කතෝලික විභාවනයෙහි සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් පාස්කු ඉරිදා සිදු වූ ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීමට නියමිතය.
අද (30) දහවල් මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉටුකිරීමේ දී යට ගිය මූලික කරුණු කාරනා සම්බන්ධයෙන් පෙරේදා (28) දින ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා හා ජනාධිපති කාර්යාලයේ අනෙකුත් සෙසු නිලධාරීන් සමඟ පැවැති සාකච්ජාවකින් අනතුරුව අමරසිංහ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.