• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාඩි වාක්‍යයෙන් බණ්ඩාරනායක ඝාතනය කල් තියාම කී හැටි මුල් වරට හෙළිවෙයි

September 30, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
නාඩි වාක්‍යයෙන් බණ්ඩාරනායක ඝාතනය කල් තියාම කී හැටි මුල් වරට හෙළිවෙයි
Share on WhatsAppShare on Facebook

“රතනපාල නමැති ගුරුවරයකු යටතේ දැනට පැවිදිවී සිටින මේ තැනැත්තා මීට පෙර ගුණරතන කියන ගුරුවරයකු යටතේ මහණවෙලා සිට පසුව සිවුරු හැර තියෙනවා යැයි නාඩි වාක්‍යකරු කීමෙන් මම පුදුමයෙනුත් පුදුමයට පත් වුණා” යැයි නිල්වක්කේ සෝමානන්ද නාහිමියන් පැවසුවේ නාඩි වාක්‍ය පිළිබඳව උන්වහන්සේ ගේ විශ්වාසය ගොඩනැගුණු අන්දම කීමටය.

ඉන්දියාවේ බුද්ධගයාවේ විහාරාධිපති වශයෙන් එක්දහස් නමසිය විසි තිස් ගණන්වල (1920-30 සිට එකදහස් නමසිය හැත්තෑව (1970) පමණ තෙක් උන්වහන්සේ කටයුතු කෙළේය. උන්වහන්සේගේ විහාරස්ථානය කෑගල්ල, මොලගොඩ, අන්නාසිගල, කුඹල්දිවෙල, ගලගනේ පුරාණ රජ මහ විහාරස්ථානය වුවත් විශ්‍රාම ගත් පසුව වැඩි වශයෙන්ම ගතකළේ රඹුක්කන මැදගොඩැල්ලේ අපේ අපේ පන්සලේය. ඊට ප්‍රධානම හේතුව වූවේ අපේ පන්සලේ විහාරාධිපති මෙනේරිගම චන්දානන්ද හිමියන් නිල්වක්කේ හාමුදුරුවන්ගේ හොඳම යාළුවා නිසාය.
සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක කුඹල්දිවෙල ගලගනේ පුරාණ රජ මහ විහාරස්ථානය උතුවන්කන්දේ උතුවන බෝධිරාජාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය හෙට්ටිමුල්ලේ සිද්ධාර්ථ නාහිමියෝ නිල්වක්කේ සෝමානන්ද හිමියන් ගැන මෙසේ කීහ.
“නිල්වක්කේ සෝමානන්ද නාහිමියන් මගේ ගුරුහාමුදුරුවන්ගේත් ගුරුවරයා. උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ කෑගල්ලේ නිල්වක්ක කියන ප්‍රදේශයේදි එක් දහස් අටසිය අනූ නමයෙ (1899)දී. උන්වහන්සේ මහා පඬිවරයෙක්, සිංහල, දෙමල, ඉංගිරිසි, පාලි, සංස්කෘත, හින්දි, උර්දු, මගධ ආදී භාෂා දාහතක් විතර කියන්න ලියන්න, කතා කරන්න පුළුවන්. උන්වහන්සේ ධම්මපදය දෙමළ භාෂාවට පරිවර්ථනය කළා. තවත් පොත් බොහොමයක් ලීවා. අනගාරික ධර්මපාලතුමා අපේ පන්සලටම ඇවිත් නිල්වක්කෙ සෝමානන්ද හාමුදුරුවො දඹදිවට වඩම්මාගෙන ගොස් බුද්ධගයාවෙ විහාරාධිපතින් වහන්සේ හැටියට පත් කරල තියෙන්නේ. උන්වහන්සේ මහා අපිස් ජීවිතයක් ගත කළේ. මා මේ වෙසෙන කුඹල්දිවෙල විහාරස්ථානයත්, මාවනැල්ල කැප්පෙටිපොළ විහාරස්ථානයක් උන්වහන්සේට අයිතිව තිබුණා. ඕවගෙන් මට වැඩක් නෑ කියල මට පවරලා දුන්නා. උන්වහන්සේ නිතර භාවනා කළා. උන්වන්සේගේ අවසාන කාලයේදී මමයි ඇප උපස්ථන කළේ.

මේ ලියුම්කරු පාසල් සමයේ පටන්ම නිල්වක්කේ සෝමානන්ද හිමියන් සමග සමීප ඇසුරක් පවත්වමින් ඉංගිරිසි පාලි සංස්කෘත දෙමළ ජ්‍යොතිෂය සහ නාඩි වාක්‍ය ආදි විෂයයන් පිළිබඳව උගත්තේය. එසේ උන්වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කරද්දී (1960-1975) සාකච්ඡා කෙරුණු මෙසේ දක්වමු. (නාඩි වාක්‍ය පිළිබඳව ලංකාවේ ප්‍රථම වතාවට විස්තර සහිත ලිපි පෙළක් ලියනු ලැබුවේ මේ ලියුම්කරු විසින් බවද, ඒ සුබසෙත පුවත්පතට සම්බන්ධවී කටයුතු කළඑක්දහස් නමසිය හැත්තෑදෙකේ සිට අසූ දෙක (1972-1982) දක්වා කාලයේදී බවද සඳහන් කරනු කැමැත්තෙමි.”
නාඩිවාක්‍ය පිළිබඳව සිය දැඩි විශ්වාසය ඇති වූ අයුරු නිල්වක්කේ සෝමානන්ද හිමියෝ වැඩිදුරටත් මෙසේ විස්තර කළහ.
“නාඩිවාක්‍යකරුත් වෙන සාස්තරකාරයින් වාගෙ බොරු කියනව නම් මට විතරක් සීමා වූ ඉතාම පෞද්ගලික තොරතුරු ඔහුට දැනගන්න විදිහක් නෑ. ඒකයි මා පුදුමයට පත් වුණේ.
මා ඇග්මෝර්වල සිටියදීත්, ගයාවෙ (බුද්ධගයාවෙ) සිටියදීත් නාඩි වාක්‍ය ගැන විස්තර දැනගත්තත් මට ඒ ගැන අහන්න බලන්න කිසිම වුවමනාවක් තිබුණේ නෑ. ලංකාවෙ සිට විශාල සංඛ්‍යාවක් නාඩි වාක්‍ය (ශාස්ත්‍ර) බලන්න ඉන්දියාවට ආවා. පැලෑනෙ වජිරඥාන, බලන්ගොඩ ආනන්ද මෛත්‍රි, වජිරාරාමයේ නාරද වැනි නායක හිමිවරුන්ද, ගුණපාල මලලසේකර වැනි වියතුන් සහ එංගලන්තෙන් ඇමරිකාවෙන් ඉංගිරිසි ජාතික උගතුන්ද එසේ ආවා.
ඒ සෑම කෙනකුටම ඉඳුම් හිටුම් දුන්නා. අවශ්‍ය පහසුකම් සැපයුවා, නාඩි වාක්‍ය බලන තැනට එක්කත් ගියා. වන්දනාවෙත් එක්ක ගියා. (එසේ ගිය කීපදෙනකු කී විස්තර පසුවට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරමි) ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඔය ක්‍රියාවලිය කළත් මා කිසි දිනෙක නාඩි වාක්‍ය බැලුවෙ නෑ.

මගේ ජන්ම පත්‍රයේ (කේන්ද්‍රයේ) කිසියම් දෝෂයක් ඇති බව මට පසුකලෙක අවබෝධ වූ නිසා එය පැහැදිලි කර ගන්නයි මා එතැනට ගියේ. එසේ ගොස් බලන විට නාඩි වාක්‍යකරු කී කරුණු නිසා මට පුදුම නොවී ඉන්න බැරි වුණා.
මගේ ගිහි නම (වයස අවුරුදු දහය fදාළහ කාලයේ) හේරත්හාමි කියල නාඩි වාක්‍ය පත් ඉරුවල සඳහන්ව තිබුණා. උපන්නේ නිල්වක්ක ගමේ කියන එකත් තිබුණා. මගේ පියාගේ නම කිරිඅප්පුහාමි බවත්, මවගේ නම මැණික්හාමි බවත් සඳහන්වී තිබුණා. මට ලොකුම පුදුමය ඇති වුණේ මා දෙවරක් මහණ වූ බව කීමයි. එය සත්‍ය විස්තරයක්. වයස අවුරුදු fදාළහේ තරම් කාලයේදී ගුණරතන කියන ගුරු හාමුදුරුවන් යටතේ පේමානන්ද නමින් මහණවී අවුරුද්දකින් පමණ සිවුරු ඇරියා. ඊට අවුරුද්දකට විතර පස්සේ රතනපාල ගුරු හාමුදුරුවන් වහන්සේ ළඟ සෝමානන්ද කියන නමින් පැවිදි වුණා. ඔය සිද්ධි කිසි කෙනකු නොදන්නා දේවල්.
මගේ පලාපල විස්තරයක් කියන්න දින දෙක තුනකට පස්සෙ එන්න කියලත් නාඩි වාක්‍යකරු මට කීවා” යැයි කී සෝමානන්ද හිමියෝ මෙසේද කීහ.
“දින දෙකකට තුකට පස්සෙ එන්න කියන්නෙ රහසිගතව තොරතුරු හොයා ගන්න කල් ගන්න කියල කෙනකුට කියන්න පුළුවන් වුණත් ඉන්දියාවෙ සිට සැතපුම් සිය ගණනක් දුරින් මා ඉපදුණු ලංකාවෙ පුංචි ගමක එක් දහස් නමසියයෙ දි (1900) තරම සිද්ධ වූ දෙයක් සොයා ගනී කියන එක නම් මට විශ්වාස කරන්න බෑ.
කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම අනුව මගේ පලාපල විස්තරය බලන්න දින තුනකට පමණ පසු මා ගිය අවස්ථාවේ ඔහු කීවේ වයස අවුරුදු හතළිස් නවයෙදි (49) මට සෙංගමාලය වැළඳෙන බවයි.
මගේ ජන්මයේ කර්ම පල විස්තරය දක්වා තිබුණේ නාඩිවාක්‍යවල කර්ම කාණ්ඩයේයි (පූර්ව භාව). මට සෙංගමාලය වැළඳීමට හේතුව වශයෙන් සඳහන්ව තිබුණේ පූර්ව ආත්මයකදී මා කළ අකුශල කර්මයක පලයක් හැටියටයි. ඒ ආත්මයේ මා ඉන්දියාවේ මදුරාපුරයේ ඉපිද මහණවී සිටියදී නායක පදවියකට තවත් හාමුදුරු නමක් සමග ගැටුමක් ඇති කරගත් බවයි. ඒ ගැටුමෙන් මා ජය ගත්තත් පරාජයට පත් හාමුදුරුවන් වහන්සේ කළ ශාපය නිසා මට සෙංගමාලය වැළඳෙන බවයි. ඒ රෝගය සුවවීමට කළ යුතු වතාවත්ද ගත යුතු ඖෂධ ගැනද ගත යුතු ආහාර පාන වර්ග ගැනද නාඩිවාක්‍යවල ඖෂධ කාණ්ඩයේ විස්තර කර තිබුණා” යැයි උන්වහන්සේ පැවසූහ.
පෞද්ගලික තොරතුරු විස්තරවලට දේශපාලන දේශපාලන වෙනස්කම් ඇතිවන සිද්ධීන් පවා නාඩිවාක්‍යවල විස්තර කර ඇති බවද කීය.
ඇන්.කිවූ. දියෙස් මහතා එක් දහස් නමසිය පනස් ගණන්වල (1950) මුල් කාලයේදී මා සොයා ගෙන ඇවිත් මා සමග නාඩි වාක්‍ය බලන්න ගියේ දේශපාලන හේතුවක් නිසා. සමාජවාදී අදහස් තිබුණු ඔහුගේ කතාවලින් මට තේරුම් ගියේ එවකට පැවති ආණ්ඩුව ගැන හොඳටම කලකිරී සිටි බවයි. ඒ මහත්තයාට ඕනෑ වුණේ ඔහුගේ වචනවලින්ම කියනවා නම් බලයේ සිටි ධනවාදී කුරිරු පාලනයෙන් මහජනයා මුදා ගන්නෙ කොහොමද කියන එකයි.
මාත් සමග නාඩිවාක්‍ය බලන්න ගිය ඔහු ඒ ප්‍රශ්නය විමසුවා. ඒකට පිළිතුර තිබුණේ ප්‍රශ්න කාණ්ඩයේ. පිළිතුර මහජනයා අණ්ඩුව කෙරෙහි කළකිරවන අයුරින් කටයුතු කළ යුතු බවයි.
ඇන්. කිව්. දියෙස් මහත්තයාගේ ඊළඟ ප්‍රශ්නය ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? පිළිතුර වශයෙන් සඳහන්ව තිබුණේ මහජන මතයක් ගොඩ නැගිය යුතු බවයි. ඊළඟට ඒ සඳහා කළ යුත්තේ කුමක් දැයි ආදී වශයෙන් ඇන්.කිව්. දියෙස් මහතා ප්‍රශ්න වැළක් ඇහුවා. මාත් බලාගෙන හිටියා. නාඩි වාක්‍යකරු පිළිතුරු දුන්නා.
“සමාවෙන්න නායක හාමුදුරුවනේ, ඒ විස්තර සඳහන් වෙලා තිබුණේ මොන භාෂාවෙන්ද? (ඒ මා කරුණු පහැදිලි කර ගැනීම සඳහා නිල්වක්කේ නායක හාමුදුරුවන්ගෙන් ඇසූ ප්‍රශ්නයයි.
“දෙමළෙන්” යැයි කී පිළිතුරු දුන් හාමුදුරුවෝ මෙසේද කීය. “දෙමළෙන් කීවාට දැන් කතාකරන ලියන දෙමළ වාගෙ නෙමෙයි ඒවා. භාෂාව වෙනස්. අපේ කව්සිළුමිණ ලියල තියෙන්නෙ සිංහලෙන් වුණත් ඒ සිංහල අද තියෙන සිංහල වාගෙ නෙමෙයිනෙ. අන්න ඒ වාගෙ තමයි නාඩිවක්‍ය ලියල තිබුණු දෙමළෙන්” යැයි කී උන් වහන්සේ නැවතත් මෙසේ කීහ.

“මහජන මතයක් ගොඩ නැගෙන අයුරින් මහජන බලයක් ඇති කර ගැනීමේ පරමාර්ථයෙන් මහජනයා ඇදී එන අන්දමේ සමිති සමාගම් රට පුරා ඇතිකළ යුතුයි යන අදහස නාඩි වාක්‍යවල සඳහන් පිළිතුරේ තිබුණේ.
ඒනිසා තමයි පනස් හයට පෙර (1956) සාසනාරක්‍ෂක සමිති කියල සමිති සමාගම් රට පුරා බිහිවුණේ. ඒ විතරක් නෙමෙයි. සඟ, වෙද, ගොවි, ගුරු සහ කම්කරු කියන පංච මහ බලවේගය ලෙසින් රටේ මහජනතාව පිබිදී ඒකරාශි වීමක් වුණේ.
ඒ නාඩි වාක්‍යවල තිබුණු කරුණු නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා හැටියට ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වුණා” යැයි කී උන්වහන්සේ සුසුමක් හෙළා “ඒ දේවල් හරියට තේරුම් ගන්න බැරුව ක්‍රියා කළ උදවිය නිසා මහා විනාශයකුත් වුණා” යැයිද පවසා ඊට පස්සෙ තප්පර කීපයක් විනාඩි කීපයක් කොපමණ වේලාවක් නිහඬව සිටියේ දැයි කිව නොහැකි වුවත් උන්වහන්සේ හිස් බැල්මකින් බොහෝ වේලාවක් නිහඬව සිට බණ්ඩාරනායක ඝාතනය යැයි පවසා මා දෙස බලා උන්හ.
“ඒ කතාව දැනගන්න කැමැතියි හාමුදුරුවනේ” මම සෙමින් කිවෙමි.
“ඕව මහ භයානක දෙවල්, හැබැයි පත්තරේට ලියනව හෙම නෙමෙයි”,
“එහෙයි” (මේ ලියුම්කරු ඒ දිනවල(1972) සුබසෙත කර්තෘ මණ්ඩලයේ සිටියේය.)
බණ්ඩාරනායක මහත්තය අගමැති වෙලා ටික කාලයක් යන කොට ඔය කුඹුරු පනත වාගෙ දේවල් ගෙනාව කියන සිද්ධිවලින් පසු ඔහුට විරුද්ධව පිරිසක් කටයුතු කරන්න වුණා. ඒ මහත්තයා බලයට පත් කරන්න බොහොම වෙහෙසුණු මහා සංඝයා වහන්සේලා අතරින් ඉතා බලසම්පන්න කීපදෙනෙකුම ඒ අතරෙ හිටියා. ඒ අතරින් කීප දෙනකුම ඇවිත් මා හමුවෙලා නාඩි වාක්‍ය බලන්න යන්න ඕනෑ කීව.
හැමකෙනකුගෙම ප්‍රශ්න මට කියන්න වුණේ නාඩි වාක්‍යකරු කතා කළේ දෙමළෙන් නිසා. ඒ නිසා එන හැම කෙනකුගෙම ප්‍රශ්න නාඩි වාක්‍යකරුට ඉදිරිපත් කළේ මම. ඔහු දෙන පිළිතුරුත් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි වාක්‍ය අහන්න එන එක්කෙනාට කියල තෝරල දෙන්න වුණේත් මට.
බණ්ඩාරනායක මහත්තයට එරෙහි කණ්ඩායමේ අයට ඕනැ වුණේත් ඊට ඉස්සර එන්.කිව්. දියෙස් මහත්තයලාට ඕනැ වුණා වාගෙ බණ්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුව හුඟක් කල් තියෙනවද කියන එක දැනගන්නයි.
නාඩි වාක්‍යවල පිළිතුර වුණේ ඉක්මණින්ම අවසන් වෙනව කියන එකයි.
ඊට පස්සෙ බලයට පත්වෙන්නෙ කවුද කියන එකයි අහපු ඊළඟ ප්‍රශ්නය. ඒකට ලැබුණු උත්තරේ කාන්තාවක් කියන එකයි. ඒ අවස්ථාව වන විට මට දැන ගන්න ලැබුණෙ හැම අතින්ම බලසම්පන්න කාන්තාවක් හැටියට හිටිය කාන්තාව බණ්ඩාරනායක මහත්තයගෙ අමාත්‍ය මණ්ලයෙම හිටපු සෞඛ්‍ය ඇමතිවරියයි. ඔය හරිය විතරයි මම දන්නේ. ඊට පස්සෙ බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වුණා. එතුමාගෙ නෝනා සිරිමාවෝ බණඩාරනායක මහත්මිය ලෝකයේ පළමුවන අගමැතිනිය වශයෙන් නම් දරා බලයට පත් වුණා. කැලණි රජමහ විහාරාධිපති කැලණියේ බුද්ධරක්ඛිත හාමුදුරුවන් ඇතුළු කිප දෙනකුම සිරගත කෙරුණා. තල්දූවෙ සෝමාරාම කියන හාමුදුරුවන්ට පෝරකයට යන්න සිද්ධ වුණා. රටේ උසස් තනතුරු දැරූ කීප දෙනකුටම තනතුරු අත්හරින්න වුණා. ඒව මහ ප්‍රසිද්ධ කතා. ඔය ඔක්කොම වුණේ නාඩි වාක්‍ය බලල නිවැරදි දේ තේරුම් ගන්න බැරිව බලය ගන්න කටයුතු කිරීම” යැයි උන් වහන්සේ පැවසූහ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෛත්‍රීපාලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Next Post

රාජ්‍ය ඇමැති සීතාගේ ඇපල් ෆෝන්-කුඩ-ලයිට් ලියුමෙන් ජංජාලයක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.