙම රැස්වීම තර්ක විතර්ක, වාද විවාද මැද බොහෝ වෙලාවක් පැවැත්වෙනු දැකගත හැකි විය. එහිදී මහින්ද පළමුවෙන්ම පක්ෂ නායකයන්ට 20 සම්බන්ධයෙන් ඇති සිය අදහස් විවෘතව පළකිරීමට ඉඩකඩ සලසා දුන්නේය. ඒ අනුව සියලුම පක්ෂ නායකයන් පාහේ 20 සම්බන්ධයෙන් තමන්ගේ අදහස් නොවලහා පළකිරීමට පියවර ගත්හ. එහිදී බොහෝදෙනා පෙන්වා දුන්නේ ස්වාධීන කොමිෂන් සභා ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත්, 19 හරහා පාර්ලිමේන්තුවට ලබාදුන් බලය ඒ අයුරින්ම ඉදිරියටත් පැවැතිය යුතු බවය. මහින්දද ඒ සියල්ල සාවදානව අසා සිටිමින් අලි සබි්‍රට කියා සිටියේ පක්ෂ නායකයන් දක්වන මෙම අදහස් සියල්ලම සංශෝධන ලෙස පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසටය.
සාකච්ඡාව අවසන් භාගයේදී පක්ෂ නායකයෝ මහින්දගෙන් තවත් ඉල්ලීමක්ද කළහ. ඒ, අලි සබි්‍ර විසින් සකස් කරනු ලබන මෙම අදහස් ඇතුළත් සංශෝධන වාර්තාව කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරීමට ප්‍රථම තමන්ටද ලැබීමට සලස්වන්න යැයි කියාය. මහින්ද ඊටද එකඟතාව පළකළේය. ඒ අනුව මේ දිනවල අලි සබි්‍ර විසින් පක්ෂ නායකයන් මෙහිදී දැක්වූ සංශෝධන ඇතුළත් විශේෂ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ. එම සංශෝධන නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙනු ලැබූ සංශෝධනවලට අමතරව ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රියාජ් මුදාහැරීම පසුපස ආණ්ඩුවේ ඩීල් එකක් ගැන කාදිනල් හිමිට සැකයක් (VIDEO)

Next Post

දිවුලපිටියේ ඇගලුම් සේවිකාවකට කොරෝනා: 55ක් නිරෝධායනයට

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.