ගමේ ප්‍රශ්න සොයාබැලීම සදහා ගමට යාමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ වැඩපිළිවෙළේ දෙවන අදියර හෙට (02) මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ජනාධිපතිවරයා හෙට පෙරවරු 10.30ට මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ගමට පැමිණීමට නියමිතය.
මෙහි පළමු පියවර පසුගිය සිකුරාදා දිනයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ගමේ පැවැත්විණ.










