• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20ට විරුද්ධ වන ලෙසට විදුරගේ නංගි එවපු සැර ලියුම මෙන්න (රාජ්‍ය රහස්)

October 3, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 3 mins read
A A
20ට විරුද්ධ වන ලෙසට විදුරගේ නංගි එවපු සැර ලියුම මෙන්න (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ තවත් ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන විදුර වික්‍රමනායකගේ සොහොයුරිය වන තුෂාරා වික්‍රමනායක මහත්මිය පසුගිය සතියේ සිය සොහොයුරා වූ විදුරට ලිපියක් එව්වාය. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන තුෂාරා කාන්තා සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව පෙනීසිටින සිවිල් ක්‍රියාකාරිනියක් ලෙසද ප්‍රකටය.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වීම හේතුවෙන් නිරන්තරයෙන්ම දේශපාලන ගතිලක්ෂණද ඇයට ජානවලින්ම හිමිව තිබිණ. ඒ නිසාමදෝ ඇය මේ දිනවල ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇති 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිය ඍජු අදහස් පළකිරීමට පියවර ගෙන තිබිණ. ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. එම සටහන හරහා ඇය සිය සොහොයුරා වූ විදුරගෙන් ඉල්ලා තිබුණේ 20 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙසටය. 20 වැනි සංශෝධනය රටට අහිතකර එකක් බවද ඇය සිය සටහනේ දක්වා තිබීම විශේෂ සිදුවීමක් විය.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

20ට එරෙහි වෙන්න – යුතුකම ඉටු කරන්න.
තෙරුවන් සරණයි! ලොකු අයියේ, පොඩි කාලේ මම ඔයාට ලියුම් ලිව්වේ “ලොකු මචං” කියලා. පොඩි අයියට “පොඩි මචං” කියලා. මම ඔය දෙන්නට වඩා ගොඩක් බාලයි. පවුලේ බාලයා නිසාත්, ගෑනු දරුවෙක් නිසාත්, ඉස්සර නම් පවුලේ කිසිම වැදගත් සාකච්ජාවකට වත්, දේශපාලන විවාදයකටවත් එකතු වුණේ නෑ. නමුත් මමත් දැන් යමක් කමක් තේරෙන වැඩිහිටියෙක්.
අපිට උරුම වූ රටක්, රටට යන කලක්, මගෙ පොඩි උන්ට ඉතුරුවෙන රටක් ගැන මම බොහොම කනස්සල්ලෙන් දිනපතාම කල්පනා කරනවා. අවාසනාවකට මම පරිනත වෙනකොට අපේ ගුරුන්නාන්සේලා දෙන්නම අපිට අහිමි වෙලා.
මුලින්ම ඔයාට සුබ පතනවා තාත්තිගෙ රෙකෝර්ඞ් එක සම කළාට. කළුතර අංක 1 – වික්‍රමනායක! ඒ වගේම ඔයාට ලැබෙන තනතුරු ගැනත් මට සන්තෝසයි. නමුත් තාත්ති වගේම ඔයත් පට්ටම් බලාගෙන දේශපාලනය නොකරන බව මම දන්නවා. ඒ නිසයි මම මේ කන්නලව්ව පොදු ජාලාවකින් කියන්න හිතුවේ.
මම ඉපදෙන කොටත් තාත්ති පරිණත දේශපාලඥයෙක්. ඕගොල්ලන්ට තරම්වත් තාත්ති මගේ ජීවිතේට සම්බන්ධ වුණේ නෑ. ඔහු රටේ පියා මිස අපේ පියා වුණේ කලාතුරකින්. අම්මිගෙ පුදුමාකර ධෛර්යය නොමැතිව අපි කාණුවක මිය ගිහින් කියපු ඒ කතාවේ සත්‍ය මට දැනුයි අවබෝධ වෙන්නේ. ඇයයි ඔබේ මුළු ජීවිතයේම සෙවනැල්ල වූයේ. කොටින්ම, තෙවරක් අගමැති වූත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එකම වැඩ බලන ජනාධිපති වූත්, රටේ පියා වූ අපේ පියාවත්, රාජ්‍ය ඇමති වන පවුලේ වැඩිමලා වන ඔබවත් ඇය නොහිටින්න දේශපාලනයේ වැජඹෙන්නේ නැත.
ඔයාගේ දේශපාලන ගමන් බිමට මුලින්ම මම එකතුවුණේ 2010 මහ මැතිවරණ කැම්පේන් එකේ කාන්තා නියෝජිතවරිය ලෙසයි. ඔයාට යන්න බැරි වුණු සෑම ගමකටම මම ගියා. ඔයාගෙ ගුණ වර්ණනා කරලා ඔයාව මිනිසුන්ට හදුන්වා දුන්නා. ඒ පාර ඔයා කළුතර අංක 7න් නූලෙන් බේරුනා. අගමැති වෙච්ච තාත්තටවත් බැරි වුණා දේශපාලුවන් එක්ක හැප්පිලා පුතාව නම්බර් 1 කරන්න.
නමුත් අපි පාලු දේශපාලනයක් නොකරපු පවුලේ දරුවන්. එකම කැළලක් නැතුව, එකම චෝදනාවක් නැතුව, වාහනයක්, ටෙලිපෝනයක්, ආරක්ෂක භටයෙක් නැතුව, කිසිම බලතල අවභාවිතයක් නැතුව ඇත්තටම පොළොවේ පයගහලා ජීවත්වෙන්න පුලුවන් වෙන්න හදපු ළමයි තුන් දෙනෙක්. ඔයාවත්, පොඩි මචං තරම්වත් මම දේශපාලනයේ පිච්චියක වාසියක් නොලබපු නම්බුකාර පුරවැසියෙක්. ඒ පුරවැසි වගකීමයි අද මම සපුරන්නේ.
අයියේ, අපි කෙළින් කතා කරමු. ඔයා හොඳටම දන්නවා අග්‍රාමත්‍ය රත්නසිරි වික්‍රමනායක, 2010-2015 දෙවන අදියරේ නැගී ආ පවුල් බලය ගැන විරුද්ධ වුණු කෙනෙක්. ඒකට වන්දිය එතුමා තනතුරෙන්ම පුද කළා. රූකඩ අගමැති කෙනෙක් ඊට පස්සේ පත් කරගත්තේ ඒකනෙ. නමුත් රත්නසිරි කිසි දිනක පට්ටමක් ලබා ගැනීමටවත්, පට්ටම තබා ගැනීමටවත් තම ප්‍රතිපත්ති බිල්ලට දුන්නෙත් නෑ, දණින් වැටුණෙත් නෑ. එහෙම වුණානම් ජ්‍යෙෂ්ඨතම සුදුස්සා වූ ඔහුයි රටේ විධායක ජනපති වන්නේ.
නමුත් ඔහු නිර්භය දේශප්‍රේමි නියමුවෙක් වුණා. අග්‍රාමාත්‍ය ලෙස ජාත්‍යන්තරයට ගිය ඔහු රටේ ස්වාධීනත්වය නොපැකිලී තහවුරු කළා. අවි බිම නොදැම්මොත් උණ්ඩයෙන් මැරුම් කන්න ලෑස්ති වෙයන් කියලා අහිංසක මිනිසුන් බිළිගත් ත්‍රස්තවාදීන්ට විවෘත වේදිකාවකදී බුලට් පෘෆ් වෙස්ට්
(Bullet proof west) එකක් නොඇඳ රතු එළියක් නිකුත් කළේ දැන් ලකුණු දාගන්නා ලේකම්වරු නොවේ. ඒ කතාව අහලා බයවුණු මම, ජීවිතයේ පළමු වතාවට ඔහුගේ දේශපාලනය ගැන එංගලන්තයේ ඉඳන් කෝල් කරලා ඔහුට පරිස්සම් වෙන්න කියලා අඬ අඬා ඉල්ලනකොට ඔහු කිව්වේ “දුවේ, suicide bomber (මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්) කෙනෙක් ඇවිත් මොනවා කළත් බේරෙන්නේ නෑ”. යථාර්ථය හදුනාගත් දේශ සේවකයාව මම මුල් වරට හඳුනාගත්තේ එදයි.
තාත්ති නැති වුණේ 2016 දෙසැම්බර් 27. අවසන් මොහොත තෙක් කල්පනා ශක්තිය තියුණුව තිබුණා. 2016 අප්‍රේල් මාසයෙත් ජනාධිපති සිරිසේනට තමන්ගේම අතින් ලියූ ලිපියක මෙහෙම ලිව්වා “පක්ෂය එක්සේසත් කොට රටේ සෞභාග්‍යය උදෙසා කටයුතු කිරීමට ඔබට ශක්තිය ලැබේවා. ලබන්නා වූ නව වසර සුභ වේවා”. කෙළින් කතා කරපු ජනාධිපති උපදේශක නියමුවාට සවන් නොදීමේ විපාක රටටම පල දුන්නා.
ඔයත් කතා කරන්නේ Bullet proof west එකක් නැතුව. ඔයාගේ එකම බලාපොරොත්තුව වුණේ දේශපාලකයෙක් වෙන්න. අම්මි ඔයාව එයින් ඈත් කරන්න බැලුවත්, පිලිපීනයට යැව්වත්, ඔයාගේ දොලදුක නිවුණේ නෑ. රටේ ප්‍රථම විධායක ජනාධිපති, JR ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඳු නාරටිය කඩන්න මැතිනිවයි, තාත්තිවයි අනෙක් ජේ්‍යෂ්ඨ සාමාජිකයන්වයි ‘නැක්සලයිට්’ කියලා හිර කරගෙන ඉන්නකොට ඔයා පිලිපීනයේ ඉඳන් තාත්තිට ලියුම් එව්වා. පිලිපීනයේ ඒකාධිපති ජනපති මාර්කොස්ට විරුද්ධව නැගුණු peoples power (පුරවැසි බලය) වගේ මහජනතාව එකතු
කරගෙන රජය පෙරළන්න කියලා ඔයා උපදෙස් දුන්නා මතකද? ඒ ලියුම් දැක්ක මිලිටරි භටයෝ න්‍ගඍගට දන්වලා ඔයාව හොයනකොට අම්මියි උන්ව නොමග යැව්වේ.
අයියේ, තාත්තිගේ දේපළ සියල්ල ඔයාටත්, පොඩි අයියටත් පමණක් දුන්නේ අම්මිව අන්ත අසරණ කරලා. ඇයගේ අවසන් කාලයේ ඇයට රැකවරණය තනිවම දුන්නේ මමයි. ඔයාට සල්ලි වියදම් කරලා පිටරට ඉගැන්නුවා. ඔයාට ඉන්න ගෙයක් දුන්නා. වාහනයක් දුන්නා. වතු දුන්නා. කුඹුරු දුන්නා. දේශපාලනයට උදව් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලින් කාර් පර්මිට් දෙකක් විකුණපු සල්ලි ලැබුණා. විශ්‍රාමික වැටුපකට හිමිකම් තියනවා.
ඔයාට අහිමි වෙන්න දෙයක් නෑ. අලාභයක් වෙන්න දෙයක් නෑ. නමුත් ඔයාගේ හෘදය සාක්ෂියට එකඟව ඉතිහාසගත එකම වැඩ බලපු ජනාධිපතිගේ ලොකු පුතා හැටියට මේ වෙන්න යන විපත වළක්වන්න. රටේ දැන් වෙන්නේ පක්ෂ ප්‍රතිපත්තියට අදාළ කිසිවක් නොවේ. 2010-15ටත් වඩා දරුණු පවුල් ප්‍රතිපත්තියක් කියලා ඔයා හොඳටම දන්නවා.
දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකෘතියි. අයිතීන් කම්මුතුයි. Bullet proof west එකක් ඇඳලාවත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝධනයට විරුද්ධ වෙන්න. මුතු ඇටයේ peoples power නියමුවා වෙන්න.

මට අද වගේ මතකයි අවුරුදු 17න් දේශපාලන වේදිකාවේ ඔයාගෙ කුළුඳුල් කතාවේදී, හාල් මැස්සෙක් වගේ සිහින් සිරුරක් තිබ්බ ඔයා කමිසේ ඇරලා පෙන්නුවා “රත්නසිරිගෙ ලොකු එකා” කියලා. මට එතකොට යන්තම් අවුරුදු 10යි.
ලොකු මචං, ඔයා එදා සිහින මැවූ, පොරොන්දු වූ රට අපි අද හදමු. අපේ වෙනස්කම් ඉවත දමා එක් වෙමු. අපි දෙන්නම තාත්තගේ කපාපු Bullet proof westලු. මම නැතුවා හෝ ඔබට රට බේරා ගැනීමට ධෛර්යය, ශක්තිය සහ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 20ට එරෙහි වෙන්න – යුතුකම ඉටු කරන්න.
’

කෙසේ වෙතත් තුෂාරි සිය සොයුරා වන විදුරට තැබූ මෙම සටහන එක් වරම ආණ්ඩුවේ ප්‍රධානීන්ටද දැකගන්නට ලැබුණේ නැත. නමුත් එක්තරා මන්ත්‍රිවරයකු මෙම ලිපිය දැක එය ආණ්ඩුවේ ප්‍රධානීන් අතට පත්කිරීමට පියවර ගෙන තිබුණේ එහි ඇතුළාන්තය බොහෝ ආන්දෝලනාත්මක කරුණුවලින් පිරී තිබුණු නිසාය. නමුත් ලිපියේ සඳහන් කර ඇති ආකාරයට සිය සොහොයුරියගේ කීම අසා විදුර 20ට එරෙහිව යයිද, එසේත් නැත්නම් ආණ්ඩුව විස්සේ අහිතකර කරුණු සංශෝධනය කර එය සියල්ලන්ටම පිළිගත හැකි එකක් බවට පත්කරාවිද යන්න සම්බන්ධයෙන් කීමට දැන්ම කල් වැඩිය.
ඒ කෙසේ වෙතත් සිකුරාදා දිනයේ එක්තරා පුවත්පතක් වාර්තා කර තිබුණේ විදුර 20ට විරුද්ධ බවකි. පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් විදුර ඒ බව සඳහන් කළ බවද අදාළ පුවතේ සඳහන් විය. මෙම පුවත සිකුරාදා දිනයේ සියලුම වෙබ් අඩවිවල හා සමාජ මාධ්‍ය ජාලාවල පලවීමත් සමඟ ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ සමඟම සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විදුර කියා සිටියේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් කෙටවීම සඳහා එවැනි පුවතක් පළකොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් එකී පිරිසට අනුකම්පා කරන බවත්ය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ශ්‍රීලනිප ඇමැතිවරයකුගේ හයියෙන් හම්බන්තොට මහා ඉඩම් කොල්ලයක්

Next Post

විජේදාස දෙබරෙට ගල් ගහයි: 20ට එරෙහිව ජනපතිට ලිපියක් යවයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.