කතරගම පැවැත්වීමට නියමිත 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් අවම කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව තරගාවලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රමාණය පවා අවම කරන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කොට ඇත.
මීට පෙර මාධ්‍යවේදීන් සදහා නවාතැන් ලෙස සුපිරි හෝටල් ලබා දුන්නද මෙවර රජයේ නිවාඩු නිකේතන ඒ සදහා භාවිත කිරීමටද තීන්දු වී ඇත.










