• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලේ DON ‘රොහා’ අල්ලපු හැටි-මරපු හැටි EXCLUSIVE

September 30, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
පාතාලේ DON ‘රොහා’ අල්ලපු හැටි-මරපු හැටි EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අපේ රටින් පාතාලය සහ මත්කුඩු ජාවාරම අතුගා දැමීමට වත්මන් රජය බලයට පත්වූ මොහොතේ සිට දැක්වූයේ දැඩි උනන්දුවකි. සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සදහා කාර්ය සාධක බළකායක් පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කරන්නේද එබැවිනි. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බළකාය ස්ථාපිත කෙරෙන්නේ 2020 ජුනි මස 02 වෙනි අඟහරුවාදා නිකුත් කෙරුණු රජයේ ගැසට්පත්‍රය මගින් ප්‍රසිද්ධ කරමිනි. එම ගැසට්පත්‍රය නිකුත් ව හරියටම ගතවූයේ දින පහක් පමණි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වූ ගොනා කෝවිලේ රාජා මිනුවන්ගොඩ පොල්වත්තකදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මරු වැළඳ ගත්තේය.
පොලීසිය සඳහන් කරනු ලැබුවේ රාජා නැමැති එම සංවිධානාත්මක පාතාල අපරාධකරු පොල් වත්තේ පිහිටි පාළු නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව නිවස පරීක්ෂා කිරීමට යාමේදී ඔහු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමේදී වෙඩි වැදීමකට ලක්ව ඔහු මරුමුවට පත්වූ බවය.
පොලීසියේ කියැවීමට අනුව ගොනා කෝවිලේ රාජා මේ වන විට විදෙස්ගතව සැඟවී සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන ගොනා කෝවිලේ අංජුගේ ගෝලයෙකි. එහෙත් සැබෑ ලෙසම ඔහු ඒ වන විටත් අංජුගේ ගෝලයෙක්මදැයි ඇත්තේ ගැටලුවකි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු අංජුගෙන් කැඩී ඒ වන විටත් අංජුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගොනා කෝවිගේ රොහාට එක්ව සිටි බැවිනි. ඒ නිසාම අංජු සිය ගෝලයාගේ මරණය වෙනුවෙන් ඒ වන විටත් රුපියල් ලක්ෂ 25 ක ලන්සුවක් තබා තිබුණේය. ගොනා කෝවිලේ රාජා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වන්නේ එවන් පසුබිමක් තුළදීය.
ගොනා කෝවිලේ රාජාගේ ඉරණම එසේ පොලිස් වෙඩිල්ලකින් තීරණය කරන්නේ බස්නාහාර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පොලිස් කණ්ඩායමක් විසිනි.
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධව සිටි පාතාලයේ දෙවැන්නාට එරෙහිව පොලිස් වෙඩිල්ලක් නැවතත් පත්තුවන්නේ අගෝස්තු 11 වෙනිදාය. ඒ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වූ ෂොල්ටාටය. එම වෙඩිල්ලද පත්තුවන්නේ බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක පොලිස් කණ්ඩායමෙන්මය. පොලිස් අත්අඩංගුවට ගැණුනු ෂොල්ටා පොලිස් වෙඩි පහරට ලක්ව අවසන් ගමන් යන්නේ පොලීසිය කියන ආකාරයට අනුව අංගොඩ පැත්තේ සඟවා තිබුණු අවි ආයුධ තොගයක් පෙන්වන්නට ගොස් පොලීසියට බෝම්බයක් දමා ගසන්නට ගොසිනි.

කුඩු අංජු

පොලීසියෙන් වෙඩි කා මරු වැළඳ ගන්නා තෙවැනි පාතාල කල්ලි සාමාජිකයා වන්නේ චමියාය. ඔහුත් අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයෙකි. අංගොඩ ලොක්කාගේ කල්ලියේ වෙඩික්කරුවෙකි. කුලී ඝාතකයෙකි. හමුදාවෙන් පළාවිත් සිටි සෙබළෙක් වන ඔහුද පොලීසියෙන් වෙඩි කා මරුවැළඳ ගන්නේ ආයුධ පෙන්වීමට ගොසිනි. ගම්පහ කළුපාලම අසලදී ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව මරුවැළඳ ගන්නේ ආයුධ පෙන්වීමට යන අතරතුර ශරීර කෘත්‍යයක් කරන්නට ගොස් පොලීසියට පහරදෙන්නට ගොසිනි. ඒ ඉකුත් අගෝස්තු 22 වෙනිදාය. චමියාත් වෙඩි කන්නේ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ පොලිස් කණ්ඩායමකිනි.
පාතාලයේ සිව් වැන්නාද අගෝස්තු මාසයේ 28 වෙනිදා පොලිස් වෙඩි පහරකින් මරුමුවට පත්විය. ඔහු හංවැල්ල කේන්ද්‍රකරගෙන සිය පාතාල අධිරාජ්‍ය ගොඩ නගමින් සිටි ඉන්ද්‍රාය. නවගමුව පොලීසියේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ ඉන්ද්‍රා ද පොලිස් වෙඩි පහරකට ලක්වූයේ යැයි පොලීසිය කියන්නේ ආයුධ පෙන්වීමට යමින් සිටියදීය.
පොලීසියෙන් වෙඩි කා මරු වැළඳ ගත් මේ සිව් දෙනා අතර පාතාලයේ මහ එකෙකු නොවීය. මේ සිව් දෙනාම මහ එවුන්ගේ ගෝලයින්ය. මේ කාලය තුළ පාතාලයේ මහ එකෙක් මරුමුවට පත්වූයේ නම් ඒ අනුරාධපුරය හොල්ලාගෙන සිටි එස්.එෆ්. ලොක්කාය. ඉකුත් මහා මැතිවරණය පැවැති දින ඔහුට වෙඩි තබන්නේ අනුරාධපුර දහයියාව හංදියේදීය. පොලීසිය කියන්නේ නාඳුනන තුවක්කුරුවෙක් විසින් යතුරු පැදියකින් පැමිණ ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවකි. පොලීසියේ නිල ප්‍රකාශය වන්නේ එම වෙඩික්කරුවන් තවමත් හදුනාගෙන නොමැති බවය. වෙඩික්කරුවන් හදුනාගෙන ඒ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව අධිකරණයේ විභාගයට ගන්නා සෑම අවස්ථාවකදීම පොලීසිය පැත්තෙන් කියැවෙන්නෙකි.

එහෙත් එස්.එෆ්. ලොක්කාගේ ඝාතනයේ සැබෑව එය නොව, පොලීසිය මේ වන විටත් ඝාතකයා හඳුනාගෙන හමාරය. ඒ ගැන නිල වශයෙන් නම් පොලීසිය කිසිවක් කියන්නට යන්නේ නැත. ඒ එම ඝාතකයන් ගැන පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වමින් ඇති බැවිනි. එසේම එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය ඝාතකයෙක් සොයා ගැනීමට නොහැකි ඝාතනයක් වන්නටද ඇති ඉඩකඩද බොහෝය.
එස්.එෆ්. ලොක්කා හැරුණු කොට ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වන ප්‍රධානතම පාතාල කල්ලි නායකයා වන්නේ ගොනා කෝවිලේ රොහාය. ඔහු වෙඩි කන්නේ පොලීසියෙනි. ඒ ඉකුත් 24 වෙනිදා අළුයම් කාලයේදී මීගමුව කොච්චිකඬේ වෙරළ තීරයේ පාළු මඩුවකදීය. ඒ පොලීසිය අතින් මරුමුවට පත්වූ 05 වැනි පාතාල අපරාධකරු ලෙසිනි. පාතාලයට එරෙහිව පොලීසිය එතෙක් පත්තු කළ ඉහළම වෙඩිල්ල වන්නේ රොහාට තැබූ වෙඩිල්ලය. දරුණුම ගණයේ පාතාල කල්ලි නායකයෙක් වන රොහා ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙසද සැලකෙන්නෙකි. විශේෂත්වයක් වන්නේ රොහාද වෙඩි කන්නේ බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම අතින් වන බැවිනි.
පොලීසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව රොහා සූදානම්ව සිට ඇත්තේ මීගමුව වෙරළින් බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා යන්නටය. කොච්චිකඬේට ඔහු එන්නේ ඒ සඳහා සූදානමිනි. පෙර දින රාත්‍රියේ පැමිණි ඔහු නවාතැන් ගන්නේ වෙරළට කිට්ටුව පිහිටි ගොඩනැගිලි ඉදිරකිරීම් ස්ථානයක කම්කරුවන් පිරිසක් විසින් රැදී සිටි තාවකාලික වාඩියකය. රොහාගේ ආරක්ෂාවට අවිගත් ගෝලයින් දෙදෙනෙක්ද එම ස්ථානයේ රැඳී සිට ඇත. පොලීසිය කියන ආකාරයට අනුව ඒ එක් අයෙක් අත ටී 56 වර්ගයේ ගිනි අවියක්ද තිබී ඇත. ඔවුන් දෙදෙනා සිට ඇත්තේ වාඩිය පිටතය. රොහා සිට ඇත්තේ වාඩිය ඇතුළේය. ඒ බෝට්ටුව පැමිණි පසු ඒ ගැන සංඥාව ලද වහාම ගොස් ඊට ගොඩවීමට සූදානමිනි.


පොලීසියේ නිල ප්‍රකාශයට අනුව කියැවෙන්නේ රොහා ඉන්දියාවට පළායාමට සූදානමින් කොච්චිකඬේට පැමිණ එම වාඩියේ රැඳී සිටින බව බස්නාහාර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම දැන ගන්නට ලැබී ඇත්තේ ඔත්තුකරුවෙකුගෙනි. එම ඔත්තුකරුගේ මග පෙන්වීම යටතේ රොහා කොටුකර ගැනීමේ මෙහෙයුම දියත්වන්නේ 24 වෙනිදා අළුයම් කාලයේදීය. වාඩියේ පිටත රොහාගේ ආරක්ෂාවට සිටි ගෝලයින් දෙදෙනා පොලීසිය දැක දිව ගියේ යැයි කියන්නේ ටී 56 අවියද විසිකර දමාය. වාඩිය ඇතුළේ සිටි රොහා පොලීසිය දෙසට වෙඩි තැබුවේ යැයි කියන්නේ පොලීසිය වාඩිය පරීක්ෂා කිරීමට ඒ තුළට ඇතුළුවන අවස්ථාවේදීය. එම වෙඩිල්ලෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු හානියක් නොවූවත් පොලීසියේ ප්‍රතිප්‍රහාර හමුවේ රොහා අවසන් හුස්ම හෙළන්නේ එතැනමය. රොහා පොලීසියට වෙඩි තැබුවේ යැයි කියන ගිනි අවියද එතැන තිබී පොලීසිය සොයාගෙන තිබුණේ නඩු භාණ්ඩයක් ලෙසිනි.
ලංකාවේ අංක එකේ පාතාල කල්ලි නායකයෙක් වන ගොනා කෝවිලේ රොහා එසේ පොලිස් වෙඩි පහරකින් මරුවැළඳ ගැනීමට දින කිහිපයකට පෙර රොහාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ගොනා කෝවිලේ අංජු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබී ඇත්තේ රොහා අවසන් බවය. එම සටහන රොහාගේ මරණය සිදුවන විට ෆේස් බුක් ගිණුමෙන් ඉවත්ව යමින් ඔහු සමරන්ගේ රොහාගේ මරණයේ ප්‍රීතියයි. ඒ රොහාව ඝාතනය කිරීමට ඔහු සිය ගෝලයින් යොදා කිහිප අවස්ථාවක්ම උත්සහ ගත්තද ඒ සෑම අවස්ථාවකදීම රොහාට ජීවත්වීමේ වාසනාව උදාවී තිබුණු බැවිනි. අවසානයේදී ඔහු රොහාගේ ජීවිතය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ලන්සු තැබුවේ ඇමරිකාව විසින් ඔසමා බින් ලාඩන්ට තැබූ ලන්සුවට සමාන ලෙසිනි. ඒ කවුරුන් විසින් රොහාව මරා දැමුවත් ඒ මුදල ඔහුට ලබාදෙන බවටය.
රොහාගේ මරණය විදේශගතව සිට අංජුට දැන ගන්නට ලැබී ඇතැයි කියැවෙන්නේ අපේ රටේ ජනමාධ්‍යටත් කලියෙනි. රොහාගේ මරණය ගැන කල්තියා ඉව වැටී තිබුණු නිසාදෝ අංජු සිය ගෝලයින් රතිඤ්ඤා දැල්වීමට පවා සූදානම් කර තිබුණේය. ජනමාධ්‍ය මගින් 24 වෙනිදා උදෑසන රොහාගේ මරණය කියැවෙන විට රොහාගේ ගෝලයින් රත්මලාගේ ගොනා කෝවිල ගිගුම් දෙන්නට රතිඤ්ඤා දල්වන්නේ රබන්ද ගසමිනි. අනතුරුව ඔවුන් මරණයේ උණුසුම පහව යන්නට මත්තෙන් කිරිබත්ද පිස රොහාගේ මරණය සමරන්නේ මගුලක් ලෙසිනි. ඒ සියල්ල සිදුවන්නේ අංජුගේ සහ අංජුගේ සෙවනැල්ල බදු ධර්මෙගේ නියෝගයෙනි. අංජු මෙන්ම ධර්මේ සිටින්නේද විදේශයකය. බුද්ධි අංශ තොරතුරුවලට අනුව ඔහු සිටින්නේ ඩුබායිහීය. අංජු සිටින්නේ ප්‍රංශයේය. සිය බිරිඳ සහ දරුවන් සමග අංජු ප්‍රංශයට යන්නේ ඩුබායි සිටය. මෙරට පාතාලය ඔහු හසුරුවන්නේ තනිකරම ජංගම දුරකතනයෙනි. එසේම ඔහුද මත්කුඩු ජාවාරමේ නිරතවන්නේ මහා පරිමාණයෙනි. ඒ රොහා සමග තරගයටය.

ධර්මේ ඩුබායි පනින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රංජන් සිල්වාට 2018 වසරේ මැයි 24 වෙනිදා වෙඩි තබා ඝාතනය කරමිනි. එම ඝාතනය සිදුවන විට අංජු සිටින්නේ ඩුබායි හීය. ධනංජයගේ පියාට ධර්මේ විසින් වෙඩි තබා මරා දමන්නේ අංජුගේ නියෝගයකටය. ඒ රොහා සමග ඔහු හිතවත්කම් පෑම නිසාය. ධනංජයගේ පියා මරුමුවට පත්වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගල්කිස්ස රත්මලාන මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. ධනංජයගේ වැඩිමහල් සහෝදරයාද දේශපාලනයේ නිරතවන්නෙකි. එදා අංජුගේ ඉලක්කය වූයේ ධනංජයගේ පියා පමණක් නොව, ධනංජයගේ සහෝදරයාද සිටියේය. පියාගේ මරණින් පසු ඒ තැන සිටින්නේ ධනංජයගේ සහෝදරයාය. මෑතකදී අංජුගේ ගෝලයින්ගෙන් ඔහුට නැවත තර්ජන එල්ලවී තිබුණේය. ඒ ඉකුත් මහා මැතිවරණයේදී අංජුගේ සහය හිමි වූ අපේක්ෂකයාට ධනංජයගේ සහෝදරයාගේ සහය හිමි නොවූ බැවිනි. විශේෂත්වයක් වන්නේ අංජු සහය දැක්වූ අපේක්ෂකයාත් ධනංජයගේ සහෝදරයා සහය දැක්වූ අපෙක්ෂකයාත් එකම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නන් වූ බැවිනි. කෙසේ වෙතත් මේ වන විට ධනංජයගේ සහෝදරයා සිටින්නේ අංජුගෙන් එල්ලවූ ජීවිත තර්ජනයක් හමුවේය. එදා ධනංජයගේ පියාව අංජු විසින් මරා දමන්නේ දේශපාලනික වශයෙන් ධනංජයගේ පියා ඔහුට තර්ජනයක් වනු ඇති බව අනුමාන කරමිනි. දැන් ධනංජයගේ සහෝදරයාටද තර්ජන එල්ලවන්නේ බලයේ සිටින වත්මන් ආණ්ඩුව ධනංජයගේ සහෝදරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය වන බැවින් එම දේශපාලන බලය ඔහු අංජුට එරෙහිය යොදා ගනීවි යැයි සිතාගෙන වන්නටද පුළුවනි. මේ සියල්ලටම මුල රොහා සහ අංජු අතර ඇති ගැටුමය. රොහා අංජුගේ ගෝලයන්ට දුටු තැන සිය ගෝලයින් යොදා වෙඩි පත්තුකරයි. අංජුද සිය ගෝලයින් යොදා රොහාගේ ගෝලයින්ට වෙඩි පත්තුකරයි. මේ දෙපැත්තේ ගැටුමෙන් මේ වන විට පරලොව ගොස් ඇති පිරිස 25 කට වැඩිය. ඒ අතර නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් සිටිති.
මේ අකාරයට මිනී මරා ගනිමින් රොහා සහ අංජු අතර මෙතෙක් කලක් පැවැතියේ ජම්මාන්තර වෛරයකි. ඊට මුල්වන්නේ රොහා විසින් අංජුගේ වැඩිමහල් සහෝදරයා වූ ලන්සියාව වෙඩි තබා මරා දැමීමය. එම ඝාතනය සිදුවන්නේ කඩවත පිහිටි මහර අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී 2016 වසරේ ජූනි 30 වෙනිදාය. රොහා සහ ඔහුගේ සමීපතම ගෝලයෙක් වූ බයිසිකල් බේබි නැමැත්තා සමග එක්ව වෙඩි තබා ලන්සියාව මරා දමන්නේ ටී 56 අවියකින් වෙඩි වර්ෂාවක් එල්ලකරමිනි. මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ ලන්සියා එදා මහර උසාවියට යන්නේ මත්කුඩු නඩුවකට පෙනී සිටින්නටය.
එදා එසේ ලන්සියාව මරා දැමූ රොහා ඒත් එක්කම තවත් ඉලක්කයක් ගන්නට මාන බැලුවේය. ඒ ලන්සියාගේ සහෝදරයා වූ අංජුවය. ඒ වන විට පාතාලයට හෝ සිය සහෝදරයාගේ මත්කුඩු ජාවාරමට අංජුගේ කිසිදු සම්බන්ධයක් නොවීය. සහෝදරයාගේ ඝාතනයෙන් පසු අනාරක්ෂිත වූ අංජු සිය ජීවිතාරක්ෂාව පතා පැන ගන්නේ මලයාසියාවටය. සිය සහෝදරයාව මරා දමා තමාවත් මරා දමන්නට සුදානම් වූ රොහාගෙන් පලිගන්නට අංජු සිතන්නේ මලයාසියාවේ සිටය. ඊට ඔහුට හයියක් වන්නේ ධර්මේය. ඔහු ලන්සියාට කිට්ටුවන්තයෙක් විය. ලන්සියගේ තැන අංජුට දෙමින් අංජු වටා ලන්සියාගේ කණ්ඩායම ශක්තිමත් කරන්නේ ධර්මෙය. මලයාසියවේ රැඳෙමින් අංජු සිය සහෝදරයාගේ තැන ගනිමින් එතැන් සිට සිහින දකින්නේ රොහාගේ මරණ සිදුවන හැටි දකින්නටය. රොහාගේ ගෝල බාලයින්ට පන්න පන්නා වෙඩි තබා මරා දැමුවා පමණක් නොව, රොහාගේ මත්කුඩු ජාලයද බිඳ දමමින් රත්මලානේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයද අංජුගේ අතට ගත්තේය. වැඩි කල් නොගොස් අංජු පාතාලයේ ප්‍රබලයෙන් ලෙස ශක්තිමත් වන විට රොහා සිටියේ නිහඬවය. ඒ රොහා නිහඬව වැඩ පෙන්වන්නෙක් වූ නිසාය.
කෙසේ වෙතත් ඝාතන උත්සාහ කිහිපයකින්ම බේරුණු රොහා කාටත් හොරා ඇප ලබා ඉන්ධනාගරයෙන් එළියට එන්නේ පසුගිය පෙබරවාරියේදීය. ඔහු සූදානම් වන්නේ කාටත් හොරා රටින් පළා යන්නටය. ඒ බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොස් එතැනින් යුරෝපීය රටකට යන්නටය. ඒ අංජු විසින් තමාගේ මරණය වෙනුවෙන් වෙන්කර ඇති කෝටි 05 ට කෑදර වී සිටින්නන් බොහෝ දෙනෙක් තමාව ඉලක්කරමින් සිටින බව දැනගෙනය.
එහෙත් ඔහුට ඒ ගමනට බාධාවක් වන්නේ මුලු ලොවම වෙලා ගත් කොවිඞ් 19 වෛරසය නිසාය. එබැවින් ඔහු හීන් සීරුවේ බදුල්ලේ පැත්තේ තමාට හිතවත් දේශපාලනඥයකුට කිට්ටු වී ඉකුත් මහා මැතිවරණය අවසන් වන තුරු ඔහුගේ රැකවරණයේ රැඳී සිටියේ දේශපාලනයේද නිරත වෙමිනි. ඒ අතර ඔහු ඉන්දියාවට පළා යාමට සියල්ල සූදානම් කළේය. පොලිස් වෙඩි පහරින් රොහා කොච්චිකඬේදී මරණයට පත්වූ පසු ඔහු රැඳී සිටි ස්ථානය සෝදිසිකර පොලීසිය සොයා ගත්තේ යැයි කියැවුණු ඉන්දියානු රුපියල් ලක්ෂ 03ක මුදල් පවා ඔහු ඒ ගමනට සූදානම් කරගෙන තිබූ ඒවා වන්නට පුළුවනි. එම මුදල් නෝට්ටු අලුත්ම ඒවාය. ඊට අමරතව ශ්‍රී ලංකා මුදල්ද රුපියල් 5000 බණ්ඩලයක් එහි තිබී පොලීසිය සොයාගෙන තිබුණේය. එම නෝට්ටුද අලුත්ම නෝට්ටුය. ඒවාගේ සුවඳ පවා නැවුම් ලෙසම පැවතුණි.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇප මත නිදහස ලැබීමේ මොහොත් සිට ඉකුත් 24 වෙනිදා ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වන තුරුම රැඳී සිටියේ කොහේදැයි නිශ්චිතවම කිසිවක් පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ නැත. එහෙත් රොහා බදුල්ල බණ්ඩාරවෙල සහ නුවරඑළිය පැත්තේ නම් වැඩිපුර කරක් ගසමින් සිටි බව නම් අංජු හොඳාකාරවම දැන සිටියේය. ඝාතනය වීමට මසකට පෙර රොහා වැඩිපුරම ගැවසී තිබුණේ නුවරඑළියේය. ඒ බව අංජු තමාට හිතවත් පොලිස් කණ්ඩායමකටද කිව්වේය. අංජුගේ තොරතුරු ඔස්සේ යමින් එම පොලිස් කණ්ඩායම නුවරඑළියේ රොහා ගොඩවූ ඔසුසලකට සවිකර තිබුණු ආරක්ෂක කැමරාවක් පරීක්ෂා කර එහි පැමිණි රොහාව හඳුනා ගත්තේය. රොහාගේ මරණයත් සමග එම ආරක්ෂක කැමරා පද්ධතියෙන් ලබාගත් දර්ශන එළියට එන්නේ අංජුගේ මුහුණු පොත හරහාය. මෙරට සියලු ජනමාධ්‍ය පරයා යමින් රොහාගේ මරණයේ ඡායාරූප පවා එළියට එන්නේ අංජුගේ මුහුණු පොතිනි. එපමණක් නොව, යම් පහරදීමකට ලක්ව මුහුණ රතු වී ඉදිමී බියට පත්ව සිටින රොහාගේ ඡායාරූප දෙකක්ද රොහා සිය මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර තිබුණේය. මේ සියලු ජායාරූප සහ වීඩියෝ පට නිකුත් කරමින් සිය ශක්තිය පෙන්වමින් අංජු විසින් රොහාගේ ගෝලයින්ට යම් අනතුරු ඇඟවීමක්ද සිය මුහුණු පොත හරහා කර තිබුණේය. ඒ රොහාගේ මළ සිරුර රත්මලානට රැගෙන නොයන ලෙසය. රොහාගේ මරණින් උද්දාමයට පත්ව සිටින අංජු ඇතුළු ඔහුගේ කණ්ඩායම 24 වෙනිදා දවස පුරාම රත්මලානේ වෑන් රථවල කරක් ගසමින් ලක්ෂ ගණනක රතිඤ්ඤා දල්වා තිබුණේ ජනතාවටද හිරිහැරයක් වන ලෙසිනි. රොහාගේ මරණය වෙනුවෙන් කොඩිවැල් පවා එල්ලීම රත්මලානේ තහනම් කරමින් අංජුගේ ගෝලයින් දැන් රොහාගේ ගෝලයින්ට පහර දෙන්නට පටන්ගෙන ඇත්තේ එළව එලවාය.
රොහාගේ මරණින් පසු මත්කුඩු ජාවාරම ඇතුළු සියලුම අපරාධවලින් ඈත්ව ආයුධ බිම දමා දැහැමි ජීවිතයක් ගතකරන බවට අංජු සහ ඔහුගේ සගයා වන ධර්මේ මෙයට මාස දෙකකට පෙර සිය මුහුණු පොත් හා යූ ටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රකශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණත් රොහාගේ මරණින් පසු අංජුගේ කල්ලියේ ඇති උද්දාමයට අනුව නම් එය එසේ නොවන බව නම් පැහැදිලිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

වලා සළු විමනක ආදරේ විඳින්න එන්න

Next Post

මෛත්‍රීපාලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.